UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාවට සමගාමීව පැවැත් වූ කථික තරගයෙන්

ජ්‍යෙෂ්ඨ අංශයේ මුල්තැන ෂයිනිට

කනිෂ්ඨ අංශයේ මුල් තැන තිලකරත්නට

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාවට සමගාමීව පැවැත් වූ කථික තරගයෙන්

 

මිහින්තලා ලේක්හවුස් ආලෝක පුජාව නිමිත්තෙන් මහා භාරකාර දෙපාර්තමේන්තුව සහ ලේක්හවුස් ආයතනය අනුග්‍රහයෙන් දහම් පාසල් සිසුන් 1000කට සහ දහම් ගුරුවරු 250දෙනකු වෙත සිල් රෙදි ප්‍රදානය කිරීම මිහින්තලා රාජමහා විහාරාධිපති හා භාරකාර වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් මිහින්තලේ රතනජෝති බෞද්ධ මධ්‍යස්ථානයේදී සිදු කෙරිණි. එම අවස්ථාවට ලේක්හවුස් නීති අධ්‍යක්ෂ නීතීඥ සිරිමෙවන් ඩයස් මහතා සහ ප්‍රචාරක හා මහජන සම්බන්ධතා කළමනාකාර ශාන්ත ජයමහ මහත්වරුද සහභාගි වූහ.

පනස්හතර (54) වන වරටත් පැවැත්වෙන ලේක්හවුස් මිහින්තලා ආලෝක පූජාවට සමගාමීව පැවැත්වූ බුදුසරණ කථික තරගයේ ජ්‍යෙෂ්ඨ අංශයේ ප්‍රථම ස්ථානය අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ එස්. එම්. ෂයිනි ශෂිකා සෙනෙවිරත්න ශිෂ්‍යාවත්, කනිෂ්ඨ අංශයේ ප්‍රථම ස්ථානය අනුරාධපුර ශාන්ත ජෝශප් මහ විදුහලේ ටී.ටී. තිලකරත්න සිසුවාත් හිමිකර ගත්හ.

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ අනුග්‍රහයෙන් බුදුසරණ පුවත්පත මඟින් මිහින්තලා රජමහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි මේ කථික තරගය මිහින්තලේ ශ්‍රී රතනජෝති ගුණානුස්මරණ ශාලාවේ දී පැවැත්විණි.

මෙහිදී ජ්‍යෙෂ්ඨ අංශයෙන් ජයග්‍රහණය ලැබුවෝ පිළිවෙළින් මෙසේය.

1. එස්.එම්. ෂයිනි ශචිකා සෙනෙවිරත්න - අනුරාධපුර මධ්‍ය විද්‍යාලය, 2. ඩබ්ලිව්. එම්. සඳුන් ප්‍රසාද් - අනුරාධපුරය මධ්‍ය විද්‍යාලය, 3. එල්.එච්.පී.එස්. විජේරත්න - අනුරාධපුර මධ්‍ය විද්‍යාලය, 4. එන්.ඒ. කේ. දුලක්ෂා - මිහින්තලයේ මහා විදුහල, 5. එච්.කේ. සෝමරත්න – අනුරාධපුර මධ්‍ය විදුහල, 6. එච්.ජී. අයි. අයි. වීරසේකර – අනුරාධපුර මධ්‍ය විදුහල, 7. ආර්.එම්.එස්. කාවින්ද්‍යා - අනුරාධපුර නිවන්තක චේතිය විදුහල, 8. කේ.එල්. ඕ. ඩී. කාරියවසම් – අනුරාධපුර මධ්‍ය විදුහල, 9. ඒ. ඩබ්ලිව්.ටී. ඩී. නෙත්මි – අනුරාධපුර මධ්‍ය විදුහල, 10. ඊ.එම්. එම්. එස්. අනුත්තර – අනුරාධපුර මධ්‍ය විදුහල.

කනිෂ්ඨ අංශයේ පිළිවෙළින් මෙසේය.

