UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

වෙසක් පෝදා පින්කම්


වෙසක් පෝදා පින්කම්

ඓතිහාසික ශ්‍රී කල්‍යාණී රාජමහා විහාරය

වෙසක් පෝදා දවස පුරා ඓතිහාසික ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරස්ථානයේ දී පහත සඳහන් වැඩසටහන් පැවැත්වේ. පෝදා පෙරවරු 6 – 6.30 සීල සමාදානය රන්දිලිගම මහින්ද හිමි, 6.30 – 7 උදෑසන බුද්ධ පූජාව, 8 – 9 භාවනා වැඩසටහන මෙහෙයවීම ශ්‍රී කල්‍යාණි උභය රාජ මහා විහාරාධිපති කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමි 9 – 10 දහම් දෙසුම බොරැල්ලේ කෝවිද හිමි 10 -11 ධම්මපදයෙන් බිඳක් දර්ශනපති ලුණුගම්වෙහෙරේ නාරද හිමි 11 – 11.30 දිවා බුද්ධ පූජාව ගොඩපොල නන්ද හිමි, පස්වරු 12.15 -2 සීල භාවනා සමිතිය 2 – 3 වෛද්‍ය විද්‍යා දේශනය 3 – 4 ධර්ම දේශනාව ආචාර්ය දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත නා හිමි 4 – 5 පරිත්‍රාණ ධර්ම දේශනය මහ සඟරුවන සමඟ පෙහෙවස් සමාදන්වූ සියලු දෙනා 5 – 6 භාවනා වැඩසටහන ශ්‍රී කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 6 – 7 ගිලන්පස බුද්ධ පූජාව ආචාර්ය දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත නාහිමි 7 – 8 ධර්ම දේශනාව පානකාවේ පේමරතන නාහිමි.


බෙල්ලන්විල රජ මහා විහාරය

වෙසක් පෝදා පෙරවරු 6.00 සිල් සමාදන් කරවීම හා තෙරුවන් වන්දනාව, 7.00 බුද්ධ පූජාව පැවැත්වීම, 8.30 ධර්මදේශනාව රුක්මලේ ධර්මවිජයාලෝක විහාරාධිපති, කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගි‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහනායක, ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහානාහිමි, 10.00 භාවනා සාරනාත් බෞද්ධ මධ්‍යස්ථානාධිපති තලාවේගම සද්ධාතිලක හිමි, 11.00 බුද්ධ පූජාව පැවැත්වීම, පස්වරු 1.00 ජාතක ධර්ම දේශනාව කරගහවල චන්දානන්ද හිමි, 3.00 ධර්ම සාකච්ඡාව මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමි, මහාචාර්ය ජී. ආරියපාල පෙරේරා මහතා, ශාස්ත්‍රපති පී. වීරතුංග මහතා, 4.30 ධර්ම දේශනාව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඡ්‍යොෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය රාජකීය පණ්ඩිත මැදගම්පිටියේ විජිතධම්ම හිමි, 6.00 සිල් පවාරණය කරවීම, 6.30 බුද්ධ පූජාව පැවැත්වීම, 7.30 ධර්ම දේශනාව, බෙල්ලන්විල රාජමහා විහාරවාසී ශාස්ත්‍රපති ඌරුපැලැව්වේ හේමාරාම හිමි.


