UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

අඳුරෙන් ආලෝකයට

" ධර්මානුකූල වූ බුද්ධිමතා ද උදක ප්‍රසාදන මාණික්‍ය දැමූ ජල තටාකය බඳුන් වන්නේ ය. ඔහු තෙරුවන් ගුණ කෙරෙහි ආදර බහුමාන උපදවා නොකැළඹුණු සිතිවිල්ලෙන්, හිමිදිරි උදෑසන පිබිදී දවසේ මෙහෙවර අරඹයි. ආර්ය ධනයට නමස්කාර කරමින් නොසිස් වූවෙකු ලෙස දිවි අරඹයි. අසදෘෂ පිං ඵලය පතයි. සුසිරිතේ බලය ගොඩනංවයි. " බුදුරජාණන් වහන්සේ මේ ලොව පුද්ගලයන් තුන් දෙනෙකු පිළිබද දේශනාකොට වදාළහ. එක් අයෙකු අන්ධ ය. අනෙක් පුද්ගලයා එක් ඇසක් පමණක් පෙනෙන ඇත්තෙකි. දෑසම පෙනෙන තැනැත්තා තෙවැන්නා ය. අන්ධ පුද්ගලයා නම් නොලැබුණ සම්පත් ලබාගැනීම පිණිස ද තිබෙන සම්පත් වැඩිදියුණු කර ගැනීමට ද, නුවණක් නැති තැනැත්තා ය. කුසල, අකුසල, වැරැදි, නිවැරැදි, උසස්, පහත් තතු දැන ගැනුමේ ද හේ නුනුවණ ය. එක් ඇසක් ඇති පුද්ගලයා, නොලැබුණු සම්පත් ලබා ගැනීමේ සමත් ය. තිබෙන සම්පත් වැඩිදියුණු කිරීමේ ද සමත් ය. එහෙත් කුසල, අකුසල ධර්මයන් හඳුනා ගන්නට, වැරැද්ද නිවැරද්ද හඳුනා ගන්නට තියුණු නුවණක් නොවන්නේ ය. දෑසම ඇති පුද්ගලයා නම් සම්පත් ලබා ගැනීමේ ද, ඒවා වැඩිදියුණු කර ගැනීමේ ද මනා හැකියාවක් ඇත්තා ය. කුසල, අකුසල ධර්ම හඳුනා ගන්නටත්, හොඳ – නරක, වැරැදි නිවැරැදි හඳුනා ගන්නටත් ඔහුට තියුණු නුවණක් ඇත. ඔහුගේ චර්යාව අර්ථවත් ය. දානය, පි‍්‍රය වචනය, සමානාත්මතාවය, අර්ථ චර්යාව යන සතර සංග්‍රහ වස්තු රිසි සේ දියුණු කරන්නේ ය. මන්දගාමී නොවේ. මැදහත්ව කටයුතු කරන්නේ ය. පිළිවෙත් ගරුකව ජීවත් වෙයි. දයාවෙන්, කරුණාවෙන් ද යුතු වේ.

ඉතිරිය»

 

නිකිණි අමාවක පෝය


නිකිණි අමාවක පෝය අගෝස්තු 21 වන දා සඳුදා පූර්ව භාග 02.10 ට ලබයි. 22 වන දා අඟහරුවාදා පූර්ව භාග 00.00 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 21 වන දා සඳුදා ය.

 

මීළඟ පෝය අගෝස්තු 29 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 21

First Quarterපුර අටවක

අගෝස්තු 29

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 05

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 13


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]