UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ලොවට ශාන්තිය උදාකරදුන් ශ්‍රේෂ්ඨ දිනයකි


ලොවට ශාන්තිය උදාකරදුන් ශ්‍රේෂ්ඨ දිනයකි

“අභිඤ්ඤෙය්‍යං අභිඤ්ඤාතං - භාවේතබ්බං ච භාවිතං
පහාතබ්බං පහීණං මෙ - තස්මා බුද්ධෝස්මි බ්‍රාහ්මණ”

“දත යුතු සියල්ල දැනගත්, වැඩිය යුතු කුසල් වඩනා ලද, ප්‍රහීණ කළ යුතු සියලු ක්ලේෂයන් දුරු කළ” හෙයින් බුද්ධ නම් වූ අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අතිශයින් දුර්ලභ වූ, මෙලොව පහළ වීම, පරම විශිෂ්ට වූ චතුරාර්ය සත්‍යය තම ඥානයෙන් ප්‍රත්‍යක්ෂ කොට උත්තම බුද්ධත්වයට පත් වීම හා පන්සාලිස් වසක් තිස්සේ ලෝකාභිවෘද්ධිය සලසා සියලු සංස්කාරයන්ගේ නැසෙන සුළු බව පසක් කොට පරිනිර්වාණයට පත්වීම යන ත්‍රිවිධ මංගල්‍ය අනුස්මරණය කෙරෙන වෙසක් පුන් පොහෝ දිනය, ලොවට ශාන්තිය උදාකර දුන් ශ්‍රේෂ්ඨ දිනයකි.

මෙම උතුම් පුන් පොහෝ දිනයේ දී, තම තමන්ගේ යහපත ශාන්තිය සාදාගනු වස්, යහපතට අයත් සිල් පිරීම, භාවනා කිරීම් ආදියෙහි මනාසේ යෙදී, කුසල ධර්මයන්හි ප්‍රමාද නොවී උත්සාහවන්තව, ධර්මය පිළිපදිමින් සුචරිත ධර්මයෙහි හැසිරීමට ඉටා ගත යුතුව ඇත. දුෂ්චරිතයෙහි නොයෙදී, ධර්මයේ හැසිරෙන්නාට මෙලොව පරලොව දෙකෙහිම සුවසේ විසිය හැකිය. අප්‍රමාදව කුසල ධර්මයන්හි හැසිරෙන තැනැත්තා වලාකුළින් මිඳුනු චන්ද්‍රයා මෙන් ලෝකය බබළවයි. කෙලෙසුන්ගෙන් මිදී දහමෙහි යෙදෙන තැනැත්තා පසුපස පාපය ලුහු නො බඳියි. සියලු පව් සිදු නොකිරීමත්, සියලු කුසල් රැස් කිරීමත්, තමාගේ සිත පිරිසුදු කර ගැනීමත් යන කරුණු සියලු බුදුවරයන් වහන්සේලාගේ අනුශාසනාවයි. එම උතුම් ධර්ම මාර්ගයෙහි ගමන් කොට අනුන්ට හිංසා පීඩා නො කිරීමෙන්, හෙලා තලා කතා නොකිරීමෙන්, අවිහිංසාව හා ඉවසීම ඇතිකර ගැනීම තුළින් පරම ක්ෂාන්තිය උදාකර ගැනීමට හේතුවන දාන, ශීල, භාවනාදී කුසල ධර්මයන්හි හැසිරීමට මෙම උතුම් වෙසක් පුන් පොහෝ දිනයේ දී අධිෂ්ඨාන කර ගනිමු.

සතර පොහොය දිනයන්හි සැදැහැවතුනට දහම් සිසිල බෙදාදෙන බුදුසරණ පුවත්පතෙහි මෙවර කලාපය, ශ්‍රී බුද්ධ වර්ෂ 2560 සම්බුද්ධ ජයන්තිය සැමරීම සඳහා විශේෂ සමරු කලාපයක් සේ පල කිරීමට කටයුතු යොදා තිබීම අගය කරන අතර, ත්‍රිවිධ රත්නයේ හා ශ්‍රී දන්ත ධාතූන් වහන්සේගේ ආශිර්වාදයෙන්, ලක්වැසි සියලු ජනතාවට භෞතික හා ආධ්‍යාත්මික ශාන්තිය උදාකර දෙන උතුම් වෙසක් මංගල්‍යයක් අත්වේවායි ආශිංසනය කරම්හ.


 
 

  වෙසක් පුර පසළොස්වක පෝය

  වෙසක් පුර පසළොස්වක පෝය මැයි 21 වන දා සෙනසුරාදා පූර්ව භාග 12.42 ට ලබයි. 22 වන දා ඉරිදා පූර්වභාග 02.44 දක්වා පෝය පැවැත්වේ. සිල් සමාදන්වීම මැයි මස 21 වනදා සෙනසුරාදාය. 

මීළඟ පෝය මැයි 29 වනදා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 21

Second Quarterඅව අටවක

මැයි 29

Full Moonඅමාවක

ජුනි 04

First Quarterපුර අටවක

ජුනි 12


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]