තලවතුගොඩ සංඝමිත්තාරාමය

තලවතුගොඩ වැලිපාර සංඝමිත්තාරාමයේදී වෙසක් පෝදා අලුයම 5.30 ක්ෂීර පායාස අටවිසි බුද්ධ පූජාව බෝධි පූජාව, අග්‍ර ශ්‍රාවිකා පූජාව ඕපනායක නිරාෂා දස සිල් මෑණියන් විසින් පවත්වන අතර පෙරවරු 6.00 සිට ශීල භාවනා ආදී ආගමික වැඩසටහන් පැවැත්වේ. පෙරවරු 8-9 දහම් දෙසුම ත්‍රිපිටකාචාර්ය දිගන සුගතවංස හිමි, 9-10 දහම් දෙසුම බඹරැන්දේ වජිර හිමි, 10-11 භාවනා වැඩසටහන මෙහෙයවීම උඩහමුල්ලේ තාදි දසසිල් මෑණියන්, 11 දවල් බුද්ධ පූජාව පස්වරු 12-12.15 ධම්මපදයෙන් ගාථාවක් 12.15-1 දම්සක් පැවතුම් සූත්‍ර සජ්ඣායනය ආරාමවාසී මෑණියන් වහන්සේලා 1-1.45 භාවනා වැඩසටහන මෙහෙයවීම බොරලැස්ගමුවේ නිස්සරණී දස සිල් මෑණියන් 2-3 ධර්ම දේශනාව හබලිකඩ ජිනවංශ හිමි. 3-4 දහම් දෙසුම ගල්කිස්සේ සෝමානන්ද හිමි. 4-5 දහම් දෙසුම ගල්කිස්සේ සෝමානන්ද හිමි. 4-5 දහම් දෙසුම අතුරුගිරියේ ධම්මවිහාරී හිමි, තුන් සූත්‍ර සජ්ඣායනය අවසානයේදී සිල් පවාරණය කෙරේ. සවස 6 අටවිසි බුද්ධ පූජාව හා අසූමහා ශ්‍රාවිකා පූජාව ඇරැව්වල තිසරණ දසසිල් මාතාව විසින්ද සිල් පිරිස අතර ධර්මදානය පතා “බුදුසරණ” පත්‍රය පිරිනැමීම ලොකු මෑණිකේ ඉඩම්පිටිය මහත්මියගේ අනුග්‍රහයෙනි.


හුණුපිටිය විජය සුන්දරාරාමය

වත්තල හුණුපිටිය ශ්‍රී විජය සුන්දරාරාම පුරාණ විහාරස්ථනයෙහි වෙසක් පෝදා සමගාමීව මැයි මස 16 වන දින සිට 22 දින දක්වා වෙසක් සතිය තුළ පෙරවරු 6.00 සිට පසුදා පෙරවරු 6.00 දක්වා දාන, සීල, භාවනා ධර්ම දේශනා ඇතුළු වැඩසටහන් රාශියක් පැවැත්වීමට වීතදෝෂි සමිතිය, දායක සභාව, කාන්තා සමිතිය හා ධර්මාශෝක දහම් පාසල කටයුතු යොදා ඇත. මෙම වැඩසටහන් විහාරාධිපති වලවෙල හේමානන්ද නා හිමි යන්ගේ අනුශාසනා පරිදි මොරවත්තේ සුබෝධි, යටගම රාහුල, ගල්කිස්සේ ධම්මිස්සර, දේවගොඩ පියරතන, බුත්කන්දේ රතනජෝති, ගොමඩියේ චන්දරතන, වේවැල්දූවේ ධම්මකිත්ති යන හිමිවරුන්ද ගාල්ලේ සුදම්මචාර දසසිල් මාතාවද වැඩසටහන් වලට වැඩම කිරීමට නියමිතය.


