UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අගමැතිතුමාගේ උපදෙසින් අලුත්නුවර ශ්‍රී දැඩිමුණ්ඩ දේවාලයේ සංවර්ධන වැඩ ඇරැඹේ

අගමැතිතුමාගේ උපදෙසින් අලුත්නුවර ශ්‍රී දැඩිමුණ්ඩ දේවාලයේ සංවර්ධන වැඩ ඇරැඹේ

මාවනැල්ල, අලුත්නුවර , ඓතිහාසික ශ්‍රී දැඩිමුණ්ඩ මහ දේවාලයේ පූජා භූමි සංවර්ධන යෝජනා ක්‍රමයේ දෙවැනි අදියරයේ වැඩ කටයුතු ආරම්භ කිරීම සඳහා පැවැති ප්‍රථම සම්මන්ත්‍රණය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන ඇමති, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් දා (08) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව මඟින් මළුව තුළ භූමි දර්ශන සකස් කිරීම, බැමි ආදිය පිළිසකර කිරීම, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ පැරැණි ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කිරීම, දේවාලයට පිවිසෙන මාර්ග හා පෙරහර වීදි සංචාරය කරන මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම විජයවර්ධන පවුලේ ඥාතීන් ගේ ධන පරිත්‍යාගයෙන් ඉදිකරන ලද කීර්ති ශ්‍රී රජමහා විහාරස්ථානයේ විහාර මන්දිරය අලුත්වැඩියා කිරීම ආදිය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදී.

එම අවස්ථාවට අලුත්නුවර කීර්ති ශ්‍රී රජමහ විහාරයේ භාරකාර දැලිව මහින්ද හිමි, දක්ෂිණ සංවර්ධන , නීතිය හා සාමය පිළිබඳ ඇමති සහ අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, බුද්ධ ශාසන නියෝජ්‍ය ඇමති දුෂ්මන්ත මිත්‍රපාල සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ (ලේක්හවුස්) සභාපති කාවන් රත්නායක , නීති අධ්‍යක්ෂ සිරිමෙවන් ඩයස් මහාභාරකාර කීනවින්න, පූජාභූමි සංවර්ධන යෝජනා ක්‍රමයේ සම්බන්ධීකාරක , ශ්‍රී ලංකා කජු සංස්ථාවේ සභාපති දම්සිරි බණ්ඩාර කරුණාරත්න, මහනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ මහේන් රත්වත්ත, එස්. ආර්. ගෝමස් යන මහත්ම මහත්මීහු සහ රාජ්‍ය නිලධාරීහු ඇතුළු සම්ාභාවනීය පිරිසක් සහභාගි වූහ.


 

 

   පොසොන් පුර පසළොස්වක පෝය

  පොසොන් පුර පසළොස්වක පෝය ජුනි 19වන දා ඉරිදා අපරභාග 3.31ට ලබයි. 20වන දා සඳුදා අපරභාග 4.32 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි 19වන දා ඉරිදාය.

මීළඟ පෝය ජුනි 27 වන දාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජුනි 19

Second Quarterඅව අටවක

ජුනි 27

Full Moonඅමාවක

ජූලි 04

First Quarterපුර අටවක

ජූලි 11


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]