[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

වීථිවච්ඡ ජාතක කතාව ඇසුරිනි

වප් අමාවක පෝය

 ඔක්තෝබර් 24 සඳුදා
අ.භා. 05.24 අමාවක ලබා 25 අඟහරුවාදා අ.භා. 04.16 ගෙවේ.
24 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ඔක්තෝබර් 24

First Quarterපුර අටවක

නොවැම්බර් 01

Full Moonපසළොස්වක

නොවැම්බර් 07

Second Quarterඅව අටවක

නොවැම්බර් 16

අනුරාධපුර පූජනීය අටමස්ථානයේ වර්තමාන සංවර්ධනයේ නියමුවාණෝ
ආචාර්ය පල්ලේගම සිරිනිවාස නා හිමිපාණන් වහන්සේ

අනුරාධපුර අටමස්ථානාධිපති ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිසුමන ධම්මරක්ඛිත සිරිනිවාස නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ පසුගිය 18 දින අපවත්වී වදාළහ. අපවත්වන විට උන්වහන්සේ හැත්තෑ වැනි වියේ පසුවූහ. උන්වහන්සේ මෙතෙක් අටමස්ථානාධිපති තනතුරු දැරූ බෝමලු පරම්පරාවේ දහවැනි අටමස්ථානාධිපතින් වහන්සේ ය. වර්ෂ 1953 දී මාතලේ වගපනහ පල්ලේසිය පත්තුවේ පල්ලේගම ග්‍රාමයේ උපත ලැබූහ. පල්ලේගම දුක්ගන්නා වලව්වේ කුළුදුල් පිරිමි දරුවා ලෙස උපත ලද සිරිනිවාස නාහිමියන්ගේ පියාණන් වූයේ කරුණාසිංහ මුදියන්සේලාගේ ටිකිරිබණ්ඩා නිලමේතුමා ය. මෑණියන් දුක්ගන්නා වලව්වේ අනුලා කුමාරිහාමි මාතාව ය. මෙම කුමරුවා කිතුල්හිටියාව රජයේ පාසලෙන් මූලික අධ්‍යාපනය ලැබුවේ ය. හත්වැනි ශ්‍රේණිය දක්වා පාසල් අධ්‍යාපනය ලබා 1968 වර්ෂයේ මැයි මාසයේ දිනක දී රුවන්වැලි මහා චෛත්‍යාරාමයේ දී එවකට අටමස්ථානාධිපති ව වැඩ විසූ උදුරුව හල්මිල්ලෑව ශ්‍රී රේවත නා හිමියන්ගේ අනුමැතියෙන් පල්ලේගම ධම්මරක්ඛිත නාහිමියන්ගේ හා පල්ලේගම ඤාණරතන හිමියන්ගේ ආචාර්යත්වයෙන් පල්ලේගම සිරිනිවාස නමින් සසුන් බිමට ඇතුළත් විය.

දුක අවබෝධ කරගෙන දුකෙන් මිදෙන්න

“යමක් වනාහි අනිත්‍ය ද, එය දුක් හෝ සැප හෝ වේ ද?” “ස්වාමීනි දුකය,” “යමක් අනිත්‍ය ද, දුක ද, පෙරළෙන සුලු ද, එය මාගේ ය. එය මම වෙමි. එය මාගේ ආත්මය යි කියා දැකීමට සුදුසු වේද? ස්වාමීනි, එය නොවේ ම ය.” නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ බරණැස ඉසිපතන මිගදායෙහි වැඩ වාසය කරන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා පස්වග භික්ෂූන් ඇමතූ සේක. ඒ භික්ෂුහු ‘ස්වාමීනි’යි භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. “මහණෙනි, රූපය අනාත්ම ය, මහණෙනි, ඉදින් මේ රූපය ආත්ම ය නම්, මේ රූපය ආබාධ පිණිස නොපවත්නේ ය. මගේ රූපය මෙසේ වේවා, මගේ රූපය මෙසේ නොවේවා’යි කියා රූපයෙහි කැමති ආකාරයක් ද ලබන්නේ ය”. “මහණෙනි, යම් හෙයකින් රූපය අනාත්ම ද, එහෙයින් රූපය ආබාධ පිණිස පවතී. ‘මගේ රූපය මෙසේ වේවා, මගේ රූපය මෙසේ නොවේවා’යි කියා රූපයෙහි කැමති ආකාරයක් ද නො ලබන්නේ ය.” “මහණෙනි, වේදනාව අනාත්මය, මහණෙනි, ඉදින් මේ වේදනාව ආත්මය වූයේ නම්, මේ වේදනාව ආබාධ පිණිස නොපවත්නේ ය. මගේ වේදනාව මෙසේ වේවා, මගේ වේදනාව මෙසේ නොවේවා’යි කියා වේදනාවෙහි ලැබෙන්නේ ය.” “මහණෙනි, යම් හෙයකින් වනාහි වේදනාව අනාත්ම ද, එහෙයින් වේදනාව ආබාධ පිණිස පවතී.
 