අනුරාධපුර මහාවිහාරය

ඓතිහාසික මහාවිහාරයේ පුන් පොහෝ දින දාන, ශීල, භාවනා ආගමික වැඩසටහන් මාලාවේ වෙසක් පුන් පොහොය වැඩසටහන පොහෝ දින දවස පුරා මහාවිහාරයේ ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ (බෝමළුව පන්සලේ) සන්නිපාත ශාලාවේ දී පැවැත්වේ. ආචාර්ය පල්ලේගම සිරිනිවාස අටමස්ථානාධිපති නායක ස්වාමීන් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි, බෝමළුව විහාරවාසී ශාස්ත්‍රවේදී මොරගොල්ලේ සිරිරතන හිමියෝ පොහොය වැඩසටහන සම්බන්ධීකරණය කරති. මෙවර වැඩසටහන පහත දැක්වේ. පෙරවරු 6.00 අටසිල් සමාදන් වීම, 6.30 උදෑසන බුද්ධ පූජාව, 8.00 ධර්ම දේශනාව දර්ශනපති මිරිස්වත්තේ විමලඤාණ හිමි, 9.00 ධර්ම දේශනාවට අදාළ ගැටලු සාකච්ඡා කිරීම, 9.15 ගිහි දේශනය, කථිකාචාර්ය සුමේධ වීරවර්ධන මැතිතුමා, 10.15 දේශනයට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම, 10.30 දහවල් බුද්ධ පූජාව, දහවල් 12.00 ජාතක කතා දේශනාව රාජකීය පණ්ඩිත අංකුඹුරේ රේවත හිමි, 1.00 ධර්ම දේශනාව පණ්ඩිත රලපනාවේ ධම්මජෝති නාහිමි, 2.00 ධර්ම දේශනාවට අදාළ ගැටලු සාකච්ඡා කිරීම, 2.45 දම්සභා මණ්ඩපය, ශාස්ත්‍රවේදී අත්තරගම පියනන්ද හිමි, ආචාර්ය කේ.එම්. අයි. ස්වර්ණසිංහ මැතිතුමා, ශාස්ත්‍රපති වඩුගේ කරුණාරත්න මැතිතුමා, 4.00 භාවනා වැඩසටහන මෙහෙය වීම පණ්ඩිත ඉපලව පේමානන්ද හිමි, 5.00 බෝධි පූජාව මෙහෙයවීම, ශාස්ත්‍රවේදී කෙහෙල්වල රේවත හිමි, 5.55 සිල් පවාරණය, ප.ව. 6.00 නිමාව.


කළුතර බෝධිය

කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ මෙහෙයවීමෙන් කළුතර බෝධි පරිශ්‍රයේ දී වෙසක් පෝදා දවස පුරා පින්කම් මාලාවක් පැවැත්වේ. පෝදා පෙරවරු 6.15-7.15 සිල් සමාදන් කරවීම හා තෙරුවන් වන්දනාව වැලිකළ පඤ්ඤාකර හිමි . 7.30-9.45 දහම් දෙසුම ගම්පහ සිරි සීවලී හිමි. 10-11.30 දහම් දෙසුම මහාචාර්ය නෙළුවේ සුමනවංශ හිමි. පස්වරු 1-2.45 දහම් දෙසුම කහගොල්ලේ සෝමවංශ හිමි. 3-4.30 දහම් දෙසුම අක්මීමන ධම්මපාල හිමි. 4.45-7 දහම් දෙසුම රංවල ඤාණවාස හිමි. 7.15-8 පානදුරේ අරියධම්ම හිමියන් පවත්වන ලද බෝධි පූජාව (පටිගතකළ එකකි) 8.15-9 ධර්මාචාර්ය කේ. පරණවිතාන මහතා මෙහෙයවන නව අරහාදී පහන් පුජාව 9 සිට පහන්වනතුරු චතුරාර්ය සත්‍ය දේශනය ගල්කිස්සේ සමාහිත හිමි.


මහනුවර පි‍්‍රම්රෝස් උයන වජිරාරාමය

මහනුවර පි‍්‍රම්රෝස් උයන වජිරාරාමයේ වෙසක් පොහොය වැඩසටහන මෙසේය. පෝදා පෙරවරු 06.00-07.00 සිල් සමාදන් කරවීම සහ අනුශාසනාව – පණ්ඩිත අකුරම්බොඩ ධම්මවිලාස හිමි, 07.00-07.30 උදෑසන බුද්ධ පූජාව පැවැත්වීම සහ පුණ්‍යානුමෝදනාව 08.15-08.30 ධර්ම පුස්තක පිළිගැන්වීම 08.30-09.30 ධර්මානුශාසනාව :–ශාස්ත්‍රපති පණ්ඩිත නත්තරම්පොත චන්දිම නාහිමි, 09.30-10.45 භාවනාව හා අනුශාසනාව , මෙහෙයවීම :– ශාස්ත්‍රපති පණ්ඩිත තෙල්දෙණියේ ධම්මවංස නාහිමි 10.45-11.45 දවල් බුද්ධ පූජාව පැවැත්වීම සහ පුණ්‍යානුමෝදනාව , පස්වරු 12.30- 01.00 මහ පිරිත් දේශනාව කොස්වානේ ධම්මසරණ හිමි ,කොට්ටාවේ ධම්මසුනෙත්ත හිමි, අලවතුගොඩ විමලධම්ම හිමි, මද්දේවෙල ධම්මරංසි හිමි , 01.00-02.00 විශේෂ ගිහි දේශනය , පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භුගෝල විද්‍යා අංශයේ හිටපු මහාචාර්ය , ජේ.එම්. ගුණදාස මහතා 02.00-03.00 ධර්මානුශාසනාව හා ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති පණ්ඩිත ගම්පොල ඉන්දසිරි හිමි, 03.30-04.45 ධර්මානුශාසනාව ත්‍රිපිටකාචාර්ය මැණික්හින්නේ ධම්මානුසාරි හිමි. 04.45-05.15 ගිලන්පස පූජාව, පුණ්‍යානුමෝදනාව හා සිල් පවාරණය


