UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශී‍්‍ර බුද්ධවර්ෂ 2560 රාජ්‍ය වෙසක් උත්සවය නයිගල පුරාණ රාජමහා විහාරස්ථානයේදී

ප්‍රධාන උත්සවය ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් 22වනදා:

මැයි මස 18 සිට මැයි මස 24 වන දින දක්වා රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වේ. තේමා පාඨය ‘වෙසක් අසිරිය විඳගමු සිතින් වැළකෙමු මතින්” යනුවෙනි. රාජ්‍ය වෙසක් උත්සවය මෙවර හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඓතිහාසික නයිගල පුරාණ රාජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගෙන පවත්වනු ලැබේ. එහි සමාරම්භක මොහොත ඓතිහාසික වටිනාකමක් ඇති කසාගල රාජමහා විහාරස්ථානයේදී මැයි මස 18 වන දින පැවැත්වේ. එහිදී කුල දරුවන් 35 දෙනෙකු සසුන්ගත කිරීම සිදුවේ.

ඉතිරිය»

ගංගාරාම විහාරස්ථානය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය ඒකාබද්ධව සංවිධානය කරන බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍යය

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය ඒකාබද්ධව බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍යය සංවිධානය කෙරේ. කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය ඒකාබද්ධව සංවිධානය කරන බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍යය මැයි මස 21, 22, 23, 24, 25 දිනයන්හිදී ගංගාරාම විහාරස්ථානය අරලියගහමන්දිරය බේරේවැව, වටරවුම් පාර, බේරේවැව ආශි‍්‍රතව වෙසක් මංගල්‍ය පැවැත්වේ. බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍යය ගංගාරාමාධිපති ගල්බොඩ ඤාණිස්සර නාහිමියන්ගේ (ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝ )උපදෙස් පරිදි පැවැත්වේ.

ඉතිරිය»

ලේක්හවුස් බැතිගී මෙවරත්

ලේක්හවුස් ආයතනය සංවිධානය කරන බොදු බැතිගී ප්‍රසංගය ලේක්හවුස් මන්දිරය අබියසදී මෙම මස 21,22 දෙදින පැවැත්වේ. 21 වන දා සහ 22 වන දා පස්වරු 6.30 ට ලේක්හවුස් සේවක සේවිකාවන් ඉදිරිපත් කරන බැති ගී ගායනා සහ අනතුරුව ටවර් හෝල් පදනම ඉදිරිපත් කරන බොදු බැති ගී ද ප්‍රකට ගායක ගායිකාවන් ඉදිරිපත් කරන බුදු බැති ගී ද ලේක්හවුස් මන්දිරය අබියසදී පැවැත්වේ. එම අවස්ථාවට පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා ද සහභාගි වේ. 21,22 දෙදින තුළ ලේක්හවුස් බෞද්ධ සංගමය මෙහෙයවන කඩල සහ කොත්තමල්ලි දන්සල ද පැවැත්වේ.ලේක්හවුස් පරිශ්‍රය විදුලි ආලෝකයෙන් ඒකාලෝක කෙරෙනු ඇත.

ඉතිරිය»

ධර්ම දේශනාව:

සසර සයුරෙන් එතෙර වෙමු

“සත්වයාගේ නැවත නැවත ඉපදීම දුකකි. එබැවින් මේ ආත්මභාවය නමැති ගෙය සාදන වඩුවා සොයා නොදැක, නොයෙක් ජාතීන්හි ඉපිද බොහෝ කල් සසරේ ඇවිද්දෙමි. මේ ආත්මභාවය නමැති ගෙය සාදන වඩුව මම තා දුටුවෙමි. නැවත මේ ගෙය නොසෑදිය හැකිය. තාගේ සියලු කෙලෙස් නමැති පරාල බිඳ දැමූවෙමි. එහි කැණිමඬල සුනු විසුණු කළෙමි. මාගේ සිත නිවනට පැමිණියෙහිය. තෘෂ්ණාව මුළුමනින්ම කෙළවර කොට රහත් වීමි. නිවන පසක් කර ගතිමි.”මනුෂ්‍යයාගේ භවගාමී ජීවිත ස්වභාවය වන ඉපදීම, දිරීම, ලෙඩවීම, මියයාම, ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ දෝමනස්ස යනාදී වශයෙන් පඤ්චුපාදානස්කන්ධය ම දුකකි. එය සනාතන ධර්මතාවයකි. එහි පැවැත්ම නිරන්තර ජරා, මරණ, දුකට හේතු වේ. අනිත්‍ය වූ මේ ස්කන්ධාදියේ පැවැත්ම දුකකි.නැවත නැවත ඉපදීම ඇති කරන කාම තණ්හාව, භව තණ්හාව, විභව තණ්හාව යන තෘෂ්ණාවන් ප්‍රහාණය කළ යුතුය.

ඉතිරිය»

අසිරිමත් සිදුවීම්වලින් සපිරුණු වෙසක් පුන් පොහොය

“බුද්ධ” යන හඬ තරම් දුර්ලභ වූත් මිහිරි වූත් සැප දායක වූත් වෙනත් හඬක් තුන් ලොවෙහිම නැත. ඒ බුද්ධ හෙවත් බුදුන් යනුවෙන් හඳුන්වන අති උතුම් මනුෂ්‍යරත්නය ලෝකයේ පහළ වූයේ වෙසක් පුන් පොහෝ දිනක වීම නිසා අද ලෝකවාසී හැට කෝටියකට අධික බෞද්ධ ජනතාව මහත් සේ පී‍්‍රතියට පත්ව තමන් ලබා ගත් මනුෂ්‍ය ජීවිතයෙන් උසස් ප්‍රතිඵල ලබා ගැනීම සඳහා ක්‍රියා කරන බව පැහැදිලිය.  අතීතයෙහි ලොව පහළවී වැඩ සිටි දීපංකර සම්බුදුරදුන් ප්‍රධාන සංඝරත්නය රඹගම් නම් පුරයට වැඩමවද්දී පඤ්චාභිඥා සහ අෂ්ට සමාපත්ති උපදවා සිටි සුමේධ නම් තාපසයා මහ මඩෙහි බිම දිගා වී බුදුරදුන් ප්‍රධාන සංඝ රත්නය මගේ පිට මතින් වඩිත්වා යි අදිටන් කොට විසීය. මේ තවුසන් වෙත දිවැස් යොමු කළ දීපංකර බුදුහු මෙයින් සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් කල් ගෙවෙත්ම ගෞතම නමින් තවුසා සම්බුදු පදවියට පත්වන බව දැන නියත විවරණ දුන්හ. අප ගෞතම බුදුරදුන්ට මේ උතුම් ප්‍රථම නියත විවරණය දෙන ලද්දේ වෙසක් පුනු පොහෝ දිනකය.

ඉතිරිය»

සිතුවම - ශ්‍රීලාල් නානායක්කාර

 

  වෙසක් පුර පසළොස්වක පෝය

  වෙසක් පුර පසළොස්වක පෝය මැයි 21 වන දා සෙනසුරාදා පූර්ව භාග 12.42 ට ලබයි. 22 වන දා ඉරිදා පූර්වභාග 02.44 දක්වා පෝය පැවැත්වේ. සිල් සමාදන්වීම මැයි මස 21 වනදා සෙනසුරාදාය. 

මීළඟ පෝය මැයි 29 වනදා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 21

Second Quarterඅව අටවක

මැයි 29

Full Moonඅමාවක

ජුනි 04

First Quarterපුර අටවක

ජුනි 12


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]