UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සිත නිවෙන පිළිවෙතෙහි යෙදෙන්න


සිත නිවෙන පිළිවෙතෙහි යෙදෙන්න

බොහෝ දෙනාගේ හිත සුව පිණිස ලෝකයාට අනුකම්පාව පිණිස දෙවි මිනිසුන්ගේ යහපත පිණිස ලොව පහළ වන ශ්‍රේෂ්ඨතම උතුමාණෝ අර්හත් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේය. එවන් බුදුරජාණන් වහන්සේ කෙනෙකුන්ගේ ලොව පහළ වීම අති දුර්ලභ කරුණකි. අද මේ උතුම් වෙසක් පොහෝ දින අපි අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල ඉමහත් සැදැහැයෙන් අනුස්මරණය කරමු. වැඩි දෙනෙක් ඒ සඳහා ආමිෂ පූජා වලම යෙදෙති. ආමිෂ පූජාවෙන් බුදුන් දැකිය නොහේ. “යො ධම්මං පස්සති - සො මං පස්සති” යි බුදුරදහු වදාළහ.

’යමෙක් ධර්මය දකීනම් හේ මා දකී’ යන බුදු වදනට අනුව අප ධර්මය තුළින් බුදුරදුන් දැකීමට උත්සාහවත් විය යුතු වේ. අවම වශයෙන් අපි නව අරහාදී බුදුගුණයන් තුළින් බුදුරදුන් දැකීමට උත්සාහ කළොත් අප තුළ ද රහසින් වත් පව් නොකළ බුදුරදුන්ගේ ශ්‍රාවකයකු වන මා ද පවින් වෙන් විය යුතු ය. සිව් සස් ඉක්මණින් අවබෝධ කර ගැනීමට උත්සාහ ගත යුතුය. ප්‍රඥාවෙන් හා යහපත් චරණයෙන් යුක්ත විය යුතු ය. සොඳුරු වදන් ඇති කෙනෙකු විය යුතු ය.ලෝකය ඇති සැටියෙන් දැන ගැනීමට ක්‍රියා කළ යුතු ය. සැඩ පරුෂකම් කරුණාවෙන් මැඬලිය යුතුය. සසර කතරෙන් එතෙර වීමට ක්‍රියා කළ යුතුය. බුදුමඟ යමින් ධර්මය අවබෝධ කර ගැනීමට කටයුතු කළ යුතු ය. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් නිවන් ක්ෂාත් කර ගැනීමට උත්සුක විය යුතුය යන අදිටන තමන් තුළ ජනිත වේ. මෙලෙස බුදුගුණ දැන යමෙක් මට වෙන සරණක් නැත. මට ඇති උතුම්ම සරණ බුදු සරණයි පිළි ගෙන බුදුසරණ ගියොත් හේ කිසිවිට අපායට නොයෙති. ‘යේ කේචි බුද්ධං සරණං ගතාසේ - න තෙ ගමස්සන්ති අපායං’ යැයි ඒ බව බුදුරදහුම වදාළහ. වෙසක් දින සිදු කෙරෙන කටයුතු බොහෝමයකින් රාග, ද්වේෂ, මෝහ, වැඩි වනු මිස ඒවා සමනය නොවේ. අද අපේ පිළිවෙත විය යුත්තේ රාග, ද්වේෂ, මෝහ, සමනය වන සිත නිවෙන පිළිවෙතක යෙදීමයි. එය සියලු දෙනාට සඟ මොක් සුවය සඳහා හේතු වේ. අන්ධානුකරණයෙන් නිරර්ථක කටයුතුවලින් වැළකී දෙලොවටම යහපත ගෙන දෙන කටයුතුවල යෙදීමට උත්සුක වන ලෙස සියලු දෙනා වෙත මෙත් සිතින් දන්වා සිටිමි.

 


 
 

  වෙසක් පුර පසළොස්වක පෝය

  වෙසක් පුර පසළොස්වක පෝය මැයි 21 වන දා සෙනසුරාදා පූර්ව භාග 12.42 ට ලබයි. 22 වන දා ඉරිදා පූර්වභාග 02.44 දක්වා පෝය පැවැත්වේ. සිල් සමාදන්වීම මැයි මස 21 වනදා සෙනසුරාදාය. 

මීළඟ පෝය මැයි 29 වනදා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 21

Second Quarterඅව අටවක

මැයි 29

Full Moonඅමාවක

ජුනි 04

First Quarterපුර අටවක

ජුනි 12


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]