සංකල්ප විහාරය

පිළියන්දල මාකන්දන වැලිතොටුවවත්ත සංකල්ප විහාරස්ථානයේදි වෙසක් පොහොය නිමිත්තෙන් වෙසක් සතිය පුරා පින්කම් මාලාවක් සංකල්ප විහාරයේ ප්‍රධාන අනුශාසක උග්ගොඩ ධම්මින්ද හිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වේ. පෝදා පෙරවරු 5 කිරි ආහාර බුද්ධ පූජාව පෙරවරු 6 සිල් වැඩසටහන ආරම්භ කිරීම ඊට කිංචිගුනේ චන්දවිමල හිමි, මිරිස්වත්තේ ඉන්දසිරි හිමි, වල්පිට ඉන්දරතන හිමි, කැස්බෑවේ පඤ්ඤානන්ද හිමි,කහපල නන්දරතන හිමියන්ගේ ධර්ම දේශනාද පිළියන්දල සරණ හිමියන්ගේ ධර්ම දේශනාවද ඇතුළත් වේ. පෙරවරු 10 ව්‍යංඤජන සියයක බුද්ධ පූජාව, රාත්‍රී 7 ට ධාතු ප්‍රදර්ශනය හා ගිලන් පස බුද්ධ පූජාවද වෙසක් දින සිට සත්බුදු වන්දනා පින්කමද පැවැත්වීමට සංකල්ප දායක සභාව සහ සංකල්ප දහම් පාසල කටයුතු යොදා ඇත.


කතරගම කිරිවෙහෙර

ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ දී විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රවේදී කොබවක දම්මින්ද නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිදුකෙරේ. එදින උදෑසන උපාසක උපාසිකාවන් අටසිල් සමාදන් කරවීම මල් පහන් ගිලන්පස කිරිපිඬු පූජාව ශබ්ද පූජාව මධ්‍යයේ බෞද්ධ කොඩි 350 කිරිවෙහෙර චෛත්‍යයේ පැළඳවීමේ කංචුක පූජාව පැවැත්වේ. උදේ ධර්ම දේශනාව ශාස්ත්‍රවේදී ගොඩගම සුභානු දස්සි හිමියන් විසින් ද භාවනා වැඩසටහන චෛත්‍ය මලුවේ දී පැවැත්වේ. වෙසක්පෝදා බත් දන්සල කිරිවෙහෙර විහාරස්ථානයේ ප්‍රධාන වාසල් දොරටුව අබියස දානශාලාවේ පැවැත්වෙන අතර විහාරස්ථ ශ්‍රී ආනන්ද රේවත දහම්පාසලේ සිසිල්බීම දන්සල ප්‍රධාන වාසල් දොරටුව අබියස පැවැත්වේ.

සවස ධර්මදේශනාව චෛත්‍ය මලුවේ පැවැත්වේ. කිරිවෙහෙර විහාරස්ථ මහාසේන සිල් සමිතියේ මල් පෙරහර කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ සිට අෂ්ඨඵල බෝධීන් වහන්සේ වෙතට ගොස් මල් පහන් පූජා කිරීමෙන් අනතුරුව බෝධිපූජාව පැවැත්වීම අෂ්ටඵල බෝධි තේවාව භාර කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ විහාරාධිකාරී තලගල ඤාණින්ද හිමියන් විසින් පවත්වනු ලැබේ.