1. ටී. ටී. තිලකරත්න - ශාන්ත ජෝශප් විදුහල අනුරාධපුර 2. එච්.එම්. මධුභාෂනී – තම්මැන්නාව වේළුසුමන විදුහල , 3. ඩබ්ලිව්. එම් නිලක්ෂා ප්‍රබෝදනී – කැකිරාව මහ විදුහල, 4. ඩබ්ලිව්. එම්. විහංගා පාරමි ජයරත්න - අනුරාධපුර මධ්‍ය විද්‍යාලය, 5. බී. එච්. තිලකරත්න – අනුරාධපුර ශාන්ත ජෝශප් විදුහල, 6. එස්.පී. උමේෂා සෙව්වන්දි - තම්මැන්නාව වේළුසුමන විදුහල, 7. එම්.එම්. පියුම් අරුනෝද්‍යා - කැකිරාව මහ විදුහල, 8. ඒ. එච්. සමාධි භාග්‍යා අනුරාධපුර ස්වර්ණමාලි බාලිකා විදුහල, 9. උපේක්ෂා කවිදි ඒකනායක – නිවන්තක චේතිය මහ විදුහල, 10. බී.එම්. පියුමි ශ්‍යාමා - අනුරාධපුර දීපානි මහ විදුහල.

එම ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට ත්‍යාග සහ සහතික පත් ලේක්හවුස් ආලෝක පූජා පින්කමට සමගාමිව මෙම 22 වනදා පස්වරු 6 ට පැවැත්වෙන උත්සව අවස්ථාවේ ප්‍රදානය කිරීමට නියමිතය. මෙහිදී බුදුසරණ කථික තරගයේ සහ දීපව්‍යාප්ත රචනා තරයේ් දී ජය ලැබූවන්ට ඩී.ආර්. විජයවර්ධන අනුස්මරණ කුසලානය සහ පියසේන නිශ්ශංක අනුස්මරණ කුසලානය පිරිනමනු ලැබේ. කථික තරගයේ විනිසුරුවන් ලෙස මිහින්තලේ රජරට විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපති මහාචාර්ය නන්දන රෝහණ විතානච්චි සහ ජ්‍යෙෂ්ඨ කථිකාර්ය ආචාර්ය බී.එම්.එස්. බණ්ඩාර යන මහත්වරුන්ගේ සම්බන්ධීකරණයෙන් ජ්‍යෙෂ්ඨ අංශයේ එච්.ඒ.බී.ඩබ්ලිව්. හෙට්ටිආරච්චි, පී. බී. රත්නායක, කේ. කේ. ජේ. පි‍්‍රයදර්ශන, ඩී.පී.ඒ.පී. ආනන්ද, කේ.ටී. තිලකරත්න, බී.යූ. පී.සී. කුමාරගේ යන කථිකාචාර්යවරුද, කනිෂ්ඨ අංශය ඩබ්ලිව්. එම්.ටී.බී. විජේපාල, එල්.එම්. ඒ. පී. ගුණවර්ධන, එම්.ඒ. ප්‍රසාද් කුමාර, එන්.එස්. පී. කුඹුරගේ, එන්.එච්.එම්.සී. අත්තනායක සහ ඊ.එස්. කේ.එම්.එල්.එස්.කේ. ඒකනායක යන කථිකාචාර්ය මහත්ම මහත්මිහු කටයුතු කළහ.

එම අවස්ථාවට ලේක්හවුස් ආයතනයේ ප්‍රචාරක හා මහජන සම්බන්ධතා කළමනාකාරු ශාන්ත ජයමහ සහ බෙදාහැරීම් සහකාර කළමනාකරු දර්ශ චන්ද්‍රසිරි යන මහත්වරු ද එක්වූහ.

 
විනිශ්චය මණ්ඩලය සමඟ ජ්‍යෙෂ්ඨ අංශය
විනිශ්චය මණ්ඩලය සමඟ කනිෂ්ඨ අංශය


 

   පොසොන් පුර පසළොස්වක පෝය

  පොසොන් පුර පසළොස්වක පෝය ජුනි 19වන දා ඉරිදා අපරභාග 3.31ට ලබයි. 20වන දා සඳුදා අපරභාග 4.32 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි 19වන දා ඉරිදාය.

මීළඟ පෝය ජුනි 27 වන දාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජුනි 19

Second Quarterඅව අටවක

ජුනි 27

Full Moonඅමාවක

ජූලි 04

First Quarterපුර අටවක

ජූලි 11


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]