UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජා මහා පින්කම පොසොන් පෝදා ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන්

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජා මහා පින්කම පොසොන් පෝදා

ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන්

ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම ලංකා විදුලි බල මණ්ඩලය හා එක්ව මිහින්තලා රජමහා විහාරාධිපති හා භාරකාර ගෞරව ශාස්ත්‍රවේදී වළවාහැංගුණවැවේ ධම්මරතන ස්වාමින්ද්‍රයන් වහන්සේගේ අනුශසනා පරිදි මෙම ජුනි මස 16 වනදා සිට 22 වනදා දක්වා පස්වරු 6 සිට 54 වන වරටත් මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව ඓතිහාසික මිහින්තලා පුදබිමේදී පැවැත්වේ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ සහ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පොසොන් පෝදා එම පින්කම සිදුකෙරේ.

දින හතක් මුළුල්ලෙහි සෑම දිනකම සවස 6ට ආලෝක පූජා පින්කමට සහභාගිවීමට නියමිත ආරාධිත අමුත්තන් මෙසේය.

16 වන දින – තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා ප්‍රධාන, ග්‍රාමීය ආර්ථික පිළිබද අමාත්‍ය පී. හැරිසන් මහතා, උතුරු මැද පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය පේශල ජයරත්න බණ්ඩාර මහතා, උතුරු මැද පළාත් ආණ්ඩුකාර පී.බී. දිසානායක මහතා, අනුරාධපුර සියලුම ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන් හා ලේක්හවුස් අධ්‍යක්ෂවරුන්ද වේ.

17 වන දින – අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ප්‍රධාන , කාන්තා හා ළමා කටයුතු ුඅමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර ඇමතිතුමිය, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් නිමල් කොටවලගෙදර මහතා, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතාද, ශිී‍්‍ර ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති – නීතිඥ නන්ද මුරුත්තෙට්ටුවේගම මහතා, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලන්සූරිය මහතා, ලේක්හවුස් ආයතනයේ සභාපති කාවන් රත්නායක මහතා, කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සමන් වගආරච්චි මහතා මෙහෙයුම් අධ්‍යක්ෂ ලක්ෂ්මන් හේවාපන්න, නීති අධ්‍යක්ෂ සිරිමෙවන් ඩයස් මහතාද ලේක්හවුස් ආයතනයේ නිලධාරිහුද සහභාගි වේ.

18 වනදින (පොසොන් පොහොය දිනට පෙර දින) - කථානායක කරු ජයසූරිය මැතිතුමා ප්‍රධාන, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා, පාර්ලිමේන්තු හා ප්‍රතිසංස්කරණ ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති කරුණාරත්න පරණවිතාන මහතා, අභ්‍යන්තර කටයුතු වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී. නාවින්න මහතා, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යාංශයේ ලේකම්, නීතිඥ නිමල් බෝපගේ මහතා, ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ සභාපති, රවි ජයවර්ධන මහතා,

19 වනදින (පොසොන් පොහොය දින) - මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ප්‍රධාන ආරාධිත ලෙසද, රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමා, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා, කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා, නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ඩබ්. ඩී.ඒ. එස්. විජයපාල මහතා.

ලංකා විදුලිබල මණ්ඩලය, ඩයලොග්, ලංකා බැංකුව, අබාන්ස් යන අනුග්‍රාහක ආයතනවල නියෝජිතයන් සහ ලේක්හවුස් ආයතනයේ සභාපති/ කළමනාකාර අධ්‍යක්ෂ කාවන් රත්නායක මහතා, කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සමන් වගආරච්චි මහතා, මෙහෙයුම් අධ්‍යක්ෂ ලක්ෂ්මන් හේවාපන්න මහතා, නීති අධ්‍යක්ෂ සිරිමෙවන් ඩයස් මහතා, සාමාන්‍යාධිකාරි අභය අමරදාස මහතා ඇතුළු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි මහත්වරුන් ද සහභාගි වෙති.

20වන දින (පොසොන් පොහොය දිනට පසු දින) - ආරක්ෂ රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා ප්‍රධාන, නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා , ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා, යුද හමුදාපති ලුතිනන් ජනරාල් ඒ.ඩබ්.ජේ.සී.ද සිල්වා මහතා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ආර්.සී. විජේගුණරත්න මහතා, ලේක්හවුස් පි‍්‍රන්ටර්ස් ඇන්ඩ් පබ්ලිෂර්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් සභාපති – රංජිත් විජයවර්ධන මහතා, ලේක්හවුස් පි‍්‍රන්ටර්ස් ඇන්ඩ් පබ්ලිෂර්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් නියෝජ්‍ය සභාපති සුජාන් විජයවර්ධන මහතා, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, කරුණාසේන හෙට්ටිආරච්චි මහතා, පොලිස්පති පූජිත ජයසුන්දර මහතා, ලේක්හවුස් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ මහත්වරු සහ නිලධාරීන්ද සහභාගි වෙති.

මෙදින කප්රුක් පූජාව පැවැත්වීමට නියමිතය. සම්බන්ධීකරණය ලාල් පෙරේරා මහතා - නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි / අලෙවි, එම්.එස්. ජයමහ මහතා – කළමනාකරු / ප්‍රචාරන

21 වනදින - ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ඩබ්.ඩී. ඒ.එස්. විජයපාල මහතා ප්‍රධාන, අධ්‍යක්ෂ මණ්ඩලය සහ සියලුම විධායක නියෝජිතයන් ලේක්හවුස් ආයතනයේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂතුමන් ඇතුළු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි/පරිපාලන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි / මානව ප්‍රාග්ධන ඇතුළු නිලධාරිහුද සහභාගි වෙති.

22 වනදින - අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ඩී. කුමාරසිරි මහතා ප්‍රධාන ආරාධිත ලෙසද, සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් සහ ලේක්හවුස් ආයතනයේ – නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි/ පරිපාලන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි / මානව ප්‍රාග්ධන ඇතුළු නිලධාරීන්ද සහභාගිවීමට නියමිතය.


 

 

   පොසොන් පුර පසළොස්වක පෝය

  පොසොන් පුර පසළොස්වක පෝය ජුනි 19වන දා ඉරිදා අපරභාග 3.31ට ලබයි. 20වන දා සඳුදා අපරභාග 4.32 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි 19වන දා ඉරිදාය.

මීළඟ පෝය ජුනි 27 වන දාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජුනි 19

Second Quarterඅව අටවක

ජුනි 27

Full Moonඅමාවක

ජූලි 04

First Quarterපුර අටවක

ජූලි 11


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]