UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

නයිගල පුරාණ රාජමහා විහාරය

ශ්‍රී බුද්ධ වර්ෂ 2560 වන රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වෙන නයිගල පුරාණ රාජමහා විහාරය

ක්‍රි.පූ. තෙවැනි සියවසේ දී අනුබුදු මිහිඳු මා හිමියන් ප්‍රමුඛ භික්ෂූන්ගේ මූලිකත්වයෙන් මිහින්තලය හා අනුරාධපුරය මුල් කරගනිමින් බුදුදහම ව්‍යාප්ත කරලීමේ වැඩපිළිවෙලක් දියත් විය. එහි ප්‍රතිඵලයක් ලෙසින් කෙටි කලක් තුළ ලංකාවේ අනෙකුත් ප්‍රදේශවල මෙන්ම රෝහණයේ ද බුදු දහම එම වකවානුව තුළ දී ම පැතිර ගිය බව ඇති අභිලේඛන සාක්ෂිවලට අනුව සඳහන් කළ හැකිවේ.  බෝවත්තේගල හා කොටාදැමුහෙළ ඇති අභිලේඛනවලින් හෙළි දැක්වෙන දසභාතික පාලකයන් මෙන්ම මහා වංශයේ සඳහන් මහනාග පරපුරේ පාලකයන් විසින් ද රෝහණයේ භික්ෂු වාසස්ථානයක් ඉදි කරමින් බෞද්ධාගම මේ ප්‍රදේශය තුළ ව්‍යාප්ත කරලීමට මහත් කාර්යභාරයක් ඉටුකර තිබේ. එලෙසින් රෝහණයේ ඇති වූ බෞද්ධ පූජනීය ස්ථානයන් අතර හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගිරුවාපත්තුවේ පිහිටි නයිගල පුරාණ රාජමහා විහාරයට සුවිශේෂත්වයක් හිමිවේ. මහානාග, ගෝඨාභය රජුන් විසින් මෙම ස්ථානය ගොඩනංවන ලද බව ජනප්‍රවාදයේ එයි. දැනට මෙම ස්ථානයේ දක්නට ලැබෙන පුරා විද්‍යාත්මක සාක්ෂි විභාග කරන කල්හි අතීතයේ සිට වර්තමානය දක්වා ම රෝහණයේ ආගමික සමාජයීය හා සංස්කෘතික කාර්යයන් ඉටුකරලීමේ දී වැදගත් වූ ස්ථානයක් ලෙසින් හා බෞද්ධ ජනයාගේ ප්‍රසාදයට බඳුන් වූ ස්ථානයක් ලෙසින් ද නයිගල පුරාණ රාජමහා විහාරය සඳහන් කිරීම නිවැරදිය.

ඉතිරිය»

 

  වෙසක් පුර පසළොස්වක පෝය

  වෙසක් පුර පසළොස්වක පෝය මැයි 21 වන දා සෙනසුරාදා පූර්ව භාග 12.42 ට ලබයි. 22 වන දා ඉරිදා පූර්වභාග 02.44 දක්වා පෝය පැවැත්වේ. සිල් සමාදන්වීම මැයි මස 21 වනදා සෙනසුරාදාය. 

මීළඟ පෝය මැයි 29 වනදා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 21

Second Quarterඅව අටවක

මැයි 29

Full Moonඅමාවක

ජුනි 04

First Quarterපුර අටවක

ජුනි 12


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]