[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

විද්‍යාලංකාර සම්ප්‍රදායේ වර්තමාන භූමිකාව

එවකට රත්මලාන පුරාණ විහාරය ඇතුළු විද්‍යාලංකාර පිරුවන සතු සියලු ස්ථානයන්හි නීත්‍යනුකූල ප්‍රධාන අධිකාරී බලය හිමිව සිටි විද්‍යාලංකාර පරිවේණාධිපති, සාර්වභෞම පණ්ඩිත යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම නායක ස්වාමීන් වහන්සේ එම ස්ථානයෙහි නීත්‍යනුකූල අයිතියක් තමන්වහන්සේට හැර වෙනත් කිසිවකුට නැති බව මැනවින් පෙන්වා දී ඇති අතර, මේ පිළිබඳ සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් අපේ මල්වතු මහා විහාරයේ ශ්‍රීමත් මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ සානුනායක කාරක මහා සංඝ සභාව වෙත ලියා දැනුවත් කර ඇති බව කිව යුතු ය. රත්මලාන පුරාණ විහාරය සම්බන්ධ ව මතුවූ එම ප්‍රශ්නය විසඳීම සඳහා මල්වතු මහා විහාරය යක්කඩුවේ නායක ස්වාමීන් වහන්සේ විසින් යවන ලද සවිස්තරාත්මක ලිපිය විශේෂ අවධානයට ගෙන තීන්දුවක් දී ඇත. එම තීන්දුවෙහි මෙසේ සඳහන්ව ඇත. “විත්තිකාර ස්ථවිර තැන” වැටහෙන යුක්තියක් ඉටු කරන ලෙස” 1972.11.23 දින දරන ලියමන 1972.12.02 දින අප වෙත ලැබෙන්නට සලස්වා විභාගයට නොපැමිණියේ ය. පැමිණිලි පක්ෂය විභාගය සඳහා පැමිණියේ ය. මේ පිළිබඳ සෑහෙන කාලයක් ගතවීමත්, විත්තියේ ඉල්ලීම අනුව දින දීමත් සිදු වූ නමුත් විත්තිකාර ස්ථවිර තැන අන්තිමට එවූ ලියමනේ සඳහන් වන ලෙස විභාගයට ඉදිරිපත් නොවන බව ඒත්තු ගිය බැවින්, ලැබී තිබෙන ලියුම් කියවා බලා ඒ අනුව තීන්දුවක් කිරීමට සභා සම්මත විය.


වප් අමාවක පෝය

 ඔක්තෝබර් 24 සඳුදා
අ.භා. 05.24 අමාවක ලබා 25 අඟහරුවාදා අ.භා. 04.16 ගෙවේ.
24 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ඔක්තෝබර් 24

First Quarterපුර අටවක

නොවැම්බර් 01

Full Moonපසළොස්වක

නොවැම්බර් 07

Second Quarterඅව අටවක

නොවැම්බර් 16


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]