UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ජාතික රූපවාහිනී වෙසක් සජීව විකාශය බුද්ධගයාවේ සිට


ජාතික රූපවාහිනී වෙසක් සජීව විකාශය බුද්ධගයාවේ සිට

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව මෙවර වෙසක් සජීවි විකාශය සම්බුදු පහස ලද ශ්‍රී බුද්ධගයාවේ සිට විකාශය කිරීමට පියවරගෙන ඇත. සිරි බුද්ධගයා වන්දනා නමින් නම් කර ඇති එය වෙසක් පුර පසළොස්වක පොහෝ දින පෙරවරු 5.30 සිට විකාශය වනු ඇත. මෙවන් උත්කර්ෂවත් උළෙලක් මෙරට රූපවාහිනී නාලිකාවක් මඟින් බුද්ධගයාවේ සිට සජීව ලෙස විකාශය කෙරෙන්නේ වසර 25 කට පසුවයි. එදින පෙරවරු 6.30 සිට ධර්මානුශාසනාව අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස අනුනාහිමියන් විසිනි. පෙරවරු 8.00 ට සත්සති වන්දනාවද, පස්වරු 5.00 ට වජ්‍රාසන පූජාව සමඟ බුද්ධගයා චීවර පූජාවද, පස්වරු 6.30 ට ආලෝක පූජාව සහ ධම්මචක්ක පවත්තන සූත්‍ර දේශනාවද බුද්ධගයාවේ සිට විකාශය කිරීමට නියමිතයි.

මීට සමගාමීව කොළඹ ගංගාරාමයේ ‘බුද්ධරශ්මි’ වෙසක් කලාපයේ වැඩසටහන් ද, ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය කිරීමට පියවර ගෙන තිබේ. පොහෝ දින පෙරවරු 10.00 ට මාවරලේ භද්දිය ස්වාමීන්වහන්සේ විසින් ධම්ම පාරමී වැඩසටහන ඉදිරිපත් කරනු ලබන අතර පොකුණුවිට සඳවිමල ආරණ්‍ය සේනාසනාධිපති පැලැන්වත්තේ ධම්මරතන ස්වාමීන් වහන්සේ විසින් ඉදිරිපත් කරනු ලබන ධර්මානුශාසනාව දහවල් 01.00 ට විකාශය කෙරේ. බුද්ධරශ්මි සමාරම්භක උත්සවය රාත්‍රී 7.00 ටද සංස්කෘතික සංදර්ශනය රාත්‍රී 10.00 ට ගංගාරාමයේ සිට සජීව ලෙස විකාශය වේ. මීට අමතරව රාජ්‍ය වෙසක් උත්සවය අළලා ඉදිරිපත් කෙරෙන විශේෂිත වැඩසටහන් නයිගල ඓතිහාසික රාජමහා විහාරස්ථානයේ සිට විසුරුවා හැරීමටද පියවර ගෙන තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන සදහම් යාත්‍රා ධර්ම දේශනාව පොහෝ දින පෙරවරු 9.00 ට ජාතික රූපවාහිනියෙන් විකාශය වේ.


 
 

  වෙසක් පුර පසළොස්වක පෝය

  වෙසක් පුර පසළොස්වක පෝය මැයි 21 වන දා සෙනසුරාදා පූර්ව භාග 12.42 ට ලබයි. 22 වන දා ඉරිදා පූර්වභාග 02.44 දක්වා පෝය පැවැත්වේ. සිල් සමාදන්වීම මැයි මස 21 වනදා සෙනසුරාදාය. 

මීළඟ පෝය මැයි 29 වනදා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 21

Second Quarterඅව අටවක

මැයි 29

Full Moonඅමාවක

ජුනි 04

First Quarterපුර අටවක

ජුනි 12


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]