UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ඓතිහාසික සිතුල්පව්ව රාජමහා විහාරය

ඓතිහාසික සිතුල්පව්ව රාජමහා විහාරය

රුහුණේ රාජ්‍ය පොසොන් පූජෝත්සවය යාල වනෝද්‍යානය මධ්‍යයේ පිහිට ඓතිහාසික සිතුල්පව්ව රාජමහා විහාර පූජා භූමිය කේන්ද්‍ර කොට ගනිමින් මෙම ජූනි මස 18, 19, 20 යන දිනයන්හිදී රාජ්‍ය අනුග්‍රහයෙන් යුතුව පැවැත්වේ. ප්‍රතිපත්ති පූජාවට ප්‍රමුඛත්වය සලසමින් නිවන්මඟ අරමුණු කොටගෙන මෙම පින්කම සංවිධානය කෙරේ. ඓතිහාසික සිතුල්පව්ව රාජමහා විහාරය, ඓතිහාසික යටගල රාජමහා විහාරය ආදී අෂ්ඨ මහා විහාරාධිපති, දක්ෂිණ ලංකාවේ උප ප්‍රධාන සංඝනායක, හෙට්ඨාවල මහ පිරිවෙන් අධ්‍යක්ෂ, ශාස්ත්‍රපති පණ්ඩිත, සද්ධර්මකීර්ති ශ්‍රී මැටරඹ හේමරතන නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ සහ දායක සභාවේ අභිමතය පරිදි අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් මත රාජ්‍ය අනුග්‍රහයෙන් නිවාස හා ඉදිකිරීම අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ පූර්ණ අධීක්ෂණය හා දායකත්වය යටතේ දකුණු පළාත් මහ ලේකම්තුමා, හම්බන්තොට දිසා මහ ලේකම්තුමා, තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම්තුමා ප්‍රධාන සියලුම රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනයන් හා ස්වේච්ඡා සංවිධානවල මැදිහත්වීම මත පොසොන් පූජෝත්සවය උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට සංවිධානය කෙරේ.

පොසොන් පෝය දිනට පෙර දින සිට ආගමික කටයුතු ආරම්භ කෙරේ. මහජනයාට වන්දනාව සඳහා සර්වඥ ධාතුන් වහන්සේලා වැඩම කරවීම, (ධාතු මන්දිරය) රටට සෙත් පතා ආනන්ද බෝධින් වහන්සේ අභියස මහා බෝධි පූජා පින්කම මහ සෑ මළුවේ ධම්මචක්ක සූත්‍ර දේශනාව, පොසොන් පුර පෝය දින පෙ.ව. 6.00 ට පෙහෙවස් සමාදන් වීමේ සිට බුද්ධ පූජා, බෝධි පූජා, ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, භාවනා (ප්‍රායෝගික භාවනා වැඩසටහන්) ජාතක දේශනා, සර්ව රාත්‍රික පරිත්‍රාන දේශනාව ආදී ආගමික වැඩසටහන් රැසකි. (වැඩසටහන සජීවී විකාශනයකි.)

සිල් සමාදන් වීම ආදී ආගමික කටයුතු සඳහා පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත පිරිසට අවශ්‍ය ආහාරපාන ආදිය පිරිනැමීම පිණිස බත් දන්සල්, තේ පැන් සහ ඔසුපැන්, පලතුරු, ආදී දන්සල් පැවැත්වීම සඳහා විශාල පිරිසක් සංවිධානය වී ඇත. විදුලි ආලෝක කරණය, වෛද්‍ය පහසුකම්, සනීපාරක්ෂක පහසුකම්, පානීය ජල පහසුකම්, ගමනාගමන පහසුකම්, බස්රථ සේවා ආරක්ෂක විධිවිධාන ආදියද රාජ්‍ය අනුග්‍රහය මත සූදානම් කර ඇත.

උපාලි සමූහ ව්‍යාපාරය මගින් විසිනම වැනි (29) වරටත් පවත්වනු ලබන සුවිශේෂ ආලෝක පූජාව, ඩයනා බිස්කට් ආයතනය මඟින් වාර්ෂිකව පවත්වන කුඩා සිතුල්පව්ව ආලෝක පූජාව, පැවැත්වෙන අතර මඟුල් මහා විහාරස්ථානයේ ආලෝක පූජාවත් බත් දන්සලත් ඉතා උසස් අයුරින් මෙවර ද පැවැත්වීමට ආයතන තුනම සංවිධානය වී ඇත.

සිතුල්පව්ව නිර්මාංශ හා මත්ද්‍රව්‍යවලින් තොර පුදබිමකි. පැමිණෙන සියලු දෙනාම ඒ පිළිබඳ දැඩි අවධානය යොමු කරනු මැනවි. එසේම පොලිතීන්, ඉටි කොළ, කෑම ඔතන කොළ, ෂොපින් බෑග් ආදී අපද්‍රව්‍ය පුද බිම තුළ හා වන පරිසරය තුළ නොදමන ලෙස ද කාරුණිකව දන්වා සිටිමි. මෙම උතුම් පුණ්‍යෙීත්සවය සඳහා පැමිණ සහභාගී වන ලෙස ආරාධනා කෙරේ.


 

 

   පොසොන් පුර පසළොස්වක පෝය

  පොසොන් පුර පසළොස්වක පෝය ජුනි 19වන දා ඉරිදා අපරභාග 3.31ට ලබයි. 20වන දා සඳුදා අපරභාග 4.32 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි 19වන දා ඉරිදාය.

මීළඟ පෝය ජුනි 27 වන දාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජුනි 19

Second Quarterඅව අටවක

ජුනි 27

Full Moonඅමාවක

ජූලි 04

First Quarterපුර අටවක

ජූලි 11


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]