[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

දුක අවබෝධ කරගෙන දුකෙන් මිදෙන්න

“යමක් වනාහි අනිත්‍ය ද, එය දුක් හෝ සැප හෝ වේ ද?” “ස්වාමීනි දුකය,” “යමක් අනිත්‍ය ද, දුක ද, පෙරළෙන සුලු ද, එය මාගේ ය. එය මම වෙමි. එය මාගේ ආත්මය යි කියා දැකීමට සුදුසු වේද? ස්වාමීනි, එය නොවේ ම ය.” නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ බරණැස ඉසිපතන මිගදායෙහි වැඩ වාසය කරන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා පස්වග භික්ෂූන් ඇමතූ සේක. ඒ භික්ෂුහු ‘ස්වාමීනි’යි භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. “මහණෙනි, රූපය අනාත්ම ය, මහණෙනි, ඉදින් මේ රූපය ආත්ම ය නම්, මේ රූපය ආබාධ පිණිස නොපවත්නේ ය. මගේ රූපය මෙසේ වේවා, මගේ රූපය මෙසේ නොවේවා’යි කියා රූපයෙහි කැමති ආකාරයක් ද ලබන්නේ ය”. “මහණෙනි, යම් හෙයකින් රූපය අනාත්ම ද, එහෙයින් රූපය ආබාධ පිණිස පවතී. ‘මගේ රූපය මෙසේ වේවා, මගේ රූපය මෙසේ නොවේවා’යි කියා රූපයෙහි කැමති ආකාරයක් ද නො ලබන්නේ ය.” “මහණෙනි, වේදනාව අනාත්මය, මහණෙනි, ඉදින් මේ වේදනාව ආත්මය වූයේ නම්, මේ වේදනාව ආබාධ පිණිස නොපවත්නේ ය. මගේ වේදනාව මෙසේ වේවා, මගේ වේදනාව මෙසේ නොවේවා’යි කියා වේදනාවෙහි ලැබෙන්නේ ය.” “මහණෙනි, යම් හෙයකින් වනාහි වේදනාව අනාත්ම ද, එහෙයින් වේදනාව ආබාධ පිණිස පවතී. ‘මගේ වේදනාව මෙසේ වේවා, මගේ වේදනාව මෙසේ නොවේවා’යි ලෙසින් සංඥාවෙහි (මෙබන්දක්) නො ලබන්නේ ය”. “මහණෙනි, සංස්කාර අනාත්මය, මහණෙනි, ඉදින් මේ සංස්කාර ආත්මය වූවාහු නම්, මේ සංස්කාර ආබාධ පිණිස නො පතින්නාහ. මාගේ සංස්කාර මෙසේ වෙත්වා, මගේ වේදනාව මෙසේ නො වෙත්වායි’ කියා සංස්කාරයන්හි ලබන්නේ ය”. “මහණෙනි, යම් හෙයකින් වනාහි සංස්කාර අනාත්ම ද, එහෙයින් සංස්කාර ආබාධ පිණිස පවතිත්. ‘මගේ සංස්කාර මෙසේ වෙත්වා, මගේ සංස්කාර මෙසේ නො වෙත්වායි’ ලෙසින් සංස්කාර කෙරෙහි නො ලැබන්නේය”. “මහණෙනි, විඥානය අනාත්ම ය. මේ විඥානය ආත්මය වූයේ නම්, මේ විඥානය ආබාධ පිණිස නො පතින්නාහ. මාගේ මේ විඥානය මෙසේ වේවා, මගේ මේ විඥානය මෙසේ නොවේවා’යි කියා විඥානයෙහි ලබන්නේ ය”. “මහණෙනි, විඥානය අනාත්ම ද, එහෙයින් විඥානය ආබාධ පිණිස පවතියි. ‘මගේ විඥානය මෙසේ වේවා, මගේ මේ විඥානය නොවේවායි’ ලෙසින් විඥානය කෙරෙහි නො ලබන්නේ ය.”


වප් අමාවක පෝය

 ඔක්තෝබර් 24 සඳුදා
අ.භා. 05.24 අමාවක ලබා 25 අඟහරුවාදා අ.භා. 04.16 ගෙවේ.
24 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ඔක්තෝබර් 24

First Quarterපුර අටවක

නොවැම්බර් 01

Full Moonපසළොස්වක

නොවැම්බර් 07

Second Quarterඅව අටවක

නොවැම්බර් 16


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]