UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මහා නා හිමිවරුන්ගේ අනුශාසනා ලබාගෙන රන් වියන ප්‍රතිසංස්කරණය කරනවා - අගමැති

ශ්‍රී දළදා සමිඳුන් වැඩ වාසය කරන්නාවූ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ රන් වියන ප්‍රතිසංස්කරණය කිරීම මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ දෙනමගේ අනුශාසනා මත දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ අධීක්ෂණය යටතේ සිදුකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. සිය දේශපාලන ජීවිතයට වසර හතළිහක් සපිරීම නිමිත්තෙන් ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ආශීර්වාද ලබා ගැනීමට මහනුවර පැමිණි අවස්ථාවේ ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ය. ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා විසින් රන් වියන ඉදිකර ශ්‍රී දළදා මාලිගාවට පූජා කළ අතර එය 2001 වසරේ දී ප්‍රතිසංස්කරණය කරනු ලැබුවේද රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරය හෙබවූ සමයේදී ය. ශ්‍රී දළදා මාලිගාවට එල්.ටී.ටී.ඊ. ප්‍රහාරයක් 1998 වසරේ දී එල්ල වීමෙන් පසු රන් වියන එවර එය ප්‍රතිසංස්කරණයට හේතු විය. රන් වියන ප්‍රතිසංස්කරණය කටයුතු කඩිනමින් ආරම්භ කරන බව අගමැතිවරයා මෙහිදී ප්‍රකාශ කළේ ය.

ඉතිරිය»

සීනිගම වාර්ෂික ඇසළ උළෙල

සීනිගම ශ්‍රී දෙවොල් දෙවිඳුගේ 50 වැනි වාර්ෂික ඇසළ මංගල්‍යය ජූලි මස 25 වන දින පෙරවරුවේ කප්සිටුවීමෙන් ආරම්භ විය. සීනිගම දේවාලයේ ඉතිහාසය අනාදිමත් කාලයකට දිව යන්නකි. භාරකරු සරත් දිසෙන්තුවාහන්දි මහතා නව සැලැස්මක් මත ඉදිරි කාලයේදී දේවාලය දියුණු කිරීමට කටයුතු කරන අතර මෙවර දේවාල ඇසළ උළෙලට රාජ්‍ය අනුග්‍රහය ද ලබාගෙන ඇත. ඓතිහාසික ශ්‍රී දෙවොල් මහා දේවාලය ක්‍රමවත්ව දියුණු කිරීමේ අභිලාෂය පිණිස 1968 සැප්තැම්බර් මස 01 දා රැස්වී ගමේ තරුණ වැඩිහිටි පිරිස සීනිගම කුසුමාරාම වාසී ශාස්ත්‍රවේදී තිත්තගල්ලේ සුදස්සී හිමියන්ගේ සභාපතිත්වයෙන් සීනිගම ශ්‍රී දෙවොල් දේවාල භාරකාර මණ්ඩලය නමින් නව සංවිධානයක් පිහිටුවා ගන්නා ලදී. එහි සම ලේකම්වරු වශයෙන් ඒ.පී. ඤාණදාස, කථිකාචාර්ය මහින්ද තිලකාරවසම්, භාණ්ඩාගාරික සීනිගම මහානාම මංගලසිරි යන මහත්වරුන් ඇතුළු මණ්ඩලයක් පත්වූහ.

ඉතිරිය»

ධර්ම දේශනාව:

