UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පෝදා පින්කම්

බම්බලපිටියේ වජිරාරාමය

පෙරවරු 06.00- 07.00 සිල් සමාදන් කරවීම,අනුශාසනාව සහ කිරිපිඩු බුද්ධ පූජාව, රාජකීය පණ්ඩිත තිරිකුණාමලයේ ආනන්ද මහා නාහිමි, 08 -09.00 භාවනාව සහ අනුශාසනාව – සිරි වජිරාරාමවාසී සාසනරතන හිමි, 09.00-10.00 ධර්මානුශාසනාව, ත්‍රිපිටකාචාර්ය රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති වේරදූවේ මහින්ද හිමි, 10.00-11.15 භාවනාව /අනුශාසනාව සහ බුද්ධ පූජාව, ගම්පහ පාසාදික හිමි. පස්වරු 12.15-01.00 –සෙත්පිරිත් ශාස්ත්‍රවේදී කඹුරුගමුවේ මහානාග හිමි 01.00-02.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රවේදී මීගොඩ සුඛිත හිමි, 02.00-03.00 ධර්මානුශාසනාව කුකුල්පනේ සුදස්සි හිමි, 03.15-04.00 ගිහි දේශනය, ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර මහතා, 04.00-05.00 ධර්මානුශාසනාව, ඕස්ට්‍රේලියාවේ මෙල්බන්හි සමාධි භාවනා මධ්‍යස්ථානාධිපති, හොරොව්පතානේ සන්තින්ද්‍රිය හිමි, 05.00-06.00 ධර්මානුශාසනාව , තලාවේ සුමනරතන හිමි, 06.00-06.30 සිල් අලුත් කිරිම හා අටවිසි බුද්ධ වන්දනාව, සිරි වජිරාරාමවාසි ස්වාමින් වහන්සේලා


කළුතර බෝධියේ පින්කම්

කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ මෙහෙයවීමෙන් කළුතර බෝධි පරිශ්‍රයේදී පොසොන් පෝදා දවස පුරා ආගමික වතාවත් සිදු කෙරේ. පෙරවරු 6.15 – 7.15 තෙරුවන් වන්දනාව හා බුද්ධ පූජාව මෙහෙයවීම පලාතොට පඤ්ඤානන්ද හිමි, 7.30 – 9.45 භාවනාව හා ධර්ම දේශනය වතුරුගම නන්දසිරි හිමි, 10 – 11 දහම් දෙසුම කළුතර සුබෝධි හිමි, 1 – 3 දේශනය මහාචාර්ය දයා රෝහණ අතුකෝරළ මහතා 3.15 – 4.15 දහම් දෙසුම මොරකැටි ආරේ ධම්මික හිමි, 4.30 – 6.30 ගල්කිස්සේ සමාතිත හිමි 6.45 – 7.30 බෝධිපූජාව පානදුරේ අරියධම්ම හිමි (පටිගත කළ එකකි) 7.30 – 9 කේ. පරණවිතාන මහතා මෙහෙයවන නව අරහාදී පහන් පූජාව.


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ

වැඩිහිටි සීල සමාදාන වැඩසටහන

පෙරවරු 6.00 – 7.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ පූජාව පැවැත්වීම, හවායි දූපතේ බෞද්ධ විහාරයේ විහාරාධිකාරී ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත හිඟුරක්ගොඩ විභාවී නාහිමි, 8.00 – 9.00 භාවනාව රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති හක්මන සුමනසිරි හිමි, 9.00 – 10.00 සූත්‍ර දේශනාව වැලිමඩ පසන්න මානස හිමි, 10.00 – 11.00 අභිධර්ම සාකච්ඡාව පියදාස මුතුගම මහතා, 11.00 – 11.15 බුද්ධ පූජාව ඕපනායක ධම්මවිරාග හිමි, නාරම්මල සුජීව හිමි, පස්වරු 12.30 – 12.35 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනාව, 12.35 – 1.00 පිරිත් හා තෙරුවන් ගුණ මීගොඩ මධුභානී හිමි, අතුරුගිරියේ සුජීව හිමි, 1.00 – 2.00 ධර්ම සාකච්ඡාව රාජකීය පණ්ඩිත මැණික්බෝවේ දීපාලෝක හිමි, 2.00 – 3.00 ධර්ම දේශනාව දර්ශනපති වටගෙදර විමල බුද්ධි අනුනාහිමි, 3.00 – 3.45 ධර්ම දේශනය කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අගලකඩ සිරි සුමන නාහිමි, 4.00 -5.00 ධර්ම දේශනය බෙල්ලන්විල රජමහා විහාරවාසී ශාස්ත්‍රවේදී කරගහවල චන්දානන්ද හිමි, 5.00 – 6.00 ධම්මපදය ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 6.00 – 6.30 බෝධි පූජාව සහ සිල් අලුත් කිරීම, මෙහෙයවීම ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත හක්මන සුමනසිරි හිමි.


