දුක අවබෝධ කරගෙන
දුකෙන් මිදෙන්න
අතුරුගිරියේ ධීරානන්ද හිමි
“යමක් වනාහි අනිත්‍ය ද, එය දුක් හෝ සැප හෝ වේ ද?” “ස්වාමීනි දුකය,”
“යමක් අනිත්‍ය ද, දුක ද, පෙරළෙන සුලු ද, එය මාගේ ය. එය මම වෙමි. එය මාගේ ආත්මය යි
කියා දැකීමට සුදුසු වේද? ස්වාමීනි, එය නොවේ ම ය.”
නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.
මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ බරණැස ඉසිපතන මිගදායෙහි වැඩ වාසය කරන සේක. එකල්හි
භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා පස්වග භික්ෂූන් ඇමතූ සේක. ඒ භික්ෂුහු
‘ස්වාමීනි’යි භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ
සේක.
“මහණෙනි, රූපය අනාත්ම ය, මහණෙනි, ඉදින් මේ රූපය ආත්ම ය නම්, මේ රූපය ආබාධ පිණිස
නොපවත්නේ ය. මගේ රූපය මෙසේ වේවා, මගේ රූපය මෙසේ නොවේවා’යි කියා රූපයෙහි කැමති
ආකාරයක් ද ලබන්නේ ය”.
“මහණෙනි, යම් හෙයකින් රූපය අනාත්ම ද, එහෙයින් රූපය ආබාධ පිණිස පවතී. ‘මගේ රූපය මෙසේ
වේවා, මගේ රූපය මෙසේ නොවේවා’යි කියා රූපයෙහි කැමති ආකාරයක් ද නො ලබන්නේ ය.”
“මහණෙනි, වේදනාව අනාත්මය, මහණෙනි, ඉදින් මේ වේදනාව ආත්මය වූයේ නම්, මේ වේදනාව ආබාධ
පිණිස නොපවත්නේ ය. මගේ වේදනාව මෙසේ වේවා, මගේ වේදනාව මෙසේ නොවේවා’යි කියා වේදනාවෙහි
ලැබෙන්නේ ය.” “මහණෙනි, යම් හෙයකින් වනාහි වේදනාව අනාත්ම ද, එහෙයින් වේදනාව ආබාධ
පිණිස පවතී. ‘මගේ වේදනාව මෙසේ වේවා, මගේ වේදනාව මෙසේ නොවේවා’යි ලෙසින් සංඥාවෙහි
(මෙබන්දක්) නො ලබන්නේ ය”.
“මහණෙනි, සංස්කාර අනාත්මය, මහණෙනි, ඉදින් මේ සංස්කාර ආත්මය වූවාහු නම්, මේ සංස්කාර
ආබාධ පිණිස නො පතින්නාහ. මාගේ සංස්කාර මෙසේ වෙත්වා, මගේ වේදනාව මෙසේ නො වෙත්වායි’
කියා සංස්කාරයන්හි ලබන්නේ ය”. “මහණෙනි, යම් හෙයකින් වනාහි සංස්කාර අනාත්ම ද,
එහෙයින් සංස්කාර ආබාධ පිණිස පවතිත්. ‘මගේ සංස්කාර මෙසේ වෙත්වා, මගේ සංස්කාර මෙසේ නො
වෙත්වායි’ ලෙසින් සංස්කාර කෙරෙහි නො ලැබන්නේය”.
“මහණෙනි, විඥානය අනාත්ම ය. මේ විඥානය ආත්මය වූයේ නම්, මේ විඥානය ආබාධ පිණිස නො
පතින්නාහ. මාගේ මේ විඥානය මෙසේ වේවා, මගේ මේ විඥානය මෙසේ නොවේවා’යි කියා විඥානයෙහි
ලබන්නේ ය”. “මහණෙනි, විඥානය අනාත්ම ද, එහෙයින් විඥානය ආබාධ පිණිස පවතියි. ‘මගේ
විඥානය මෙසේ වේවා, මගේ මේ විඥානය නොවේවායි’ ලෙසින් විඥානය කෙරෙහි නො ලබන්නේ ය.”
“මහණෙනි, මේ ගැන නුඹලා කුමක් සිතන්නාහු ද, රූපය නිත්‍ය හෝ වෙයි ද? අනිත්‍ය හෝ වෙයි
ද?” “ස්වාමීනි, අනිත්‍යය” “යමක් වනාහි අනිත්‍ය ද, එය දුක් හෝ සැප හෝ වේ ද?”
