[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

  ආචාර්ය පල්ලේගම සිරිනිවාස
නා හිමිපාණන් වහන්සේ

 

අනුරාධපුර පූජනීය අටමස්ථානයේ වර්තමාන සංවර්ධනයේ නියමුවාණෝ
ආචාර්ය පල්ලේගම සිරිනිවාස නා හිමිපාණන් වහන්සේ

අනුරාධපුර අටමස්ථානාධිපති ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිසුමන ධම්මරක්ඛිත සිරිනිවාස නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ පසුගිය 18 දින අපවත්වී වදාළහ. අපවත්වන විට උන්වහන්සේ හැත්තෑ වැනි වියේ පසුවූහ. උන්වහන්සේ මෙතෙක් අටමස්ථානාධිපති තනතුරු දැරූ බෝමලු පරම්පරාවේ දහවැනි අටමස්ථානාධිපතින් වහන්සේ ය. වර්ෂ 1953 දී මාතලේ වගපනහ පල්ලේසිය පත්තුවේ පල්ලේගම ග්‍රාමයේ උපත ලැබූහ. පල්ලේගම දුක්ගන්නා වලව්වේ කුළුදුල් පිරිමි දරුවා ලෙස උපත ලද සිරිනිවාස නාහිමියන්ගේ පියාණන් වූයේ කරුණාසිංහ මුදියන්සේලාගේ ටිකිරිබණ්ඩා නිලමේතුමා ය. මෑණියන් දුක්ගන්නා වලව්වේ අනුලා කුමාරිහාමි මාතාව ය. මෙම කුමරුවා කිතුල්හිටියාව රජයේ පාසලෙන් මූලික අධ්‍යාපනය ලැබුවේ ය. හත්වැනි ශ්‍රේණිය දක්වා පාසල් අධ්‍යාපනය ලබා 1968 වර්ෂයේ මැයි මාසයේ දිනක දී රුවන්වැලි මහා චෛත්‍යාරාමයේ දී එවකට අටමස්ථානාධිපති ව වැඩ විසූ උදුරුව හල්මිල්ලෑව ශ්‍රී රේවත නා හිමියන්ගේ අනුමැතියෙන් පල්ලේගම ධම්මරක්ඛිත නාහිමියන්ගේ හා පල්ලේගම ඤාණරතන හිමියන්ගේ ආචාර්යත්වයෙන් පල්ලේගම සිරිනිවාස නමින් සසුන් බිමට ඇතුළත් විය. ඉන් අනතුරුව උන්වහන්සේ භික්ෂු අධ්‍යාපනය සඳහා අනුරාධපුර මහා විහාර පිරිවෙනට ඇතුළත් කිරීමට පල්ලේගම ධම්මරක්ඛිත නා හිමියෝ කටයුතු කළහ. ඉන් අනතුරුව කොළඹ මාළිගාකන්ද විද්‍යෝදය මහ පිරිවෙනෙන් හා සඳලංකාවේ ශාස්ත්‍රෝදය පිරිවෙනෙන් ද හුණුපිටිය ගංගාරාමයේ ජිනරතන පිරිවෙනින් ද අධ්‍යාපනය ලබා 1983 දී කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් ව ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගත්හ.


වප් අමාවක පෝය

 ඔක්තෝබර් 24 සඳුදා
අ.භා. 05.24 අමාවක ලබා 25 අඟහරුවාදා අ.භා. 04.16 ගෙවේ.
24 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ඔක්තෝබර් 24

First Quarterපුර අටවක

නොවැම්බර් 01

Full Moonපසළොස්වක

නොවැම්බර් 07

Second Quarterඅව අටවක

නොවැම්බර් 16


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]