බොරැල්ලේ ශ්‍රී ගෝතමී විහාරය

බොරැල්ලේ ගෝතමී විහාරස්ථානයේදී තෙල්වත්තේ නාගිත හිමියන්ගේ අනුශාසනා පරිදි පොසොන් පෝදා දවස පුරා ආගමික වතාවත් සිදු කෙරේ. පෙරවරු 6.30 උපෝසථ සීලයෙහි පිහිටුවීම හා සම්බුද්ධ පුජාව තෙල්වත්තේ නන්දතිස්ස හිමි.

8.15 භාවනා වැඩ සටහන මෙහෙයවීම ජදුරේ සුනීත හිමි. 9.45 බුදුසරණ පුවත්පත බෙදාදීම හසිත දියබලනගේ සහ තිලංක දියබලනගේ සොහොයුරන් 10 දහම් දෙසුම සියඹලාගොඩ ධම්මින්ද හිමි. පස්වරු 1.30 දහම් දෙසුම මුරුතුවෙල සීවලී හිමි. 3 දහම් දෙසුම උණුවතුර බුබුලේ පියදස්සි හිමි. 4.30 දහම් දෙසුම හා අටවිසි බුද්ධ පූජාව වෙරළුගොල්ලේ උදයනන්ද හිමි නොමිලයේ සපයන උපදේශන සේවාව සඳුදා පෙරවරු 10 සිට සහ සෙනසුරාදා පස්වරු 2-30 දක්වා පැවැත්වේ.


කලල්ගොඩ සිරි ගුණසේකර ධර්මායතනය

6.30 උපෝසථ ශීල සමාදානය , සම්බුද්ධ පූජාව සහ කෙටි අනුශාසනාව, සිරි ගුණසේකර ධර්මායතනාධිපති රම්මලේ අරියවිසුද්ධි හිමි, 8.00 වෙසෙසි දෙසුම දර්ශනපති කථිකාචාර්ය ආනන්ද සිල්වා මහතා 9.30- ධර්ම දේශනය දරණගම කුසලවිසුද්ධි හිමි, 11.00 දහවල සම්බුද්ධ පූජාව පොල්වත්තේ ධම්ම විසුද්ධි හිමි, 12.45 පිරිත් සජ්ඣායනය සහ තෙරුවන් වන්දනාව ධර්මායතනවාසී සඟරුවන සමඟින් සිල් පිරිස 1.00 – විශාඛා කුළඟන සමිතියේ විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනා ඉදිරිපත් කිරීම. 1.15 විශේෂ දෙසුම මෙහෙයවීම :– ආචාර්ය රවීන්ද්‍රනාත් මහතා 2.00 ධර්ම දේශනය දිවුරුම්වෙල විනීත හිමි, 3.00 ධර්ම දේශනය විදුරපොල ආනන්ද හිමි. 4.00 ධර්ම දේශනය රම්මලේ අරියවිසුද්ධි හිමි, සවස 6.30 ගිලන්පස බුද්ධ පූජාව සහ අටවිසි බුද්ධ වන්දනාව මෙහෙයවීම රම්මලේ අරියවිසුද්ධි හිමි. මෙදිනද බුදුසරණ පුවත්පත ධර්ම දානය වශයෙන් බෙදාදීමෙන් දායකත්වය දරනු ලබන්නේ ජයතිස්ස කොඩිතුවක්කු මහතා සහ ඉන්ද්‍රානි කුරුප්පු ආරච්චි මහත්මියයි.