“ස්වාමීනි දුක ය,”
“යමක් අනිත්‍ය ද, දුක ද, පෙරළෙන (වෙනස් වන) සුලු ද, එය මාගේ ය. එය මම වෙමි. එය මාගේ
ආත්මයයි කියා දැකීමට සුදුසු වේ ද? ස්වාමීනි, එය නොවේ ම ය.”
“මහණෙනි, මේ ගැන නුඹලා කුමක් සිතන්නාහු ද, වේදනාව නිත්‍ය හෝ වෙයි ද? අනිත්‍ය හෝ
වෙයිද?” “ස්වාමීනී, අනිත්‍ය ය,” “යමක් වනාහි අනිත්‍ය ද, එය දුක් හෝ සැප හෝ වේ ද?”
“ස්වාමීනි දුකය,” “යමක් අනිත්‍ය ද, දුකද, පෙරළෙන (වෙනස් වන) සුලු ද, එය මාගේ ය. එය
මම වෙමි. එය මාගේ ආත්මයයි කියා දැකීමට සුදුසු වේ ද? ස්වාමීනි, එය නොවේ ම ය.”
“මහණෙනි, මේ ගැන නුඹලා කුමක් සිතන්නාහු ද, සංඥාව නිත්‍ය හෝ වෙයි ද? අනිත්‍ය හෝ
වෙයිද?” “ස්වාමීනි, අනිත්‍ය ය,” “යමක් වනාහි අනිත්‍ය ද, එය දුක් හෝ සැප හෝ වේද?”
“ස්වාමීනි දුක ය,” “යමක් අනිත්‍ය ද, දුක ද, පෙරළෙන සුලු ද, එය මාගේ ය. එය මම වෙමි.
එය මාගේ ආත්මයයි කියා දැකීමට සුදුසු වේද? ස්වාමීනි, එය නොවේ ම ය.”
“මහණෙනි, මේ ගැන නුඹලා කුමක් සිතන්නාහු ද, සංස්කාර නිත්‍ය හෝ වෙත් ද? අනිත්‍ය හෝ
වෙත් ද?” “ස්වාමීනි, අනිත්‍ය යි,”
“යමක් වනාහි අනිත්‍ය ද, එය දුක් හෝ සැප හෝ වේ ද?” “ස්වාමීනි දුකය,”
“යමක් අනිත්‍ය ද, දුක ද, පෙරළෙන සුලු ද, එය මාගේ ය. එය මම වෙමි. එය මාගේ ආත්මය යි
කියා දැකීමට සුදුසු වේද? ස්වාමීනි, එය නොවේ ම ය.”
“මහණෙනි, ඒ කුමකැයි සිතන්නාහු ද, විඥානය නිත්‍ය හෝ වෙයි ද? අනිත්‍ය හෝ වෙයි ද?”
“ස්වාමීනි, අනිත්‍ය යි,”
“යමක් වනාහි අනිත්‍ය ද, එය දුක් හෝ සැප හෝ වේද?” “ස්වාමීනි දුක ය,”
“යමක් අනිත්‍ය ද, දුක ද, පෙරළෙන සුලු ද, එය මාගේ ය. එය මම වෙමි. එය මාගේ ආත්මයයි
කියා දැකීමට සුදුසු වේ ද?
ස්වාමීනි, එය නොවේම ය.”
“මහණෙනි එසේ හෙයින්,
අතීත - අනාගත වර්තමාන, අධ්‍යාත්මික වූ හෝ, බාහිර වූ ඕලාරික වූ හෝ, සියුම් වූ හෝ,
හීන වූ හෝ, ප්‍රණීත වූ හෝ, දුර වූ හෝ, සමීපයෙහි වූ හෝ යම්කිසි රූපයක් වේ ද, ඒ සියලු
රූප ‘මාගේ නොවෙයි. මම නොවෙමි. මාගේ ආත්මය නොවෙයි’ කියා තත්වූ පරිදි සම්‍යක්
ප්‍රඥාවෙන් (විදර්ශනා ඥානයෙන්) දත යුතුයි.
