UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

තරුණු සිතට දහම් සිසිසල: වරදවා වටහා ගන්නාප්‍රේමය

වරදවා වටහා ගන්නාප්‍රේමය

යෞවන යෞවනියන් පේ‍්‍රමය නමැති මාතෘකාව වැරැදි තැනකින් අල්ලා ගැනිමෙන් සමාජයට දැඩිතර පීඩාවන් එල්ල වේ. සෙනෙහස දයානුකම්පාව තුළ ජීවත්වන සමාජයක් නිර්මාණය කරන්නට බෞද්ධාගමික පරිසරයක අපගේ සිත පුරුදු පුහුණුු කළ යුතු ය. බුදු දහමේ ආදරය, ප්‍රේමය, ප්‍රතික්ෂේප කර ඇති බවට ඇතැම්හු විශ්වාස කරති. ජීවිතයට අවශ්‍ය කරන සෑම මඟ පෙන්වීමක් ම බුදු දහම තුළ අන්තර්ගත බව අවබෝධ කරගැනීම අවශ්‍ය වේ.ආදරය, කරුණාව ප්‍රේමය පෙරළා ලැබීමට නම්, අප ද එය ලබාදිය යුතු ය. ගෞරවය කිරීමේ දී ගෞරවය ලබන්නාසේම ආදරය කිරීමේදී ද ආදරය ලැබිය යුතු ය.

අමාමෑණී ලොව්තුරා බුදුපියාණන් වහන්සේ දේශනා කොට වදාළා වූ ශ්‍රී සද්ධර්මයට අනුව ප්‍රේමය හඳුනාගැනීමට උත්සාහ කළ යුතු ය. බුදුදහමෙහි මූලික අරමුණ නිර්වාණාවබෝධය වූ නිසාම ප්‍රේමයෙහි ආශ්වාදනීය පැත්ත එතරම් උච්ච ස්වරයෙන් සාකච්ඡා වී නැත.ප්‍රේමයෙහි ආදීනවයන් බහුල වශයෙන් සමාජගත වී ඇත.

පේමතෝ ජායතී සෝකෝ
පේමතෝ ජායතී භයං
පේමතෝ විප්පමුත්තස්ස
නත්ථි සෝකෝ කුතෝභයං

ප්‍රේමය විසින් කෙතරම් ප්‍රමාණයකට තරහව දුක උපදවනවාද?පේමතෝ සූත්‍රයේ දී කරුණු හතරක් පිළිබඳ ව බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත.

1 ප්‍රේමය නිසා ප්‍රේමය උපදී.

2 ප්‍රේමය නිසා ද්වේශය උපදී.

3ද්වේශය නිසා ප්‍රේමය උපදී.

ද්ෙවිශය නිසා ද්වේශය උපදී.

යන කාරණාවන් විග්‍රහ කිරීමේ දී කවුරුන් හෝ තැනැත්තෙකුට තැනැත්තියකට ආදරය පිරිනමනවා නම්, අනෙකා වෙනුවෙන් ඉතාම ගැඹුරින් ආදරය ලබාදීමට යොමුවෙනවා නම්, එම පිරිනමන පුද්ගලයා කෙරෙහි අනෙකාගේ සිත තුළ ද අනිවාර්යෙන් ම ආදරයක් කරුණාවක් ඇති වේ. එය ලිංගික තෘෂ්ණාව ලෙස වරදවා වටහා නොගත යුතු ය. ලිංගික තෘෂ්ණාවෙන් ජීවිතයේ එක් පැතිකඩක් පමණක් නියෝජනය ෙවි.