අපවත් වී වදාළ ලේනබටුවේ මිත්තාලෝක නාහිමි, පළමුවන වාර්ෂික ගුණානුස්මරණ පින්කම ජුනි මස 18,19 ,20,21 සහ 22 වන දින ධර්මායතන කාර්ය සාධක සමිතිය, විශාඛා කුළඟන සමිතිය සහ දහම් පාසල් සංවර්ධන සමිතියේ දායකත්වයෙන් සිදු කෙරේ. 19 දින අලුයම 5.10 අටවිසි බුද්ධ ප්‍රතිමා වහන්සේලා කුටිවල තැන්පත් කිරීම 5.30 ක්ෂීරපායාස බුද්ධ පූජාව තැන්පත් කිරීම 6.30 අෂ්ඨපාන ගිලන්පස බුද්ධ පූජාව , 20 දින අලුයම 5.30 ක්ෂීරපායාස බුද්ධ පූජාව, සවස 6.30 ගිලන්පස බුද්ධ පූජාව, 21 දින අලුයම 5.30 ක්ෂිරපායාස බුද්ධ පූජාව, සවස 6.30 ගිලන්පස බුද්ධ පූජාව, එදින රාත්‍රී 9.00 සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව, 22 පෙරවරු 10.00 ට විසි බුද්ධ මන්දිර ශ්‍රාවක ප්‍රතිමා හා ගම්භාර දේවාලය විවෘත කිරීම හා ගුණ සමරු ඵලකය එළිදැක්වීම ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක නාපාන පෙමසිරි මහනා හිමියන්ගේ පින්බර සුරතිනි. 10.30 සම්බුද්ධ පූජාව තැන්පත් කිරීම, 11.00 ශතාධිත මහසඟරුවන උදෙසා පිරිනැමෙන සඟ සතු දානය ,


කතරගම කිරිවෙහෙර

ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේදී පොසොන් පෝදා පින්කම් රැසක් කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රවේදී කොබවක ධම්මින්ද නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිදුකෙරේ.

එදින උදෑසන අටසිල් සමාදන් කරවීම, මල් පහන් ගිලන්පස කිරි ආහාර පූජාව, ශබ්ද පූජාව මධ්‍යයේ ෂඩ්වර්ණ සාටකයක් කිිරිවෙහෙර චෛත්‍යයේ පැළඳවීමේ කංචුක පූජාව පැවැත්වේ.

උදේ ධර්ම දේශනාව ධර්ම ශාලාවේ පැවැත්වෙන අතර භාවනා වැඩසටහන චෛත්‍ය මළුවේ පැවැත්වේ.

කිරිවෙහෙර ප්‍රධාන වාසල් දොරටුව ඉදිරිපිට දාන ශාලාවේ පොසොන් බත් දන්සල හා කිරිවෙහෙර රාජමහා විහාර්ථ ශ්‍රී ආනන්ද රේවත දහම් පාසලේ සිසිල්බීම දන්සල පැවැත්වේ.

සවස කිරිවෙහෙර රාජමහා විහාරස්ථ මහාසේන සිල් සමිතියේ මල්පෙරහර කිරිවෙහෙර රාජ මහ විහාරස්ථානයේ සිට අෂ්ඨඵල බෝධින් වහන්සේ වෙතට ගොස් මල් පහන් ගිලන්පස පූජා කිරීමෙන් අනතුරුව බෝධි පූජාව පැවැත්වීම අෂ්ඨඵල බෝධි තේවාව භාර කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ විහාරාධිකාරි තලගල ඤාණින්ද හිමියන් විසින් පවත්වනු ලැබේ.

රාත්‍රි 7.00 අටවිසි බෝමළුවේදී අටවිසි බුදුවරුන් වෙනුවෙන් බෝධිපූජාවද කිරිවෙහෙර 3 වන මළුව සමීපයේ පහන් 5000 ක ආලෝක පුජාවද පැවැත්වේ.

