UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජා මහා පින්කම පොසොන් පෝදා

ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන්

ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම ලංකා විදුලි බල මණ්ඩලය හා එක්ව මිහින්තලා රජමහා විහාරාධිපති හා භාරකාර ගෞරව ශාස්ත්‍රවේදී වළවාහැංගුණවැවේ ධම්මරතන ස්වාමින්ද්‍රයන් වහන්සේගේ අනුශසනා පරිදි මෙම ජුනි මස 16 වනදා සිට 22 වනදා දක්වා පස්වරු 6 සිට 54 වන වරටත් මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව ඓතිහාසික මිහින්තලා පුදබිමේදී පැවැත්වේ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ සහ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පොසොන් පෝදා එම පින්කම සිදුකෙරේ.

ඉතිරිය»

සතියක් පුරා මෙවර පැවැත්වෙන මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව

 

ක්‍රි. පූ 236දී පොසොන් සඳ පෙරඹරින් නැඟඑද්දී ලංකාගමනය කළ මිහිඳු මහ රහතන් වහන්සේ ඇතුළු ධර්ම දූත පිරිසගෙන් ලාංකේය අපට උරුම වූ අමිල සේවාවට පූජෝපහාරයක් බඳු වූ මිහින්තලා – ලේක්හවුස් ආලෝක පූජා පින්කමට ඇත්තේ නොමැකෙන ඉතිහාස කථාවකි. අද මෙන් විදුලි රැහැන් නොතිබුණු එදා යුගයේ කැකුණ පන්දම් ආලෝකයෙන් පව්ව තරණය කළ අතීත අපේ මුතුන් මිත්තන්ගේ බැතිබර හ දවත් ආලෝකවත් වූයේ පත්තර මහ ගෙදරින් ඇරැඹුණු පින්බර කර්තව්‍ය නිසාය. අඳුරෙන් එළියට පැමිණ මෝහන්ධකාරය දුරු කිරීම ආලෝක පූජාවේ සැබෑ අරුත වන අතර එය දිවැස් ලැබෙන මහඟු පින්කමකි.  මේ උතුම් වූ පින්කමට දායක වෙමින් පහන් සිත් ඇති පත්තර මහගෙදර ආදි කර්‍තෘ ඩී.ආර් විජයවර්ධන ශ්‍රී මතාණන්ගේ උදාර වූ සංකල්පය ඵල දරමින් එවකට සභාපතිව සිටි රංජිත්. එස් විජයවර්ධන මහතාගේ සුරතින් ගල්පඩි 1840කට ඉහළින් පිහිටි පුදබිම ඒකාලෝක විය.

ඉතිරිය»

ශ්‍රී දළදා මාළිගාවේ පොසොන් මහා පෙරහර සහ මල්වතු අස්ගිරි මහා විහාර උපසම්පදා පෙරහර

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ පොසොන් මහා පෙරහර චාරිත්‍රානුකූලව පොසොන් පෝයදින සවස වීදි සංචාරය කෙරේ. සම්ප්‍රදායානුකූලව පැවැත්වෙන පොසොන් මහා පෙරහර මෙදින ශ්‍රී දළදා මාළිගාව මහ වහල්කඩ අභියසයෙන් පිටත්ව මාළිගා චතුරශ්‍රයේ සංචාරය කරනු ඇත. මෙදිනම මල්වතු අස්ගිරි මහා විහාරයන්හි උපසම්පදා පෙරහර දෙක උභය මහා විහාර වෙත ගමන් කර ගෙවදීමෙන් අනතුරුව මාළිගාවේ පොසොන් මහා පෙරහර ආරම්භ කෙරේ. මෙදින වාහලනාගනාමයෙන් අධිසිල් ලබන මල්වතු, අස්ගිරි මහා විහාරයන්හි සාමණේර දෙනම ශ්‍රී දළදා මාළිගාවේ සිට පෙරහරෙන් වැඩමවාගෙන යනු ලබන අතර ඓතිහාසික මංගල උපෝසථාගාරයන්හි මල්වතු අස්ගිරි අතිපූජ්‍ය මහානායක මාහිමි දෙනමගේ උපාධ්‍යායත්වයෙන් උපසම්පදා ශීලයෙහි පිහිටවනු ලබන සාමණේර දෙනමට අටපිරිකර පූජාව ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේතුමා විසින් සිදුකිරීම රාජ්‍ය සමයේ සිට සිදු කරගෙන එනු ලබන සම්ප්‍රදාය වන්නේ ය.

