UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සම්බුදු තෙමඟුල සැමරීම බෞද්ධයන්ගේ යුතුකමයි


සම්බුදු තෙමඟුල සැමරීම බෞද්ධයන්ගේ යුතුකමයි

වෙසක් මහේ, වෙසක් දිනය යනු, සැදැහැවත් සියලු බෞද්ධ ජනතාවගේ උතුම්ම දවසයි. ඉමහත් උත්සවශ්‍රීයෙන් අප මහා අමාමෑණි බුදුපියාණන් වහන්සේගේ උතුම් තෙමඟුල සමරන පුර පසළොස්වක පොහෝ දිනයයි. ලොව්තුරා අමාමෑණි සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උප්පත්තිය, බුදුවීම සහ පරිනිර්වාණය යන තෙවැදෑරුම් උත්තම අවස්ථා සිදුවුණේ වෙසක් පුර පසළොස්වක පොහොය දිනයක දීය. ලෝකවාසී බෞද්ධ ජනතාව මහත් ඉහළින් වෙසක් පින්කම් මහානර්ඝ අයුරින් සිදු කරනු ලැබේ. ඒ අතරින් ලංකාවාසී බෞද්ධ ජනතාව මෙරට බුදුදහම ප්‍රතිෂ්ඨා-පනය වූ දවසේ පටන් අධ්‍යාත්මය මුසු වූ පුණ්‍යකර්ම මහෝත්සවයක් ලෙස වෙසක් උත්සවය සමරනු ලැබේ.

බුදුදහම යනු මෙලොව, පරලොව දෙලොව සුගතිමත් කරන සුබවාදී අසමසම ධර්මයක්. එනිසා තමයි බෞද්ධයන් ලෙස අපට වෙසක් දිනය මහා අනර්ඝ දිනයක් වෙන්නේ. මෙහිදී ආමිස හා ප්‍රතිපත්ති පූජා රැසක්ම වෙසක් මහෝත්සවය මූලික කොටගෙන මෙරට සියලුම විහාරස්ථාන කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කරනු ලැබේ. විශේෂයෙන් පංචශීල, අෂ්ටාංග ශීල සමාදන් වීම, භාවනා වැඩසටහන්, ධර්ම සාකච්ඡා වැනි ආධ්‍යාත්මික ක්‍රියා- පිළිවෙත් ද ලෝකයෙන්ම ප්‍රමුඛතවම ලංකාවේ පමණක් සිදුවන දන්සැල්දීම්, පෙරහර, වෙසක් තොරණ, විශාල පහන් කූඩු, බකට් දැල්වීම් වැනි ආමිෂ පූජාවන්ද උත්සවශ්‍රීයෙන් යුතුවම පැවැත්වනු ලැබේ. නොයෙක් විසිතුරු දෑ සකස්කොට පරිසරය අලංකාර කිරීම් මෙන්ම, පොල්තෙල් පහන්, ඉටිපන්දම් දැල්වීම, වෙසක් දිනවල දැකිය හැකි වෙසක් හා බැඳුණු සංස්කෘතිකාංග වේ. එමෙන්ම වෙසක්පත් සහෘයන් හා ඥාතීන් අතර හුවමාරු කර ගැනීම වෙසක් සමයේ බෞද්ධයන් අතර සුහදත්වය වර්ධනය කරවන්නක්.

මේ හැම දේකින්ම බෞද්ධයා අපේක්ෂා කරන්නේ උතුම් බුදුරජාණන් වහන්සේගේ සම්බුදු තෙමඟුල ඉහළින්ම ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවන්ගෙන් ආඪ්‍ය කිරීමයි. අප ශ්‍රද්ධාවෙන් යුතුව උතුම් සම්බුදු තෙමඟුල සමරන්න පෙළ ගැසෙන්නේ එය බෞද්ධයන්ගේ උරුමයක් වන නිසයි. ශ්‍රී සම්බෝධි විහාරස්ථානය කේන්ද්‍රකොටගෙන මහානීය මහා පින්කම් මාලාවක්ම වෙසක් පුන් පොහෝ දින මැදිකොට ගෙන සිදුකෙරේ. එහිදී සම්බෝධි විහාරයේ බුද්ධ ප්‍රතිමාවහන්සේට ස්වර්ණමය විවරයක් පූජා කෙරෙනවා. අප එය ‘සුගතචීවර පූජා’ නමින් මහානුභාවයෙන් යුතුව පවත්වනවා. වෙසක් පුන් පොහෝදිනම පාත්‍ර 1008 ක කිරි ආහාර පූජාව සහ ව්‍යාංජන 1008 ක දහවල් බුද්ධ පූජාව පවත්වනවා. රන්පාත්‍රයක් රිදීපාත්‍රයක් ඇතුළු පාත්‍ර 1008 සඳහා පිළියෙල කරන බුද්ධ පූජාව සඳහා යොදාගන්නෙ ඉපැරණී සහල් වර්ග 108 ක් සහ රජයේ වෛද්‍යවරු විසින් වස විෂ නැතිව වගාකරන එළවළු. පොහෝ දිනම ශ්‍රී සම්බෝධි විහාරයේ මහා ශීල සමාදානයක්ද ක්‍රියාත්මක වෙනවා. එමෙන්ම අසූහාරදහසක පිත්තල පහන් සුවඳ තෙල් යොදා දල්වමින් පහන් පූජාවකුත් සිදු කරනවා. ඒවගේම අසූහාරදහසක විදුලි බල්බ යොදාගෙන විදුලි ආලෝක පූජාවකින්ද ශ්‍රී සම්බෝධි විහාරය ඒකාලෝක වෙනවා. මේ උතුම් පින්කම් මාලාවන්ට අමතරව ශ්‍රී සම්බෝධි වෙසක් කලාපයත් ක්‍රියාත්මක වේ. ඒ යටතේ තෙදින පුරාම මහා බත් දන්සැල්, වෙසක් පහන් කූඩු තරගයක්ද පැවැත්වේ. ඒ වගේම වෙසක් සැදැහැ ගී සරණිය, භක්ති ගීතාවලියක්, ශ්‍රී සම්බෝධි දහම් පාසලේ ලෝඩ්ස්ටාර් ජාත්‍යන්තර පාසලේ ගේට්වේ ජාත්‍යන්තර පාසලේ සහ මියුසියස් බාලිකා විද්‍යාලයේ දරු දැරියන්ගේ සහභාගීත්වයෙන් පැවත්වෙනවා. වෙසක් පින්කම් මහෝත්සවය නිමාවට පත්වන්නේ මැයි 23 වන දා රාත්‍රියේ ශ්‍රී සම්බෝධි වෙසක් මහා පෙරහර වීදි සංචාරය කිරීමෙනුයි.


 
 

  වෙසක් පුර පසළොස්වක පෝය

  වෙසක් පුර පසළොස්වක පෝය මැයි 21 වන දා සෙනසුරාදා පූර්ව භාග 12.42 ට ලබයි. 22 වන දා ඉරිදා පූර්වභාග 02.44 දක්වා පෝය පැවැත්වේ. සිල් සමාදන්වීම මැයි මස 21 වනදා සෙනසුරාදාය. 

මීළඟ පෝය මැයි 29 වනදා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 21

Second Quarterඅව අටවක

මැයි 29

Full Moonඅමාවක

ජුනි 04

First Quarterපුර අටවක

ජුනි 12


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]