කලුතර නීලගිරි මෝටර්ස් අධිපති අජිත් කරුණාතිලක, කතරගම බෞද්ධ සංගමය, ගිලාන උපස්ථාන බෞද්ධ සමිතිය, විහාරස්ථ දායක සභාව එම පින්කම් සංවිධානය කර ඇත.


ඓතිහාසික කල්‍යාණි රාජ මහා විහාරය

පොසොන් පෝදා පෙරවරු 6 -6.30 සීල සමාදානය , සහ බුද්ධ වන්දනාව රන්දිලිගම මහින්ද හිමි, 8-9 භාවනා වැඩසටහන මෙහෙයවීම ශ්‍රී කල්‍යාණි උභය රාජ මහා විහාරාධිපති කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි. 9-10 දහම් දෙසුම නාලන්දේ විමලසිරි හිමි. 10-11 ධම්මපදයෙන් බිඳක් දර්ශනපති ලුණුගම්වෙහෙරේ නාරද හිමි. 11 බුද්ධ පූජාව ගොඩපොල නන්ද හිමි. 12.15 -2 සීල භාවනා සමිතිය 2-3 විද්‍යා දේශනය විශේෂඥ වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා 3-4 දහම් දෙසුම නාරන්බැද්දේ ආනන්ද සාගර හිමි. 4-5 පිරිත් දෙසුම.5-6 භාවනා වැඩසටහන මෙහෙයවීම මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි. 6-7 ගිලන්පස බුද්ධ පුජාව ආචාර්ය දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමි. 7-8 දහම් දෙසුම මඩවල ධම්මික ජිනවංශ හිමි.


අනුරාධපුර මහාවිහාරය

ඓතිහාසික මහාවිහාරයේ පුන් පොහෝ දින, දාන, ශීල, භාවනා ආගමික වැඩසටහන් මාලාවේ පොසොන් පුන් පොහොය වැඩසටහන දවස පුරා මහාවිහාරයේ ජය ශ්‍රී මහාබෝධි විහාරස්ථානයේ (බෝමළුව පන්සලේ) සන්නිපාත ශාලාවේදී පැවැත්වේ. ආචාර්ය පල්ලේගම සිරිනිවාස අටමස්ථානාධිපති නාහිමියන්ගේ අනුශාසනා පරිදි, බෝමළුව විහාරවාසී කිරින්දේ ඥානදර්ශන හිමියෝ පොහොය වැඩසටහන සම්බන්ධීකරණය කරති. මෙවර වැඩසටහන මෙසේය.

පෙරවරු 06.00 අටසිල් සමාදන්වීම 06.30 උදෑසන බුද්ධ පූජාව, 08.00 ධර්ම දේශනාව ‘බාලපණ්ඩිත සූත්‍රය’ මහාචාර්ය මැදගම්පිටියේ විජිතධම්ම හිමි. 09.00 ධර්ම දේශනාවට අදාල ගැටලු සාකච්ඡා කිරීම, 09.15 ගිහි දේශනය, මාතෘකාව ‘මහින්දාගමනය සහ මහාවිහාරය’දේශක ආචාර්ය කේ.එම්.අයි. ස්වර්ණසිංහ මහතා 10.15 දේශනයට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම, 10.30 දවල් බුද්ධ පූජාව, දහවල් 12.00 ජාතක කතා දේශනාව, රාජකීය පණ්ඩිත අංකුඹුරේ රේවත හිමි. පස්වරු 01.00 – ධර්ම දේශනාව 02 – මාතෘකාව ධම්මපදයේ බුද්ධ වග්ගයෙහි එන “බහුං වේ සරණං යන්තී” ගාථාව ආචාර්ය දිවුල්පැලැස්සේ විමලානන්ද හිමි. 02.00 ධර්ම දේශනාවට අදාල ගැටලු සාකච්ඡා කිරීම. 02.45 දම්සභා මණ්ඩපය ,මාතෘකාව, “පේතවත්ථු සහ විමානවත්ථු” සහභාගිත්වය, රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති වලවාහැංගුණ වැවේ මහින්දරතන හිමි, රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති වැලිවිට සෝරත හිමි, ශාස්ත්‍රපති වඩුගේ කරුණාරත්න මහතා ප.ව. 04.00 භාවනා වැඩසටහන ,මෙහෙයවීම, පණ්ඩිත ඉපලව පේමානන්ද හිමි. 05.00 බෝධි පුජාව, මෙහෙයවීම ,ශාස්ත්‍රවේදී කෙහෙල්වල රේවත හිමි. 05.55 සිල් පවාරණය .


