UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාවට සමගාමීව ඌර්ම රෝම ධාතුන් වහන්සේ වැඩ සිටින මිහින්තලා මහා සෑයේ තීන්ත ආලේප කිරීමේ පින්කම ලේක්හවුස් ආයතනයේ දායකත්වයෙන් ඉකුත් දා (05) ආරම්භ කැරිණි. මිහින්තලා රජමහා විහාරාධිපති වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් එම පින්කම පැවැත්විණි. අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිය, සාමය සහ දක්ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක මහතා, ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා, උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතා ඇතුළු ලේක්හවුස් සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ කාවන් රත්නායක මහතා සහ සාමාන්‍යාධිකාරී අභය අමරදාස, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අලෙවි) ලාල් පෙරේරා, ප්‍රචාරක මහජන සම්බන්ධතා කළමණාකාර ශාන්ත ජයමහ මහත්වරු සහ ශ්‍රීලංකා ගුවන් හමුදාවේ නිලධාරීන් ඇතුළු පිරිසක් ඊට සහභාගිවූහ.ආරාධිත පිරිස බුද්ධ වන්දනාවේද යෙදිණි.
 

 

ශී‍්‍ර බුද්ධවර්ෂ 2560 රාජ්‍ය වෙසක් උත්සවය නයිගල පුරාණ රාජමහා විහාරස්ථානයේදී

ප්‍රධාන උත්සවය ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් 22වනදා:

මැයි මස 18 සිට මැයි මස 24 වන දින දක්වා රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වේ. තේමා පාඨය ‘වෙසක් අසිරිය විඳගමු සිතින් වැළකෙමු මතින්” යනුවෙනි. රාජ්‍ය වෙසක් උත්සවය මෙවර හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඓතිහාසික නයිගල පුරාණ රාජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගෙන පවත්වනු ලැබේ. එහි සමාරම්භක මොහොත ඓතිහාසික වටිනාකමක් ඇති කසාගල රාජමහා විහාරස්ථානයේදී මැයි මස 18 වන දින පැවැත්වේ. එහිදී කුල දරුවන් 35 දෙනෙකු සසුන්ගත කිරීම සිදුවේ.

ඉතිරිය»

 

  වෙසක් පුර පසළොස්වක පෝය

  වෙසක් පුර පසළොස්වක පෝය මැයි 21 වන දා සෙනසුරාදා පූර්ව භාග 12.42 ට ලබයි. 22 වන දා ඉරිදා පූර්වභාග 02.44 දක්වා පෝය පැවැත්වේ. සිල් සමාදන්වීම මැයි මස 21 වනදා සෙනසුරාදාය. 

මීළඟ පෝය මැයි 29 වනදා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 21

Second Quarterඅව අටවක

මැයි 29

Full Moonඅමාවක

ජුනි 04

First Quarterපුර අටවක

ජුනි 12


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]