කතරගම සමථ මණ්ඩලයේ ඔසුපැන් දන්සල චෛත්‍ය මලුවේ පැවැත්වේ. රාත්‍රී 7.00 ට කිරිවෙහෙර අටවිසි බෝමලුවේ දී බෝධි පූජාවද කිරිවෙහෙර 3 වන මලුව සමීපයේ පහන් 5000ක ආලෝක පූජාව පැවැත්වේ. කළුතර නීලගිරි මෝටර්ස් අධිපති අජිත් කරුණාතිලක කතරගම බෞද්ධ සංගමය ගිලාන උපස්ථාන බෞද්ධ සමිතිය විහාරස්ථ දායක සභාව එම පින්කම් සංවිධානය කර ඇත.

(ඊ.එච්. සෝමපාල කතරගම විශේෂ)


බම්බලපිටියේ සිරිවජිරාරාමය

බම්බලපිටිය සිරි වජිරාරාමයේ දී වෙසක් පෝදා පෙරවරු 6 – 7 සිල් සමාදන් කරවීම හා අනුශාසනාව හා කිරිපිඬු බුද්ධ පූජාව මෙහෙයවීම තිරිකුණාමලයේ ආනන්ද මහා නාහිමි, 8 – 9 භාවනාව සහ අනුශාසනාව වජිරාරාමවාසී සාසනරතන හිමි 9 – 10 දහම් දෙසුම මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි, 10 – 11.15 භාවනාව අනුශාසනාව හා බුද්ධ පූජාව ගම්පහ පාසාදික හිමි, පස්වරු 12.30 – 1.15 සෙත් පිරිත් කඹුරුගමුවේ මහානාග හිමි, 1.15 – 2.30 ධර්ම සාකච්ඡාව මීගොඩ සුඛිත හිමි, 2.30 – 3.30 දහම් දෙසුම ශාස්ත්‍රපති තලල්ලේ චන්දකිත්ති හිමි, 4 – 5 ගිහි දෙසුම ශේන් බිලොක් මහතා 5 – 6 විශේෂ දම්දෙසුම රාජකීය පණ්ඩිත තිරිකුණාමලයේ ආනන්ද මහා නාහිමි, 6 – 6.30 සිල් අලුත් කිරීම හා අටවිසි බුද්ධ වන්දනාව වජිරාරාමවාසී ස්වාමීන් වහන්සේලා විසිනි.


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ තරුණසීල සමාදානය

පෝදා පෙරවරු 6.00 – 7.00 සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි මාහිමි, 8.00 – 9.00 භාවනාව වැලිමඩ පසන්නමානස හිමි, 9.00 – 10.00 ධර්ම දේශනාව ත්‍රිපිටකාචාර්ය මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි, 10.00 – 11.15 පරෝපකාර සංග්‍රහය අනුශාසනාව හා බුද්ධ පූජාව ගල්කිස්සේ සෝමානන්ද හිමි, පස්වරු 12.25 – 12.30 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනා, 12.30 – 1.00 පිරිත් හා තෙරුවන් ගුණ බියගම කමලධම්ම හිමි, 1.00 – 2.00 ධර්ම සාච්ඡාව ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 2.00 – 3.00 ධර්ම දේශනාව දර්ශනපති අගලකඩ සිරි සුමන හිමි, 3.00 – 4.00 වෙසෙසි දෙසුම මහාචාර්ය පණ්ඩුල ඇදගම මහතා, 4.15 – 5.00 ධම්මපදය ශාස්ත්‍රපති පණ්ඩිත ගබ්බෙල වජිර හිමි, 5.00 – 6.00 ධර්මදේශනාව දියතලාවේ පියදස්සි හිමි, 6.00 – 6.30 බෝධි පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි මාහිමි,


මරදාන ශ්‍රී මහින්දාරාමය

මරදාන මහින්දාරාමයේදී වෙසක් පොහොය නිමිත්තෙන් පින්කම් මාලාවක් සිදුකිරීමට විහාරස්ථ දායක පින්වතුන් , ශ්‍රී මහින්දාරාම දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය සහ සිසුදරුවන් සහ දෙමාපියන් කටයුතු යොදා ඇත. විහාරාධිපති ප්‍රධානාචාර්ය මාපලානේ ධම්මාලෝම නාහිමියන්ගේ අනුශාසනා පරිදි එම පින්කම් 20,21,22 දිනයන්හි පැවැත්වේ. 20 වනදා අටවිසි බුද්ධ පූජා සහ බෝධි පූජාවක් ද 21 අභයදාන පින්කමක් සහ බුද්ධ වන්දනාව සහ බැතිගී ගායනා සහ දන්සලක්ද පැවැත්වේ. 22 වනදා දහම් පාසල් දරුවන්ගේ සීල සමාදාන පින්කම පැවැත්වේ.