කොළඹ 07 ශ්‍රී ලංකා ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානය

පෝදා පෙරවරු 6.15-7.00 සිල් සමාදන් කරවීම, බුද්ධ පූජාව දිගන සුගතවංශ හිමි, 8.00-9.30 ධර්ම දේශනාව දිගන සුගතවංශ හිමි, 9.30-11.00 ධර්ම දේශනාව නාමල්ගමුවේ පඤ්ඤාසේකර හිමි.

පස්වරු 12.15-1.00 පිරිත් සූත්‍ර දේශනා 1.00-2.30 ගිහි දේශනය, වෛද්‍ය කුමුදු කුරුප්පු මහතා 3.00-4.30 ධර්ම සාකච්ඡාව මඩවල ධම්මික ජිනවංශ හිමි.


තලවතුගොඩ සංඝමිත්තාරාමය

තලවතුගොඩ වැලිපාර සංඝමිත්තාරාමයේදී පොසොන් පෝදා අලුයම 5.30 ක්ෂීර පායාස අටවිසි බුද්ධ පූජාවක් ඕපනායක නිරාෂා දස සිල් මෑණියන් වහන්සේ පවත්වන අතර පෙරවරු 6 සිට පස්වරු 6 දක්වා ශීල, භාවනා, ධර්ම දේශනා හා ධර්ම සාකච්ඡා පැවැත්වේ. 8-9 දහම් දෙසුම කහටපිටියේ පඤ්ඤාසාර හිමි. 9.30-10.30 භාවනා වැඩ සටහන මෙහෙයවීම උඩහමුල්ලේ තාදි දසසිල් මෑණියන් විසිනි. 11 දවල් බුද්ධ පූජාව 12-1 දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව ආරාමවාසී මෑණිවරුන් විසිනි. 1-2 දහම් දෙසුම දිගන සුගතවංශ හිමි. 2.15-3 දහම්දෙසුම කොට්ටාවේ සුධීරා දසසිල් මෑණියන් විසිනි. 3-4 දහම් දෙසුම කැලණියේ අජිත හිමි. 4-5 දහම් දෙසුම අතුරුගිරියේ ධම්ම විහාරි හිමි. තුන් සූත්‍ර සජ්ඣායනයෙන් පසු සිල්පවාරණය කෙරේ. 6 අටවිසි බුද්ධ පූජාව අසූමහා ශ්‍රාවිකා , පූජාවක් මෙහෙයවීම උඩහමුල්ලේ තාදි දස සිල්මෑණියන් වහන්සේ සුපුරුදු පරිදි ධර්මදානය සඳහා බුදුසරණ බෙදාදීම ලොකුමැණිකේ ඉඩම්පිටිය මහත්මියගේ දායකත්වයෙනි.


කොළඹ 07 ශ්‍රී සම්බෝධි විහාරය

පෙරවරු 5.30- 7.30 කිරි ආහාර පාත්‍ර 1008 ක් සහිත බුද්ධ පූජාව, ස්වර්ණමය සුගත චීවර පූජාව, සීල සමාදානය, බුද්ධ වන්දනාව, භාවනාව හා අනුශාසනාව බෞද්ධයා රූපවාහිනී නාලිකාවේ සභාපති සහ ශ්‍රී සම්බෝධි විහාරයේ විහාරාධිපති, ගෞරව ශාස්ත්‍රවේදී දරණාගම කුසලධම්ම නාහිමි. 08.00-9.00 ධර්ම දේශනාව, හොරොව්පතානේ සන්ත්‍රින්ද්‍රිය හිමි, 09.30-10.30 ධර්ම දේශනාව, අක්මීමන ධම්මපාල හිමි, 11.00-11.30 ව්‍යංජන 1008 ක් සහිත සම්බුදු පූජාව, ශ්‍රී සම්බෝධි විහාරවාසී අනුරාධපුරයේ ධම්මසිරි හිමි,

