UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

“බුද්ධාංජලී” වෙසක් වැඩසටහන බුද්ධගයාවේ දී


“බුද්ධාංජලී” වෙසක් වැඩසටහන බුද්ධගයාවේ දී

පානදුර අළුබෝමුල්ල හොරණ පාර නො. 343 බෙස්ට් ලයිෆ් වන්දනා අංශය මගින් බුද්ධගයා පුදබිමේදී ලාංකීය බැතිමතුන් දහසකට අධික පිරිසකගේ සහ ඉන්දියාව ඇතුළු විවිධ රටවල බෞද්ධ සැදැහැවතුන්ගේ සහභාගිත්වයෙන් හා අකුරටියේ නන්ද නාහිමියන්ගේ අනුශාසනා පරිදි මැයි 20,21,22 දිනයන්හිදී “බුද්ධාංජලී” වෙසක් වැඩසටහන් පැවැත්වේ.

බෙස්ට් ලයිෆ් වන්දනා අංශයේ ප්‍රධාන සංවිධායක හා කැඳවුම්කරු දේශමාන්‍ය ආචාර්ය කලා කීර්ති ශ්‍රී දමින්ද උපාලි ප්‍රනාන්දු මහතා වේ. වැඩි විස්තර ජයනාත් හීන්කෙන්ද මහතාගෙන් 0778382051 න් ලබාගත හැකිය.

දඹදිව බුද්ධගයාවේදී පැවැත්වෙන බුද්ධාංජලී වෙසක් වැඩ සටහනට බුද්ධගයා පුදබිම සහ ඒ අවට අලංකාරවත් කිරීම, 20 වනදා සවස 5ට වජිරාසනය අසලදී විශේෂ ගිලන්පස පූජාවක්ද පැවැත්වේ. පෝදා පෙරවරු 5 ට බුද්ධගයා විහාරය දක්වා මහ බෝධියේ සිට කිරිපිඬු පූජා පෙරහර පිටත්වේ. උදේ සීල සමාදානය 7-8.30 දක්වා සත්සති වන්දනාවද 9-10 වජිරාසනය අසලදී විශේෂ දහම් දෙසුමක්ද 10.30 මැති ඇමැතිවරුන්ගේ සහභාගිත්වයෙන් මහාබෝධි විහාරයේදී සංඝගත දක්ෂිණාවද 2-3.30 දක්වා ශ්‍රී මහා බෝධි මූලයේදී තෙමගුල් වන්දනාවද 4-5.30 දක්වා බෝමැඩ අසලදී වජිරාසන වන්දනාවක්ද සවස 6 සර්වඥ ධාතු ප්‍රදර්ශනය ද 22 උදේ 9 ට දහම් පාසල් සිසුදරුවන් 1500කට පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් බුද්ධගයා මහමෙව්නා භාවනා අසපුවේදී සිදු කෙරේ.


 
 

  වෙසක් පුර පසළොස්වක පෝය

  වෙසක් පුර පසළොස්වක පෝය මැයි 21 වන දා සෙනසුරාදා පූර්ව භාග 12.42 ට ලබයි. 22 වන දා ඉරිදා පූර්වභාග 02.44 දක්වා පෝය පැවැත්වේ. සිල් සමාදන්වීම මැයි මස 21 වනදා සෙනසුරාදාය. 

මීළඟ පෝය මැයි 29 වනදා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 21

Second Quarterඅව අටවක

මැයි 29

Full Moonඅමාවක

ජුනි 04

First Quarterපුර අටවක

ජුනි 12


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]