වටිනාකම් රැකෙන්නේ වත්පොහොසත්කම් මත ම නොවේ

අනුරාධපුර යුගයේ දී බුදුරජාණන් වහන්සේගේ ධර්මය ලක්දිව පුරා ව්‍යාප්ත වුණා. භික්ෂූන් වහන්සේත් ඒ ධර්ම මාර්ගයේ පිහිටා කටයුතු කරන්න පටන් ගත්තා. මෙකල තිබුණා උත්තරෝලිය නම් ගමක්. අනුරාධපුර නගරයට ඈතින් තමයි පිහිටලා තිබුණේ. ගම්වැසියෝ ජීවත්වීමට විවිධ රැකියාවල නිරත වුණා. එක් මහලු මවක් සහ පුතෙක් ජීවත් වුණා බොහෝම දුක සේ. වගා කරන්න ඔවුන්ට අයත් ව ඉඩමක්වත් තිබුණේ නෑ. ජීවත් වෙන්න කළේ පොහොසත් මිනිසුන්ට සේවය කිරීමයි. පුතා කලක් දුර පළාත්වල සේවය කළා. එහෙත් මව රෝගීවීමත්, මහලු වියේ සිටීමත් නිසා නිවසේ සිටම රැකියාවක් කරන්න තීරණය කළා. ගම් පෙදෙසේ රැකියාවක් සොයා වෙහෙසුණත් ලැබුණේ නෑ. විශාල ගව පට්ටියකට හිමිකම් කියන මිනිසෙක් රැකියාවක් සොයා වෙහෙසෙන තරුණයා දැක ගවයන් බලා ගැනීමට කැමැති දැයි අසා ඔහුට ගොපල්ලකු ලෙස සේවය කිරීමට අවස්ථාව දුන්නා. තරුණයාත් සතුටින් රැකියාව කරමින් කල්ගත කළා. මවත් රැක බලා ගත්තා. දවසක් මව අලුයම නැඟිට වැඩට යන්න සූදානම් වන පුතා අමතා කිව්වා.
 

කුරුන්දි ජාතික උරුමයට ඇයි මේ බාධා

කුරුන්දි විහාරය එහෙමත් නැත්නම් කුරුඳුමලේ ගැන අපි මීට පෙරත් කතා කළා. අවාසනාවට අදත් මේ ඓතිහාසික සිද්ධස්ථානය ගැන අපට කතා කරන්නට සිදුව ඇත්තේ ඊට එරෙහිව පිරිසක් කටයුතු කරන නිසයි. මුලතිව් කෝකිලායි මාර්ගයේ නාගචෝලේ වන රක්ෂිතයේ පිහිටා ඇති කුරුන්දි විහාරය මෙරට එකම කබොක් ස්තූපය බවට සැලකෙනවා. ඒ බව පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියන් විසින් ද තහවුරු කර තියෙනවා. 1933 වසරේ දී බ්‍රිතාන්‍ය පාලකයන් විසින් නාගචෝලේ රක්ෂිතයක් ලෙස ගැසට් කරන ලද්දේ එහි ඇති ඓතිහාසිකත්වය නිසයි. සේරුවාවිල විහාරස්ථානය අපට දායාද කළ දඹගස්ආරේ මේධංකර හිමියන් විසින් කුරුන්දි විහාරය ගැන පැහැදිලිව කරුණු දක්වා තිබෙනවා. කුරුන්දි විහාරය අයත් භූමි භාගය 80 දශකයේ දී නියමිත පරිදි හඳුනා ගැනීමෙන් පසු එය සංරක්ෂණයට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් කටයුතු කළා. එහෙත් පසුව ඇති වූ ත්‍රස්තවාදී යුද ගැටුම් නිසා ඒ සියල්ල පසුවට නතර කර දමන්නට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට සිදු වුණා. යුද්ධයෙන් පසුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් කුරුන්දි විහාරයීය පුනරුත්ථාපන කටයුතු ආරම්භ කළත් ප්‍රතිපාදන නොමැති වීම නිසා ගැටලුවකට මැදි වන්නට ඔවුන්ට සිදුවුණා. එහෙත් බෞද්ධාලෝක පදනමේ සභාපති ජගත් සුමතිපාල මහතා විසින් ලබා දුන් මුදල් ප්‍රතිපාදන නිසා එහි සංරක්ෂණ කටයුතු සිදු කරන්නට හැකි වීම භාග්‍යයක් බව පෙන්වා දිය යුතුයි.

වප් අමාවක
පෝය දින

Budusarana e-paper

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]