පස්වරු 12.30-2.00 “දම්සභා මණ්ඩපය” සාකච්ඡාව දරණාගම කුසලධම්ම නාහිමි, ජනාධිපති නීතිඥ ප්‍රශන්ත ලාල් ද අල්විස් මහතා, විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා,

මෙහෙයවීම ප්‍රවීණ මාධ්‍යවේදී ජැක්සන් ඇන්තනී මහතා 2.00-3.00 ධර්ම දේශනාව, අම්බලන්ගොඩ ගල්දූව ගුණවර්ධන යෝගාශ්‍රමවාසී ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවේ මහා ලේඛකාධිකාරි , ත්‍රිපිටක විශාරද කහගොල්ලේ සෝමවංශ නාහිමි. 3.30-4.30 ධර්ම දේශනාව නඟරංගල සුමේධ හිමි, 4.30-5.30 ධර්ම දේශනාව දෙණියායෙ’ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමි, 5.30-6.00 මහා ඖෂධ පූජාව, සත්බුදු වන්දනාව සහ සිල් පවාරණය , කළුබෝවිල සමාධි චිත්ත විවේකාශ්‍රමයේ අනුශාසක මහරගම පදුම හිමි.


කුප්පියාවත්ත ජයශේඛරාරාමය

කොළඹ, 10, කුප්පියාවත්ත ශ්‍රී ජයශේඛරාරාම මහා විහාරස්ථානයේ පොසොන්මස පුරපසළොස්වක පොහෝදා ශීල, භාවනා, ධර්මදේශනා, මාලාවක් ත්‍රිපිටකාචාර්ය , තලල්ලේ සිරිමහින්ද නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් හා විහාරස්ථ උපාසක, උපාසිකා, සමිතියේ පූර්ණ සංවිධායකත්වයෙන් දවස පුරා පැවැත්වේ.

එදින පෙරවරු 6.00-6.30 උපෝසථශීලය හා කෙටි අනුශාසනාව , විහාරාධිපති ත්‍රිපිටකාචාර්ය තලල්ලේ සිරිමහින්ද නාහිමි. 7.00-7.30 සම්බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව, විහාරාධිපති , තලල්ලේ සිරිමහින්ද නාහිමි. 8.00-9.00 භාවනා වැඩ සටහන, ශ්‍රී ජයශේඛරාරාමවාසී. ශාස්ත්‍රවේදී දෙමටගොඩ මහාවිසුද්ධාරාම පිරිවෙනේ, පරිවේණාධිපති ශාස්ත්‍රපති මන්දාරම් නුවර පඤ්ඤානන්ද හිමි. 10.30-11.00 දහවල් සම්බුද්ධ පූජාව හා දහවල් අටවිසි බුද්ධ පූජාව තලල්ලේ සිරිමහින්ද නාහිමි.

පස්වරු 12.15-12.45 දක්වා සෙත්පිරිත් දේශනය ශ්‍රී ජයශේඛරාරාමවාසී භික්ෂූන් වහන්සේලා විසින් 1.00-2.00 මාසික රැස්වීම තලල්ලේ සිරිමහින්ද නාහිමිගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් 2.15-3.15 ධර්ම දේශනය, දෙමටගොඩ ශ්‍රී විසුද්ධාරාමවාසී. වැලිමඩ පඤ්ඤාරාම හිමි. 3.30-4.30 දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව, තලල්ලේ සිරිමහින්ද නාහිමි. 4.30-5.30 ට ධර්ම දේශනාව ශ්‍රී ජයශේඛරාරාමවාසී සෙවනගල අජිත හිමි, ප.ව. 6.00 සිල්පවාරණය තලල්ලේ සිරිමහින්ද නාහිමි. 6.45 -7.45 ගිලන්පස පූජාව හා අටවිසි බුද්ධ පූජාව රාත්‍රි 8.00 -9.00 ට රාත්‍රි ධර්ම දේශනය, (පටිගත කරන ලද දේශනයක්)


