UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ ධර්මදානයට


බුදුසරණ ධර්මදානයට

කැකිරාව ලේක්හවුස් අලෙවි නියෝජිතගෙන් බුදුසරණ 1000 ක් ධර්ම දානයට

කැකිරාව, පුවත්පත් අලෙවි නියෝජිත, සංජීව ෆාමසි සහ පොත්හල අධිපති සාම විනිසුරු දේශබන්දු කේ.එච්. වීරසිංහ මහතා සහ එම මහත්මිය විසින් කැකිරාව ප්‍රදේශයේ විහාරස්ථාන රාශියකදී බුදුසරණ පත්‍ර 1000 ක් ධර්ම දානය පිණිස එම විහාරස්ථානවල පෙහෙවස් සමාදන්වන උපාසක උපාසිකාවන්වෙත පිරිනමනු ලැබේ. 32 වන වරටත් මෙම ධර්ම දානමය පින්කම වෙසක්පුර පසළොස්වක පොහෝ දින මලව ඔරුගල් සෑය පුරාණ රජමහා විහාරය, කැකිරාව ශ්‍රී බෝධිරාජාරාමය, නිකිනියාව පුරාණ රජමහා විහාරය, සඳගල්පාය රජමහා විහාරය, කිනිහිරි කන්ද රජමහා විහාරය, මල්දෙනිපුර මෙත්තාරාමය, මල්දෙනිපුර විසුද්ධාරාමය, මහ කැකිරාව ශී‍්‍ර බෝධිමළු විහාරය, තිබ්බටුවැව බෝධිරුක්ඛාරාම විහාරය, කොටගල පියංගලු රජමහා විහාරය, නාමල්පුර විශුද්ධාරාම ටැම්පිට විහාරය හා විජිතපුර උස්ගල ශ්‍රී ධාතුසේන රජමහා විහාරස්ථානයන්හි දී සිදු කෙරේ.


බඹරවාන

බුදුසරණ පත්‍රය බෙදාදීම ධර්ම දානය සඳහාත් තම මියගිය චන්ද්‍ර ලියනගම සොහොයුරියට හා දෙමව්පියන්ට ද, අනිකුත් මළගිය සියලු ඥාතීන්ට පින් පිණිසත්, තම ළමයින්ගේ අධ්‍යාපන කටයුතු දියුණු වීමටත්, සියලු දෙනාට පින් පිණිසත් 25 වන වරට මෙම වෙසක් පොහොය දින සිල් සමාදන් උපාසක උපාසිකාවන්ට බුදුසරණ පත්‍රය බෙදා දීමට මත්තක බඹරවාන සමරසිංහ ලියනගමගේ කටයුතු යොදා ඇත.


රදම්පොල

වෙසක් පොහොය නිමිත්තෙන් 06 වන වරටත් මාතර, රදම්පොල, ශ්‍රී නාගවනාරාම විහාරස්ථානය, මාතර රත්මලේ කුරුඹුරේ පුරාණ රජමහා විහාරස්ථානය, දෙද්දුවාවල විහාරස්ථානය සහ උණන පුරාණ විහාරස්ථානයේදී පෙහෙවස් සමාදන් වන උවැසි උවැසියන් වෙත ධර්ම දානයක් ලෙස බුදුසරණ පුවත්පත බෙදා දෙනු ලබන අතර, මැයි මස 22 වන දින 04 වන වරටත් වන්දනාමාන සඳහා යන බැතිමතුන් උදෙසා කඩල දන්සල මාතර, රත්මලේ හන්දිය අසලදී පැවැත්වීමට කොළඹ පදිංචිව සිටින ජයසේන ගුණවර්ධන ඇතුළු පවුලේ සැම විසින් කටයුතු යොදා ඇත.


හොරේතුඩුව

සාමවිනිසුරු හොරේතුඩුවේ ඇම්.ඩී.ප්‍රේමදාස විසින් කෙසෙල්වත්ත, හොරේතුඩුවේ ශ්‍රී විමල කීර්තියාරාමයේ දී වෙසක් පුන් පොහෝ දින පෙහෙවස් සමාදන් වී සිටින උපාසක, උපාසිකාවන් වෙත ධර්මදානය පිණිස ‘බුදුසරණ’ පත්‍ර බෙදාදීමක් එදින පෙරවරුවේදී සිදු කෙරේ.