මොරටුව භාවනා මූලස්ථානය

මොරටුව භාවනා මූලස්ථානයේදී වැහිගල කස්සප හිමියන්ගේ අනුශාසනා පරිදි පුන් පොහෝදා අලුයම 5 සිට පසුවදා අලුයම 6.00 දක්වා ශීල භාවනා වැඩසටහන පැවැත්වේ.


පන්නල ශ්‍රී දේවරාජාරාමය

වෙසක් පුන් පොහොය නිමිත්තෙන් 21 වැනිදා පොහෝදින දවසපුරා පන්නල ශ්‍රී දේවරාජාරාමයේ දී පින්කම් මාලාවක් පැවැත්වේ.

රත්නසිරි පතිරණ.


කොබවක වෙසක් කලාපය

කොබවක ශ්‍රී සුමනාරාම වෙසක් කලාපය සුමනාරාමයේ දී 21 වන දා සිට 25 වන දා දක්වා සිරි සුමන තරුණ බෞද්ධ සංසදය මෙහෙයවීමෙන් පැවැත්වේ.


කන්දේගම නාමළුව සිංහගිරි රජමහා විහාරය

අටවිසි බුදුරජාණන් වහන්සේලා සම්බුද්ධත්වයට පත්වීමට පිහිට වූ අටවිසි බෝධීන් වහන්සේලා වෙන වෙනම රෝපණය කර නිර්මාණය කළ අටවිසි බෝධි උයනේ දී වෙසක් පුන් පෝදා පස්වරු 4 ට අටවිසි බෝධි හා බුද්ධ වන්දනා පින්කමක් කලාවැව, පලාගල, නෑගම්පහ කන්දේගම නාමළුව සිංහගිරි රජ මහාවිහාරයේ දී පැවැත්වේ.


තෙලවල විජයරූපාරාම ධර්මායතනය

මොරටුව – කටුබැද්ද, තෙලවල විජයරූපාරාම ධර්මායතනාධිපති, කොළඹ ,දිශාවේ ප්‍රධාන සංඝනායක, දම්පහළ ඤාණරතන නා හිමියන් ගේ අනුශාසකත්වයෙන් පුරපොහෝ දින වැඩසටහන සිදු කරනු ලැබේ’. අලුයම 5.30 ට කිරිපිඬු දානය සහිත පෙරහර පෙරවරු 6.30-7.30 අෂ්ඨාංග උපෝෂථ, සීලය, සමාදන් කරවීම,සම්බුද්ධ පූජාව සිදුකිරීම හා කෙටි අනුශාසනාව දම්පහළ ඤාණරතන නාහිමි.8.00-8.30 ධර්ම දේශනාව, හපුතලේ ඤාණවිසුද්ධි හිමි, 8.30-9.00 ධර්ම දේශනාව, වඳුරඹ ඤාණාලංකාර හිමි, 9.30-10.30 ජාතක කථා දේශනාව, දම්පහළ ඤාණසුධීර හිමි, 10.30-11.00 භාවනාව වඳුරඹ ඤාණාලෝක හිමි, 11.00-12.00 දවල් සම්බුද්ධ පූජාව, දම්පහළ ඤාණසුධීර හිමි. පස්වරු 12.30-1.00 සක්මන් භාවනාව, දම්පහළ ඤාණරතන නාහිමි, 1.00-2.00 දේශනය, ධර්මාචාර්ය ආසිරි රාජපක්ෂ මහතා, 2.00-3.00 ගිහිදේශනය ආචාර්ය පී‍්‍රති කුලතුංග මහතා. 3.00-4.00 සුධර්මා කුළඟන සමිතියේ සාකච්ඡාව, 4.00-4.30 ධර්ම දේශනාව, ඌරුබොක්කේ ;ඤාණසුබෝධ හිමි, 4.30-5.00 මහපිරිත් දේශනාව, සහිත මහාසමය සූත්‍ර දේශනාව, 5.00 සිල් පවාරණය 6.30-7.30 අෂ්ටපාන සහිත සම්මා සම්බුද්ධ අටවිසි ගිලන් පස බෝධි පූජාව සහ පුණ්‍යානුමෝදනාව