කොටුබැම්ම පාර ධර්මාශ්‍රම විහාරය

දර්ශනපති සේරන්කඩ සීලවංශ හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ දායක සභාව හා කුළඟන සමිතිය පොසොන් පොහෝදා සංවිධානය කර ඇති ආගමික වැඩසටහන මෙසේය. පෙරවරු 6.00 අටවිසි කිරිආහාර බුද්ධ පූජාව. 6.30 ට සිල්සමාදන්වීම හා බුද්ධ පූජාව . 7 ට භාවනා වැඩසටහන 8 වෑගම ඤාණානන්ද හිමියන්ගේ ධර්මදේශනාව .9.30 දම්දෙසුම , සේරන්කඩ සීලවංශ හිමි. දවල් 11.30 බුද්ධ පූජාව සවස 1 සමූහික පිරිත් දේශනාව, 2 දේවහන්දියේ ජිනරතන නාහිමිගේ දම්දෙසුම 4 රොටුඹ ආනන්ද හිමිගේ ධර්ම දේශනාව සවස 6.30 අටවිසි බුද්ධ පූජාව හා බෝධි පූජාව රාත්‍රි 7.00 කඩල හා කව්පි දන්සල විවෘත කිරීම. 7.30 ට ‘මිහින්තලා පව්ව’ යන්ත්‍රානුසාරයෙන් ක්‍රියාකරන චිත්‍ර දැක්ම විවෘත කිරීම. -


බුද්ධංගල වනසෙනසුනේදී සිව්දිනක් පුරා පින්කම්

දිගාමඩුල්ල බුද්ධංගල වන සෙනසුනේදී සේනාසනාධිපති ශාස්ත්‍රපති දීඝවාපිය සුසීම හිමියන්ගේ අනුශාසනා පරිදි මෙම 18,19 ,20,21 යන දිනවලදී ශ්‍රී සර්වඥ ධාතු ප්‍රදර්ශනය සහ ඊට සමගාමීව ශීල, භාවනා, ධර්ම දේශනා, දන්සැල්, පරිත්‍රාණ ධර්ම දේශනා පැවැත්වේ. ඒ තුළින් ජනාධිපතිතුමා ප්‍රධාන රජයට ත්‍රිවිධ හමුදාවට පොලීසියට සිවිල් ආරක්ෂක බළකායට සහ රටවැසියන්ට සෙත්පැතීමත් සිදු කෙරේ. රාජ්‍යානුග්‍රහයෙන් සැදැහැවතුන්ගේ උපකාරයෙන් ආරණ්‍ය සාධක සමිතිය මගින් එම පොසොන් මහා පින්කම පැවැත්වේ. -


තෙලවල විජයරූපාරාම ධර්මායතනය

මොරටුව කටුබැද්ද, තෙලවල ,විජයරූපාරාම ධර්මායතනාධිපති, කොළඹ දිශාවේ ප්‍රධාන සංඝනායක ‘ශාසන කීර්ති ශ්‍රී ‘රාජකීය පණ්ඩිත ශාස්ත්‍රවේදී දම්පහළ ඤාණරතන නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් ප්‍රදේශවාසී පින්වතුන්ගේ සහභාගිත්වයෙන් පුන් පොහෝ දින වැඩසටහන සිදුකරනු ලැබේ.

අලුයම 5.30- කිරිපිඬු දානය සහිත පෙරහර 6.30-7.30 උපෝසථ අෂ්ඨාංග සීලය සමාදන් කරවීම, සම්බුද්ධ පූජාව සහ කෙටි අනුශාසනාව දම්පහළ ඤාණරතන නාහිමි, 8.00-8.30 ධර්ම දේශනාව, වඳුරඹ ඤාණාලෝක හිමි, 8.30-9.00 ධර්ම දේශනාව වැලිමඩ ඥාණරාම හිමි, 9.30-10.30 ජාතක කථා දේශනාව, දම්පහළ ඤාණසුධීර හිමි, 10.30-11.00 භාවනාව වඳුරඹ ඤාණාලෝක හිමි. 11.00 දහවල සම්බුද්ධ පූජාව දම්පහළ ඤාණසුධීර හිමි.

