UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ගල්කිස්ස බෞද්ධායතනයෙන් ආර්ථික අපහසුතා ඇති සිසුන්ට ශිෂ්‍යත්ව


ගල්කිස්ස බෞද්ධායතනයෙන් ආර්ථික අපහසුතා ඇති සිසුන්ට ශිෂ්‍යත්ව

ගල්කිස්ස, වටරප්පල පාර, බෞද්ධායතනාධිපති කොළඹ නව කෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝ නායක, කොළඹ ආනන්ද විද්‍යාලයේ විශ්‍රාමික සහකාර විදුහල්පති, රත්මලාන භික්ෂු අභ්‍යාස විද්‍යාලයේ හිටපු විදුහල්පති, ශ්‍රී ලංකා බෞද්ධ මහා සංඝ සම්මේලනයේ ප්‍රධාන ලේකම්, සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය දිවියාගහ යසස්සී නායක ස්වාමීන්වහන්සේගේ 80වන ජන්ම දිනය නිමිති කරගෙන නායක ස්වාමීන්වහන්සේගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් විහාරස්ථාන දායක සභාව, ප්‍රධාන බෞද්ධායතනයට සම්බන්ධ විවිධ සංවිධාන හා දායක දායිකාවන්ගේ පරිත්‍යාගයෙන් ශිෂ්‍යත්ව අරමුදලක් පිහිටුවා ඇත.

ආර්ථික අතින් දුෂ්කර සහ අධ්‍යාපන කුසලතා ඇති අධ්‍යාපන කටයුතු අඛන්ඩව කරගෙනයාම සඳහා උනන්දුවක් දක්වා ඇති අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත් සිසුන් තෝරාගෙන අ.පො.ස. උසස් පෙළ දක්වා හෝ වෘත්තීය හෝ විශ්වවිද්‍යාලයීය අධ්‍යාපනය නිමාවන තෙක් මූල්‍ය පහසුකම් සැපයීම එම අරමුදල පිහිටුවීමේ අරමුණයි.

2015 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන එම ශිෂ්‍යත්ව අරමුදල විසින් ලබාදෙන ප්‍රතිලාභ දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීම සඳහා සුදුසු ශිෂ්‍ය ශිෂ්‍යාවන් තෝරාගැනීම සඳහා මූලික අයදුම්පත් කැඳවීම දැනට සිදුකරන හෙයින් අවශ්‍ය අය ලේකම්, බෞද්ධායතන දායක සභාව, වටරප්පල පාර, ගල්කිස්ස යන ලිපිනයට තම නම සහ ලිපිනය ලියන ලද රු. 10 ක මුද්දර ඇලවූ ලියුම් කවරයක් යොමු කිරීමෙන් ශිෂ්‍යත්ව අයදුම්පතක් ලබාගෙන 2016 ජූනි 30 වන දිනට පෙර පුරවා එවිය යුතු වේ. අයදුම්පත් සමඟ ඉදිරිපත් කරන මූලික විස්තර පදනම් කරගෙන ශිෂ්‍යත්ව ප්‍රදානය සඳහා සුදුස්සන් තෝරාගැනීම ශිෂ්‍යත්ව අරමුදල් පාලක මණ්ඩලයේ අභිමතය මත සිදුවන අතර එය අවසාන තීරණය වේ.


 
 

  වෙසක් පුර පසළොස්වක පෝය

  වෙසක් පුර පසළොස්වක පෝය මැයි 21 වන දා සෙනසුරාදා පූර්ව භාග 12.42 ට ලබයි. 22 වන දා ඉරිදා පූර්වභාග 02.44 දක්වා පෝය පැවැත්වේ. සිල් සමාදන්වීම මැයි මස 21 වනදා සෙනසුරාදාය. 

මීළඟ පෝය මැයි 29 වනදා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 21

Second Quarterඅව අටවක

මැයි 29

Full Moonඅමාවක

ජුනි 04

First Quarterපුර අටවක

ජුනි 12


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]