සීනිගොඩ සහ කතරගම

සීනිගොඩ මව්පිය උපහාර පූජාව අටවිසි බුදු මැදුර වැඳ පුදා ගැනීම පිණිස වෙසක් සතිය තුළ පැමිණෙන සෑම දෙනාටම වෙසක් බුදුසරණ පත්‍රය බැගින් පූජා කිරීමට සහ කතරගම කිරි වෙහෙරදී සිල්වතුන් වෙත වෙසක් බුදුසරණ පත්‍රය බැගින් පූජා කිරීමට වතුගෙදර සීනිගොඩ අංක 10 ශ්‍රී කාන්ති සුවසරණෙහි පදිංචි මව්පිය පූජා උපහාර අටවිසි බුදුමැදුරේ නිර්මාතෘ පියදිගමගේ චන්ද්‍රපාල ද සිල්වා මහතා කටයුතු සලසා ඇත. එම පින්කම මෙවර පවත්වනුයේ 29 වැනි වර්ෂ පූර්ණ බුදුසරණ පත්‍ර පූජාවයි. මෙමගින් 1985 මැයි 14 අනුරාධපුර ශ්‍රී මහා බෝධිය අසලදී මියගිය දයාබර මෑණියන් වන ඇස්.කේ. රැන්සි නෝනාට සහ පියාණන් මිය ගිය. පී.ජී. චාර්ලිස් ද සිල්වා සහ මිය ගිය විදුහල්පති පී.ජී. ද සිල්වා ලොකු අයියා ඇතුළු මිය ගිය සියලු දෙනාටම පින් අනුමෝදන් කිරීමය.


කුරුඳුගහ හැතැප්ම

කුරුඳුගහ හැතැප්ම, පතිරාජ, සෙවනගම ශ්‍රී සුගතපාල බෞද්ධ මධ්‍යස්ථානයේ පහෙවස් සමාදන්වන උපාසක උපාසිකාවන් සඳහා වෙසක් පොහෝදින “බුදුසරණ” පුවත්පත් ධර්ම දානය වශයෙන් බෙදාදීමට කටයුතු යොදා ඇත. කුරුඳුගහ හැතැප්ම සෝමදාස නානායක්කාර මහතා විසින් පරලෝසැපත් මව්පියන් වන එන්.ඩබ්. ජී. පියසේන මහතා සහ එම්.එම්. විතානාච්චි මහත්මියට පින් පිණිස දහ අටවන වරටත් එම පින්කම සිදුකරනු ලබයි.


ඇල්පිටිය

බුදුසරණ පත්‍ර 500 ක් බෙදාදීමක් මෙවර ඇල්පිටිය ඉඹුලපිටිය සමූහ ව්‍යාපාරයේ අධිපති ජිනසේන හොරවලවිතාන මහතා ඇතුළු දූ දරුවන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කරනු ලබයි. තම මිය ගිය දෙමාපියන් හා ඤාතීන්ට පින් පතා පුරා වසර 28 ක් කරගෙන යනු ලබන බුදුසරණ පත්‍ර බෙදාදීම ප්‍රදේශයේ වෙහෙර විහාරස්ථානවල උවැසි උවැසියන් හට බෙදාදීම මෙවරද සිදු කෙරේ.


 
 

  වෙසක් පුර පසළොස්වක පෝය

  වෙසක් පුර පසළොස්වක පෝය මැයි 21 වන දා සෙනසුරාදා පූර්ව භාග 12.42 ට ලබයි. 22 වන දා ඉරිදා පූර්වභාග 02.44 දක්වා පෝය පැවැත්වේ. සිල් සමාදන්වීම මැයි මස 21 වනදා සෙනසුරාදාය. 

මීළඟ පෝය මැයි 29 වනදා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 21

Second Quarterඅව අටවක

මැයි 29

Full Moonඅමාවක

ජුනි 04

First Quarterපුර අටවක

ජුනි 12


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]