අඳුරෙන් ආලෝකයට

" ධර්මානුකූල වූ බුද්ධිමතා ද උදක ප්‍රසාදන මාණික්‍ය දැමූ ජල තටාකය බඳුන් වන්නේ ය. ඔහු තෙරුවන් ගුණ කෙරෙහි ආදර බහුමාන උපදවා නොකැළඹුණු සිතිවිල්ලෙන්, හිමිදිරි උදෑසන පිබිදී දවසේ මෙහෙවර අරඹයි. ආර්ය ධනයට නමස්කාර කරමින් නොසිස් වූවෙකු ලෙස දිවි අරඹයි. අසදෘෂ පිං ඵලය පතයි. සුසිරිතේ බලය ගොඩනංවයි. " බුදුරජාණන් වහන්සේ මේ ලොව පුද්ගලයන් තුන් දෙනෙකු පිළිබද දේශනාකොට වදාළහ. එක් අයෙකු අන්ධ ය. අනෙක් පුද්ගලයා එක් ඇසක් පමණක් පෙනෙන ඇත්තෙකි. දෑසම පෙනෙන තැනැත්තා තෙවැන්නා ය. අන්ධ පුද්ගලයා නම් නොලැබුණ සම්පත් ලබාගැනීම පිණිස ද තිබෙන සම්පත් වැඩිදියුණු කර ගැනීමට ද, නුවණක් නැති තැනැත්තා ය. කුසල, අකුසල, වැරැදි, නිවැරැදි, උසස්, පහත් තතු දැන ගැනුමේ ද හේ නුනුවණ ය. එක් ඇසක් ඇති පුද්ගලයා, නොලැබුණු සම්පත් ලබා ගැනීමේ සමත් ය. තිබෙන සම්පත් වැඩිදියුණු කිරීමේ ද සමත් ය.

ඉතිරිය»

ඓතිහාසික බෙල්ලන්විල ඇසළ පෙරහර මංගල්‍ය

රන්දෝලි මහ පෙරහර වීථි සංචාරය 26 දා

සිරිලක පමණක් නොව දේශ දේශාන්තරවල ජනී ජනයාගේ අභිමානයට පාත්‍ර වූ ඇසළ මහ පෙරහරක් පවත්වන මහ පුදබිමකි බෙල්ලන්විල රාජමහා විහාරය. ලෝ දන මුවග රැව් පිළිරැව් දෙන මහ පුදබිමක් වූ බෙල්ලන්විල රාජමහා විහාරය පෙර රජ දවස දෙවනපෑතිස් යුගය දක්වා ඉතිහාසයකට හිමිකම් කියයි. සඟමිත් තෙරණිය වැඩමවූ ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් හටගත් දෙතිස් ඵල රුහ බෝධි අංකුරයක් බෙල්ලන්විල රෝපණය කළ බව ක්‍රි.ව. 1303 - 1333 විල්ගම්මුල මාහිමිපාණන් විසින් රචිත සිංහල බෝධි වංශය නම් ඓතිහාසික ග්‍රන්ථයේ සඳහන් වීමෙන් ඒ බව සනාථ වේ. අරිසෙන් අහුබුදු ශූරීන් රචිත “බෝපුද” නමැති ග්‍රන්ථයේ මෙසේ සඳහන් කර ඇත. "සිවුවන ඵලයෙන් හටගත් බෝධිය - බෙල්ලන්විල මහ වෙහෙරෙහි බෝධිය - භාර හාර නිම නැති බෝධිය - තිස් වෙනුවට නමදිමු මේ බෝධිය" මාතෘභූමිය අවස්ථා කීපයකදීම විදේශ ආක්‍රමණ වලට ලක්වීමෙන් මෙරට ඓතිහාසික පෞරාණික සිද්ධස්ථාන රාශියක් විනාශයට ලක්විය. එහි ප්‍රතිඵලයක් ලෙස බෙල්ලන්විල රාජමහා විහාරය ද ඒ අවට ප්‍රදේශයන් ද විනාශ වී ජන ශූන්‍ය විය.

ඉතිරිය»

වාර්ෂික ඇසළ උළෙල පැවැත්වෙන
බෙල්ලන්විල රජමහා විහාරය. සේයාරුව - රුවන් ද සිල්වා

 

නිකිණි අමාවක පෝය


නිකිණි අමාවක පෝය අගෝස්තු 21 වන දා සඳුදා පූර්ව භාග 02.10 ට ලබයි. 22 වන දා අඟහරුවාදා පූර්ව භාග 00.00 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 21 වන දා සඳුදා ය.

 

මීළඟ පෝය අගෝස්තු 29 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 21

First Quarterපුර අටවක

අගෝස්තු 29

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 05

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 13


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]