බුදුසරණ පුවත්පත බෙදාදීමේ දායකත්වය, ඔක්කම්පිටිය බුරුතගොල්ල පදිංචි චමිලා පි‍්‍රයදර්ශනී මෙනවිය විසිනි.


දෙහිඅත්තකණ්ඩිය

නාමල්ගම ළමා කැළ ප්‍රදේශවාසීන්ගේ ආධාරයෙන් සංවිධානය කරන ලද වෙසක් මහා දන්සැල වෙසක් පුන් පොහෝ දින රත්මල්කඳුර මහා විදුහල අසලදී පැවැත්වේ.


බියගම පුණ්‍යවර්ධනාරාමය

වෙසක් පුර පසළොස්වක පොහොය නිමිතිකරගෙන ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, භාවනා ආදී වැඩසටහන් රැසක් දවස පුරා බියගම පුණ්‍යවර්ධනාරාමයේදී, දහම් පාසල් දරු දැරියන් සහ ප්‍රදේශවාසීන්ගේ අනුග්‍රහයෙන් පැවැත්වේ. එදින ධර්ම දානයට “බුදුසරණ” පිරිනැමේ.


වලානේ වෙසක් තොරණ

වලාන ශ්‍රී විජය ජ්‍යෙෂ්ඨ පුරවැසි සංවිධානය මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් ඉදිකළ වෙසක් තොරණ පානදුර වලාන ශ්‍රී විජය සෞගත විද්‍යාලීය මහා පිරිවෙන් විහාර භූමියේදී මැයි මස 21,22,23,24,25 දිනවල ප්‍රදර්ශනය කිරීමට නියමිතය.


අනුරාධපුරය

අනුරාධපුර මහනගර සභාව සහ අනුරාධපුර තරුණ පදනම මගින් මහනගර සභාවේ විපක්ෂ නායක ඉන්දික අරුණ කුමාර (එ.ජා.ප.) මහතා ගේ මගපෙන්වීම යටතේ 21 වන වරටත් සංවිධානය කරනු ලබන “බුද්ධගයා වෙසක් අසිරිය’ මෙම මස 21,22,23 යන දිනයන්හි අනුරාධපුර බුද්ධගයා මාවතේදී පැවැත්වේ.

වෝල්ටර් දයාරත්න – අනුරාධපුර දිසා විශේෂ


තල්වත්තේ ඉන්දජෝති නා හිමි සමරුව 28 දා

තල්පිටිය දළදාවත්ත පුරාණ මහා විහාරාධිපතිව වැඩි විසූ විචිත්‍රභාණක ප්‍රවචන කීර්ති ශ්‍රී සද්ධර්මාවාගීස්වර තල්වත්තේ ඉන්දජෝති නා හිමි සිව්වන වාර්ෂික පින්කම මෙම මස 28 වැනි දින එම විහාරස්ථානයේ දී පැවැත්වේ.

තල්පිටියේ ඩබ්. එම්. එන්. වී. විජේනායක


කළුගල ශ්‍රී රතනජෝති නා හිමි සමරු පින්කම්

රජරට වනවාස සංඝ සභාවේ ප්‍රධාන සංඝනායක අතුරුගිරිය ඔරුවල ධර්මාශ්‍රම භාවනා මධ්‍යස්ථානාධිපති කම්මට්ඨානාචාර්යය , ත්‍රිපිඨක විශාරද, කළුගල ශ්‍රී රතනජෝති නා හිමියන් අපවත්වීමෙන් තෙමස්පූර්ණ පින්පැමිණවීම මෙම මස 22 දින පස්වරුවේ ධර්ම දේශනාවක් හා 23 දින දහවල් 60 නමක් විෂයෙහි සාංඝික දානය පිරිනමා නා හිමියන්හට පින් පැමිණවීම සිදු කෙරේ.