ප.ව. 12.30-1.00 සක්මන් භාවනාව දම්පහළ ඤාණරතන නාහිමි. 1.00-2.00 පොසොන් පුර පොහොය පිළිබඳ විශේෂ දේශනය ධර්මාචාර්ය ආසිරි රාජපක්ෂ මහතා 2.00-3.00 ගිහි දේශනය, හෝමාගම ජාතික සාරධර්ම ප්‍රවර්ධන මධ්‍යස්ථාන ප්‍රධානී ආචාර්ය පී‍්‍රති කුලතුංග මහතා 3.00-4.00 සුධර්මා කුළඟන සමිතියේ සාකච්ඡාව 4.00-4.30 ධර්ම දේශනය හපුතලේ ඤාණවිසුද්ධි හිමි, 4.30-5.00 මහපිරිත් දේශනාව සහිත ‘මහාසමය සූත්‍ර දේශනාව ධර්මායතනවාසී හිමියන්. 5.00 ට සිල්පවාරණය සිදුකිරීම දම්පහළ ඤාණරතන නාහිමි. 6.30-7.30 අෂ්ටපාන සහිත අටවිසි ගිලන්පස බෝධි පූජාව සහ පුණ්‍යානුමෝදනාව දම්පහළ ඤාණරතන නා හිමි.

‘බුදුසරණ පුවත්පත බෙදාදීම දායකත්වය – බුරුතගොල්ල ඔක්කම්පිටිය පදිංචි චමිලා පි‍්‍රයදර්ශනී මෙනවිය විසිනි.


හුණුපිටිය විජය සුන්දරාරාමය

වත්තල හුණුපිටිය ශ්‍රී විජය සුන්දරාරාම පුරාණ විහාරස්ථානයෙහි පොසොන් පෝදා පෙරවරු 6.00 සිට පසුදා පෙරවරු 6.00 දක්වා දාන, සීල, භාවනා ධර්ම දේශනා ඇතුළු වැඩසටහන් රාශියක් පැවැත්වීමට වීතදෝෂි සමිතිය, දායක සභාව, කාන්තා සමිතිය හා ධර්මාශෝක දහම් පාසල කටයුතු යොදා ඇත. මෙම වැඩසටහන් විහාරාධිපති වලවෙල හේමානන්ද නා හිමි යන්ගේ අනුශාසනා පරිදි ගල්කිස්සේ ධම්මිස්සර, දේවගොඩ පියරතන, බුත්කන්දේ රතනජෝති, ගොමඩියේ චන්දරතන, වේවැල්දූවේ ධම්මකිත්ති යන හිමිවරුන්ද ගාල්ලේ සුදම්මචාර දසසිල් මාතාවද වැඩසටහන් වලට වැඩම කිරීමට නියමිතය.


පහලමිල්ලවදී පින්කම්

මොරවක පහලමිල්ලව ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරස්ථානයේදී පොසොන් පුර පසළොස්වක පොහොය දිනයට සමගාමීව පින්කම් රැසක් කදුරුදූවේ විජිත හිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කැරේ.

උපසදම්පදා ලැබූ තලාවේ උදිත හිමියන්ගේ මංගල ධර්ම දේශනය රාත්‍රී , 13 උඩුවේ සමිත හිමිගේ ධර්ම දේශනය රාත්‍රි , 14 දෙල්ලව ජිනරතන හිමිගේ ධර්ම දේශනය රාත්‍රි, 15-16 රාති‍්‍ර ධර්ම දේශනා , 17 විහාරාධිපති අපවත්වී වදාළ තවලම රේවත නාහිමියන්ට පින් අනුමෝදනා කරනු පිණිස සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව, 18-දරුවන් පැවිදි කිරීම සහ දහවල් සංඝගත දක්ෂිණාව පිරිනැමීම සිදු කෙරේ.


 

   පොසොන් පුර පසළොස්වක පෝය

  පොසොන් පුර පසළොස්වක පෝය ජුනි 19වන දා ඉරිදා අපරභාග 3.31ට ලබයි. 20වන දා සඳුදා අපරභාග 4.32 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි 19වන දා ඉරිදාය.

මීළඟ පෝය ජුනි 27 වන දාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජුනි 19

Second Quarterඅව අටවක

ජුනි 27

Full Moonඅමාවක

ජූලි 04

First Quarterපුර අටවක

ජූලි 11


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]