අතීත - අනාගත වර්තමාන, ආධ්‍යාත්මික වු හෝ බාහිර වූ ඕලාරික වූ හෝ සියුම් වූ හෝ හීන
වූ හෝ, ප්‍රණීත වූ හෝ දුර වූ හෝ සමීපයෙහි වූ හෝ යම්කිසි වේදනාවක් වේ ද, ඒ සියලු
වේදනා ‘මාගේ නොවෙයි. මම නොවෙමි. මාගේ ආත්මය නොවෙයි’ කියා තත්වූ පරිදි සම්‍යක්
ප්‍රඥාවෙන් (විදර්ශනා ඥානයෙන්) දත යුතුයි.
අතීත - අනාගත වර්තමාන, ආධ්‍යාත්මික වූ හෝ බාහිර වූ ඕලාරික වූ හෝ සියුම් වූ හෝ හීන
වූ හෝ ප්‍රණීත වූ හෝ දුර වූ හෝ සමීපයෙහි වූ හෝ යම්කිසි සංඥාවක් වේ ද, ඒ සියලු සංඥා
‘මාගේ නොවෙයි. මම නොවෙමි. මාගේ ආත්මය නොවෙයි’ කියා තත්වූ පරිදි සම්‍යක් ප්‍රඥාවෙන්
(විදර්ශනා ඥානයෙන්) දත යුතුයි.
අතීත - අනාගත වර්තමාන, ආධ්‍යාත්මික වූ හෝ, බාහිර වූ ඕලාරික වූ හෝ, සියුම් වූ හෝ,
හීන වූ හෝ, ප්‍රණීත වූ හෝ, දුර වූ හෝ, සමීපයෙහි වූ, හෝ යම්කිසි සංස්කාරයක්වේ ද, ඒ
සියලු සංස්කාර ‘මාගේ නොවෙයි. මම නොවෙමි. මාගේ ආත්මය නොවෙයි’ කියා තත්වූ පරිදි
සම්‍යක් ප්‍රඥාවෙන් (විදර්ශනා ඥානයෙන්) දත යුතුයි.
අතීත - අනාගත වර්තමාන, අධ්‍යාත්මික වූ හෝ බාහිර වූ ඕලාරික වූ හෝ සියුම් වූ හෝ හීන
වූ හෝ ප්‍රණීත වූ හෝ දුර වූ හෝ සමීපයෙහි වූ හෝ යම්කිසි විඥානයක් වේ ද, ඒ සියලු
විඥාන ‘මාගේ නොවෙයි, මම නොවෙමි. මාගේ ආත්මය නොවෙයි’ කියා තත්වූ පරිදි සම්‍යක්
ප්‍රඥාවෙන් (විදර්ශනා ඥානයෙන්) දත යුතුයි.
“මහණෙනි මෙසේ දක්නා වූ ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවක තෙමේ රූපය කෙරෙහි ද කලකිරෙයි, වේදනාව
කෙරෙහි ද, සංඥාව කෙරෙහි ද, සංස්කාරයන් කෙරෙහි ද, විඥානය කෙරෙහි ද, කලකිරෙයි.
කලකිරුණේ නො ඇලෙයි, නො ඇලීමෙන් (කෙලෙසුන් කෙරෙන්) මිදෙයි, මිදුණු කල්හි මිදුණේ ය යන
නුවණ (පහළ) වෙයි. ජාතිය ක්ෂය විය. බ්‍රහ්මචර්යාව වැස නිමවන ලදී. කළ යුත්ත කරන ලදී.
කෙලෙස් ක්ෂය කිරීම සඳහා කළ යුතු අනෙකක් නැත්තේ යැයි දනියි” භාග්‍යවතුන් වහන්සේගේ
වචනය සතුටින් පිළිගත්හ.
මේ ධර්මය දේශනා කළ කල්හි පස්වග භික්ෂූන්ගේ සිත් උපාදාන විසින් නොගෙන ආශ්‍රවයන්ගෙන්,
කෙලෙසුන්ගෙන් මිදුණාහු ය.
“චිරං තිට්ඨතු ලෝකස්මිං - සම්මා සම්බුද්ධසාසනං
තස්මි සගාරවා නිච්චං - හොන්තු සබ්බේපි පාණිනො”
(නිර්මල බුදු සසුන චිරාත් කාලයක් ලෝකයෙහි පවතීවා සියලුම සත්වයෝ ඒ නිර්මල බුදු සසුනට
නිරතුරු ගෞරව කරත්වා ) |