ආදරය, ප්‍රේමයෙහි ගැඹුරු අර්ථය නම්, කිසිදු ආකාරයක කොන්දේසි විරහිතව අනෙකාගේ හැසිරීම් ඉවසාගනිමින් දරාගනිමින් කැපවීම යි.ප්‍රේමයෙහි ඉතාම ගැඹුරු ස්වභාවය එයයි. පිරිමියෙකුට ගැහැනියක දකින විට හෝ ගැහැනියකට පිරිමියෙකු දකින විට ඇතිවන කලබලය ප්‍රේමය නොවේ. ලිංගික ආකර්ෂණය ප්‍රේමය ලෙස ඇතැමුන් සිතා සිටී. එය යම් පුද්ගලයෙකුගේ ශරිරයෙහි හෝමෝන ක්‍රියාකාරිත්වය තිබෙන තුරු පමණක් ඕනෑම පුද්ගලයෙකුට පවතින ස්වභාවයක් වේ. සත්ත්ව ලෝකයේ ද සතුන්ගේ හෝමෝන සක්‍රිය වන කාලයට එය සාමාන්‍ය තත්ත්වයක් වේ. පේ‍්‍රමය පිළිබඳ ඇසූ සැණින් බොහෝ දෙනාගේ මනසට ඇතුලු වන්නේ එවැනි වැරැදි අදහසක් බව අවබෝධ කරගැනීම අවශ්‍ය වේ. එය ප්‍රේමයෙහි ප්‍රාථමික අවධිය යි.

ප්‍රෙු්මය ගැඹුරින් විග්‍රහ කරන බුදු දහම, එය අතහැරීම හෙවත් පරිත්‍යාගශීලීබව කැපවීම ලෙස අර්ථ දැක්වේ. යශෝධරා දේවියගේ චරිතය තුළින් ද අප දකින්නේ එම ස්වභාවය යි.

මුව ජාතියේවද පළමුව උපන්නේ
එම ජාතියේ සිට නෑරම මම එන්නේ
කොයි ජාතියේ උපනත් මිනිසුන් වන්නේ
මේ ජාතියේ ඇයි මා තනිකර යන්නේ

එසේ ප්‍රකාශ කරන යශෝධරාවන් තමාගේ ස්වාමියා කෙරෙහි පවතින අකලංක භක්ත්‍යාදරය ප්‍රේමය, ගෞරවය, සැප පහසුව පිළිබඳව සෑබෑ ලෙස ප්‍රාර්ථනා කරන්නීය.

කැලේ තිබෙන කොයි දේවත් රස වේවා
මලේ බමරු ලෙස පිරිවර වැඩිවේවා
අව්වේ තිබෙන රැස් මාලා අඩුවේවා
ගව්වෙන් ගව්ව දිව මාලිග සෑදේවා

සුවඳ බොජුන් වැළඳූ මගෙ හිමි සඳට
නිබඳ බොජුන් රසකර දුන් වළඳන්ට
සුවඳ පලාපල මැවියන් හිමියන්ට
සුවඳ මල් නිතර තිබියන් රන් කඳට

ඇය විසින් එසේ ප්‍රාර්ථනා කරනු ලබන්නේ අසීමිත පති භක්තියෙන් යුතුව ය.එය උත්තරීතර වූ ප්‍රේමයයි. අතිශයින් ආත්මාර්ථකාමී සිතක් ඇති තැනැත්තියක ලෙස කල්පනා කළා නම්,එවැනි ස්වභාවයක් පෙන්නුම් නොවේ.

කුඩා සිදුවීමකදී වුවත් ,වර්තමාන කාන්තාව තම ස්වාමියා කෙරෙහි අභුත චෝදනා නගන අවස්ථා නැතිවා නොවේ. යශෝධරා කුමරියගේ හා සිද්ධාර්ථ කුමරාගේ හැසිරීම ඇතැම් පිරිසකට තේරුම් ගැනීමට අපහසු වි ඇත්තේද , වර්තමාන සමාජය ඒ දෙස අනවබෝධයෙන් විග්‍රයක යෙදෙන බැවිණි.එදිනෙදා සාමාන්‍ය ජීවිතයේ විග්‍රහ කරන ආකාරයට විග්‍රහ කළ විට ඔවුන්ගේ සිතිවිලි අනුව එය නිවැරැදි විය හැකි ය.

සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමිතා පුරමින් සිටි අවධිය, ප්‍රේමයෙහි උදාර හැඟීම් පුරුදු පුහුණු කළ කාලය, තමන්ගේ මනස තුළ දෙදෙනාගේ කැපකිරීම, දරාගැනීම අනෙකාගේ මහා පරිත්‍යාගය ,මහා අතහැරීම තමන්ගේ සිතට ඒත්තු ගැනීමට ගිය කාලපරිච්ඡේදය හා ගෙවූ අතීතයෙහි සියලු ප්‍රතිපලය නම්, සිද්ධාර්ථ කුමරා වසර 20කට පසුව යශෝධරාදේවිය හා රාහුල කුමරු අතහැර අබිනික්මන් කිරීම ය.

බුදු දහමේ විග්‍රහ කරන ප්‍රේමය කුමන ආකාරයකින් හෝ ස්ත්‍රියක හා පුරුෂයෙකු දකින විට තාවකාලිකව ඇතිවන ලිංගික ආකර්ෂණය නොවේ. ස්ත්‍රියකට පුරුෂයෙකුගේ රුව තරම්ද, පුරුෂයෙකුට ස්ත්‍රියගේ රුව තරම්ද වෙනත් රුවක් පි‍්‍රය නැත. මනාප නැත. සතුට උපදවන්නේ නැත.හඬ තරම් හඬක් නැත. රස තරම් රසක් නැත. ස්පර්ශය තරම් ස්පර්ෂයක් නැත. සුවඳ තරම් සුවඳක් නැත. ස්පර්ෂය තරම් ස්පර්ෂයක් නැත.

ඒ ආකාරයෙන් බුදුපියාණන් වහන්සේ අංගුත්තර නිකායේ දී දේශනා කර ඇත. ශරීරයෙහි ඇතිවන ප්‍රතික්‍රියාවන් සමඟ පවතින එම ස්වභාවය ප්‍රේමය ලෙස වටහාගනු ලැබුවහොත් ඇතැම් ගැහැනු දරුවන්ගේ ඉරණම කුමන ආකාරයෙන් විසදේවිද?

දුටු පමණින් ඇතිවන ආකර්ෂණය මත විවාහ වන තරුණ තරුණියන් ද නැතිවා නොවේ. දුරදිග නොබලා ගන්නාවූ තිරණ නිසා විවාහ විී පොහොය දෙකක් ගෙවීමටත් පෙර විවාහ ජීවිතය කඩාකප්පල් කරගත් අවස්ථා නැතිවා නොවෙයි. ආදරය එක එක තැන ගොස් සොයාගත නොහැකි බවත්, තමාට ගැලපෙන තැනැත්තා හෝ තැනැත්තිය ලැබුණ බවට සදාතනික එකඟතාවක් සාදාගත නොහැකි බවත් අවබෝධකර ගත යුතුය.

දෙදෙනෙක් එකට ජීවත්වන අතර තුර ආදරය ගොඩනැඟිය යුතු ය. එය පුහුණු කළ යුතු ය. වඩාත් වර්ධනය කළ යුතු ය. ඒ සඳහා අතහැරීම් , කැපකිරීම් දැරීම් අවශ්‍ය වේ.සිද්ධාර්ථ කුමරා හා යශෝධරා කුමරිය කෙරෙන් දකින උදාර ගුණාංගයන් අප ද පුරුදු පුහුණු කළ යුතු ය.

 

නිකිණි අමාවක පෝය


නිකිණි අමාවක පෝය අගෝස්තු 21 වන දා සඳුදා පූර්ව භාග 02.10 ට ලබයි. 22 වන දා අඟහරුවාදා පූර්ව භාග 00.00 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 21 වන දා සඳුදා ය.

 

මීළඟ පෝය අගෝස්තු 29 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 21

First Quarterපුර අටවක

අගෝස්තු 29

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 05

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 13


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]