UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

පොසොන් පුර පසළොස්වක 2016.06.19

පත්තර මහ ගෙදර මිහින්තලේ මහ පින්කම


බුදුරජාණන් වහන්සේ තෙවරක්ම වැඩම කළ රට අපේ රටය. ඒ අසිරිමත් සම්බුදු සිරිපා පහස ලද සොළොස්මස්ථාන පිහිටියේද මේ රටේය.

දඹදිව ධර්මාලෝක මහ රජු දවස අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රධාන රාජකීය ධර්මදූත පිරිස මෙයට වසර 2323 කට පෙර වැඩම කළ ඓතිහාසික පුණ්‍ය භූමිය මිහින්තලාවයි. සිරිලක දේවානම්පියතිස්ස මහරජතුමා ප්‍රධාන මෙරට වැසියන් වෙත මහත් අනුකම්පාවෙන් මෙරටට වැඩම කළ එම පුවත ඓතිහාසිකය. එදා සිට රාජ රාජ මහා මාත්‍යාදීන් මිහින්තලාව කේන්ද්‍ර කර ගනිමින් කළ මෙහෙවර අත්‍යුදාරය. එම උදාර මෙහෙවරයෙහි නටබුන් ශේෂව පැවතීමෙන් ඓතිහාසික මිහින්තලාවේ ශ්‍රේෂ්ඨත්වය කියාපානු ලැබේ. රටක, සමාජයක ඉතිහාසය වසර සිය දහස් ගණනක් ගෙවී ගියද ඒවා නොනැසී පැවතීමද මහත් වාසනාවකි. භාග්‍යයකි. මහත් දුක්කම්කටොලු මැද අතීත වැසියන් ඒවා සුරැකීම නිසා එය මතුවටද දැක බලා ගැනීමට හැකිවන අයුරෙන් සංරක්ෂණය කෙරේ.

මිහින්තලාවෙන් ගලාගිය සදහම් අමා සුවයෙන් මෙරට වැසියෝ සැනසීමට පත්වූයෙන් මිහිඳු මා හිමි රැගෙන වැඩි සදහම් පණිවුඩය මෙරට දස දෙස ගලායන්නට විය. සෑම යස ඉසුරකටම එය මුල්වූ බව අමුතුවෙන් කිවයුතු නොවේ. මිහිඳු මා හිමි ශී‍්‍ර නාමය සමඟ බැඳී පවතිනු යේ මිහින්තලාවය. පොසොන් උදාවය.

අතීත වැසියන් සිය ආධ්‍යාත්මික සුවය සඳහා වසරේ විශේෂ කාලයන්හිදී වන්දනාවේ යාම සිරිතක්ව පැවතිණි. එදා වන දුර්ග ගිරිදුර්ග තරණය කරමින් ඉමහත් අපහසුවෙන් මිහින්තලා පුදබිම වන්දනා කරන්නට මෙරට දස දෙසින් සැදැහැවතුන් පැමිණෙන්නට ඇත. අතීත වැසියන් තුළ පැවැති උතුම් සිරිතක් නම් පින් පොත පරිහරණය කිරීමය. ඒ ඉඩ ලැබෙන පරිදි කළ යහපත් දෑ ආවර්ජනය කිරීමටය. වාර්ෂිකව මිහින්තලා පුද බිම වන්දනා කළ ගමන්වාර ගණන ගැන ලියා බොහෝ දෙනා සිත් පහන් කර ගන්නටද ඇත.

ඒ යහපුරුදු අපිදු අනුගමනය කළ යුතුවෙමු. යහගුණ වැඩීමට හැකි හැම අයුරින් අපිද දායකවීමට අදිටන් කර ගනිමු.

මෙයට වසර පනස් තුනකට පෙර පත්තර මහ ගෙදර මහ සද්ක්‍රියාවකට මුල පිරුවේය. පත්තර මහ ගෙදර ආදි කර්තෘ ඩී.ආර්.විජයවර්ධන ශ්‍රීමතාණන් ජාතික,ආගමික, සාමාජික,අධ්‍යාපනික වශයෙන් උදාර මහ මෙහෙවරක නිරත වු ආදර්ශවත් ලංකා පුත්‍රයෙකි. එතුමන්ගේ ද අදහස් මල්ඵල ගන්වමින් ලේක්හවුස් එවකට සභාපතිධූරය හොබවන ලද රංජිත් විජයවර්ධන මැතිතුමන්ගේ මූලිකත්වයෙන් මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව ආරම්භ විය. පත්තර මහ ගෙදර ආලෝක පූජා සංස්කෘතියේද මූලික මාර්ගෝපදේශකත්වය දැරීය. එදා පටන් පත්තර මහ ගෙදර මගින් මිහින්තලා පුදබිම පොසොන් සමයේ ආලෝකයෙන් ඒකාලෝක වෙයි.

ප්‍රදේශයට,පළාතට එමගින් මහ මෙහෙවරක් නිහඬව සිදු කරති. මෑත යුගය දක්වාම එම ආලෝක පූජා පින්කම දින තුනකට සීමා වී පැවැතිණි. ලේක්හවුස් වත්මන් සභාපති කාවන් රත්නායක මහතා ප්‍රධාන අධ්‍යක්ෂ මණ්ඩලයේ කැපවීමෙන් මිහින්තලා රාජ මහා විහාරාධිපති හා භාරකාර වළවාහැංගුණවැවේ ධම්මරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා පරිදි ආලෝක පූජාව පසුගිය වසරේ දින පහක් දක්වා වර්ධනය කෙරිණි. ගිය වසරේ ආලෝක පූජා පින්කමේදී එක් අදිටනක් විය. එනම් ලබන වසරේ ආලෝක පූජා මහෝත්සවය සතියක් පුරා පවත්වමු යන්නය. සැබවින්ම එය යථාර්ථයක්ම විය. යහපත් දැයෙහි ප්‍රතිඵලද යහපතක්මය. මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජා පින්කමේ සම අනුග්‍රහය ලංකා විදුලිබල මණ්ඩලය මගිනි. ලේක්හවුස් සංවිධායකත්වයෙන් රාජ්‍ය හා පෞද්ගලික ආයතන රැසක බැතිබර දායකත්වය ලැබීමද අගයමු.

 

   පොසොන් පුර පසළොස්වක පෝය

  පොසොන් පුර පසළොස්වක පෝය ජුනි 19වන දා ඉරිදා අපරභාග 3.31ට ලබයි. 20වන දා සඳුදා අපරභාග 4.32 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි 19වන දා ඉරිදාය.

මීළඟ පෝය ජුනි 27 වන දාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජුනි 19

Second Quarterඅව අටවක

ජුනි 27

Full Moonඅමාවක

ජූලි 04

First Quarterපුර අටවක

ජූලි 11


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]