UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දෙහිවල නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානාධිපති මාතර වෙහෙරහේන සිරි රේවත පිරිවෙන් හි කෘත්‍යාධිකාරී කිරම විමලජෝති නා හිමියන් වෙත දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක ධූරය පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීමේ පුණ්‍ය මහෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් වෙහෙරහේන රජමහා විහාරයේ දී පසුගිය දා (11) පැවැත්විණි. කිරම විමලජෝති නා හිමියන් වෙත සමරු තිළිණ පිළිගැන්වීම ජනාධිපතිතුමා අතින් සිදුවිය. කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහානායක ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහා නා හිමියන් එම පුණ්‍ය මහෝත්සවයේ මුලසුන හෙබවූ අතර දෙවුන්දර රජ මහා විහාරාධිපති දෙවුන්දර සිරි සුනන්ද නා හිමි, මහාචාර්ය මිදිගම සෝරත නාහිමි, පූර්වාරාම රජ මහා විහාරාධිපති කෑගල්ලේ රතනසාර නාහිමියන් ඇතුළු සඟරුවන සහ වෙහෙරහේන පූර්වාරාම රාජමහා විහාරස්ථ දායක සභාවේ සභාපති රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන, අමාත්‍ය මහින්ද අමරවීර, නියෝජ්‍ය ඇමැති අනුරාධ ජයරත්න, දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල්, පළාත් අමාත්‍ය චන්දිම රාසපුත්‍ර යන මහත්වරු ඇතුළු ප්‍රදේශවාසී ජනතාව එම අවස්ථාවට එක්ව සිටියහ.

 

 

මහා නා හිමිවරුන්ගේ අනුශාසනා ලබාගෙන රන් වියන ප්‍රතිසංස්කරණය කරනවා - අගමැති

ශ්‍රී දළදා සමිඳුන් වැඩ වාසය කරන්නාවූ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ රන් වියන ප්‍රතිසංස්කරණය කිරීම මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ දෙනමගේ අනුශාසනා මත දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ අධීක්ෂණය යටතේ සිදුකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. සිය දේශපාලන ජීවිතයට වසර හතළිහක් සපිරීම නිමිත්තෙන් ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ආශීර්වාද ලබා ගැනීමට මහනුවර පැමිණි අවස්ථාවේ ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ය. ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා විසින් රන් වියන ඉදිකර ශ්‍රී දළදා මාලිගාවට පූජා කළ අතර එය 2001 වසරේ දී ප්‍රතිසංස්කරණය කරනු ලැබුවේද රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරය හෙබවූ සමයේදී ය. ශ්‍රී දළදා මාලිගාවට එල්.ටී.ටී.ඊ. ප්‍රහාරයක් 1998 වසරේ දී එල්ල වීමෙන් පසු රන් වියන එවර එය ප්‍රතිසංස්කරණයට හේතු විය. රන් වියන ප්‍රතිසංස්කරණය කටයුතු කඩිනමින් ආරම්භ කරන බව අගමැතිවරයා මෙහිදී ප්‍රකාශ කළේ ය.

ඉතිරිය»

 

නිකිණි අමාවක පෝය


නිකිණි අමාවක පෝය අගෝස්තු 21 වන දා සඳුදා පූර්ව භාග 02.10 ට ලබයි. 22 වන දා අඟහරුවාදා පූර්ව භාග 00.00 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 21 වන දා සඳුදා ය.

 

මීළඟ පෝය අගෝස්තු 29 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 21

First Quarterපුර අටවක

අගෝස්තු 29

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 05

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 13


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]