රත්මලානේ මල්ලිකාරාමය

පෝදා පෙරවරු 6.30 සීලසමාදානය හා බුද්ධ වන්දනාව විහාරාධිපති රණස්ගල්ලේ ඥානවීර හිමි, 8.00 භාවනාව රණස්ගල්ලේ ඥානවීර හිමි, 9.00 ධර්ම දේශනාව පණ්ඩිත බලංගොඩ ධම්මරතන හිමි, 10.00 ධර්ම සාකච්ඡාව මහාචාර්ය අසංග තිලකරත්න, 11.00 බුද්ධ පූජාව, පස්වරු 12.30 සෙත් පිරිත්, 1.00 බුද්ධානු භාවනාව කොත්මලේ ඥානවංශ හිමි, 2.00 බෞද්ධ කතාව, හිටපු නීතිපති ජනාධිපති නීතිඥ පාලිත ප්‍රානන්දු මහතා, 3.30 ධර්ම දේශනාව රජකීය පණ්ඩිත අයගම සුසීල හිමි, 4.30 ධම්ම පදයෙන් බිඳක් සිටිනාමලුවේ පඤ්ඤාවාස හිමි, 5.00 ධර්ම දේශනාව විහාරාධිපති රණස්ගල්ලේ ඥානවීර හිමි, 6.30 බෝධි පූජාව.


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ වැඩිහිටි සීල සමාදානය

පෝදා පෙරවරු 6.00 – 7.00 සිල් සමාදන්කරවීම හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති තල්පාවිල කුසලඥාණ හිමි, 8.00 – 9.00 භාවනාව රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති හක්මන සුමනසිරි හිමි, 9.00 – 10.00 සූත්‍ර දේශනාව වැලිමඩ පසන්න මානස හිමි, 10.00 – 11.00 අභිධර්ම සාකච්ඡාව පියදාස මුතුගම මහතා, 11.00 – 11.15 බුද්ධ පූජාව පන්විල සරණ හිමි, ඕපනායක ධම්මවිරාග හිමි, පස්වරු 12.30 – 12.35 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනාව, 12.35 – 1.00 පිරිත් හා තෙරුවන් ගුණ මීගොඩ මධුභානී හිමි, මාගම විමල හිමි, 1.00 – 2.00 ධර්ම සාකච්ඡාව ගල්කිස්සේ සෝමානන්ද හිමි, 2.00 – 3.00 ධර්ම දේශනාව උඩහමුල්ල පඤ්ඤෝධාරාමාධිපති පාලි හා බෞද්ධ පශ්චාත් උපාධි ආයතනයේ කථිකාචාර්ය ආචාර්ය මඩිහේ සුගතසිරි නාහිමි, 3.00 – 3.45 ධර්ම දේශනය දෙල්කඳ පුෂ්පාරාමාධිපති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති කහටපිටියේ පඤ්ඤාසාර නාහිමි, 4.00 – 5.00 ධර්ම දේශනය බම්බලපිටිය සිරි වජිරාරාමාධිපති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති තිරිකුණාමලේ ආනන්ද මහානාහිමි, 5.00 – 6.00 ධම්මපදය ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 6.00 – 6.30 බෝධි පූජාව සහ සිල් අලුත් කිරීම, මෙහෙයවීම, ශාස්ත්‍රපති රාජකීය හක්මන සුමනසිරිහිමි.


 
 

  වෙසක් පුර පසළොස්වක පෝය

  වෙසක් පුර පසළොස්වක පෝය මැයි 21 වන දා සෙනසුරාදා පූර්ව භාග 12.42 ට ලබයි. 22 වන දා ඉරිදා පූර්වභාග 02.44 දක්වා පෝය පැවැත්වේ. සිල් සමාදන්වීම මැයි මස 21 වනදා සෙනසුරාදාය. 

මීළඟ පෝය මැයි 29 වනදා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 21

Second Quarterඅව අටවක

මැයි 29

Full Moonඅමාවක

ජුනි 04

First Quarterපුර අටවක

ජුනි 12


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]