ඉතිරිය»

 

අනුබුදු මිහිඳු මාහිමි  මිහින්තලාවට වැඩිය දිනේ මිහින්තලාවේ මහ පින්කම්

අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ ඓතිහාසික ලංකාගමනය සිහිපත් කරන දිනය පොසොන් පොහොය දිනයයි. මිහිඳු මහ රහතන් වහන්සේ සිහියට නැගෙත්ම නිතැතින්ම මිහින්තලා පුදබිම සිහිපත් වේ. මෙරට බෞද්ධ ශිෂ්ටාචාරයේ මූලස්ථානය ලෙසද සැලකෙන මිහින්තලාව සදේවක ලෝකවාසීන්ගේ මහත් ගෞරව වන්දනාවට පාත්‍ර වූ පුණ්‍ය භූමියකි. කකුසඳ, කෝණාගමන, කාශ්‍යප, සහ ගෞතම යන සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ පාදස්පර්ෂයෙන් අතිපාරිශූද්ධත්වයට පත්වූ මිහින්තලාව අනුබුදු මිහිඳු මාහිමියන් ප්‍රධාන දහස් ගණන් මහ රහතන් වහන්සේලා වැඩ සිටි පින්බිමකි.

ඉතිරිය»

ධර්ම දේශනාව:

පොසොන් පොහොයයි හෙළ දෙරණයි

මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකා සම්ප්‍රාප්තියෙන් පසු මෙරට ඇතිවූ ආගමික, ප්‍රබෝධය කෙතරම් විශාලදැයි කිව නොහැකි තරම්ය. රාජගුරු මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේගේ උපදෙස් පරිදි, දීපචක්‍රවර්ති ධර්මාශෝක මහාරාජයා විසින් මේ සම්බුද්ධ ධර්මය ලෝකයටම බෙදා දිය යුතු යැයි කථිකා කොටගෙන දේශ දේශාන්තර නමයකට ව්‍යක්ත, විනීත, විශාරද බහුශ්‍රැත ධර්මවිනය ධර, සුපේෂල , ශික්ෂාකාමී සෘද්ධිබල සහිත මහරහතන් වහන්සේලා නව කණ්ඩායමක් ආසියාතික රට රාජ්‍යවලට යවන ලදහ. ඒ කණ්ඩායම් නවයෙන් තම අතිජාත පුත්‍ර මිහිඳු මහරතන් වහන්සේ ප්‍රමුඛව එවන ලද්දේ ශ්‍රී ලංකාද්වීපයටයි. එදා ලක්දිව රජකම් කළ දේවානම්පියතිස්ස කුමරු රජකමට පත්වීමත් සමඟ රාජකීය දූත පිරිසක්, සුබපැතීමේ හසුනකුත් සමඟ ධර්මාශෝක රජු විසින් දේවානම්පියතිස්ස රජු වෙත එවන ලද්දේ මහත්වූ තෑගි බෝග රාශියකුත් සමඟය. එකී හසුනෙහි සඳහන් වූයේ අභිනව රජකමට පත් දේවානම්පියතිස්ස රජුට සුබ පැතීම සහ තමා තුණුරුවන් සරණ ගිය සැදැහැවත් බෞද්ධයකු බවට පත්වූ වගය. තුණුරුවන්ගේ ගුණ සඳහන් කොට ධර්ම කරුණුද ස්වල්පයක් සඳහන් කොට දේවානම්පියතිස්ස රජුටත් තමා ගත් මඟ යාම අතිශය උචිත බව සඳහන්ව තිබුණි.

ඉතිරිය»

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව ජුනි 16 සිට 22 දක්වා
මෙවර දින 7 ක්


සම අනුග්‍රහය -

ලංකා විදුලිබල මණ්ඩලය

බැතිබර දායකත්වය -

ඩයලොග් ආසියාටා, අබාන්ස්, ලංකා බැංකුව

සේයාරුව - චිත්‍රාරත්න කළුආරච්චි

 

   පොසොන් පුර පසළොස්වක පෝය

  පොසොන් පුර පසළොස්වක පෝය ජුනි 19වන දා ඉරිදා අපරභාග 3.31ට ලබයි. 20වන දා සඳුදා අපරභාග 4.32 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි 19වන දා ඉරිදාය.

මීළඟ පෝය ජුනි 27 වන දාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජුනි 19

Second Quarterඅව අටවක

ජුනි 27

Full Moonඅමාවක

ජූලි 04

First Quarterපුර අටවක

ජූලි 11


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]