UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මුනි සිරිපා වන්දනා මැදින් පෝදා ශ්‍රී පාදස්ථානයේදී

සිරිපා වන්දනා වාරයේ දී ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මැදින් පුර පසළොස්වක පෝදා සිරිපා කරුණා කෙරේ. මුනි සිරිපා වන්දනා 2016 සධාතුක රුවන් කරඬුව නිත්‍ය වන්දනාව සඳහා ශ්‍රී පාදස්ථානයේ තැන්පත් කිරීමද මෙවර සිදු කැරේ. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සෑම වසරකම මැදින් පෝදා ශ්‍රී පාදස්ථානයේ සිට පොහෝ දා සජීව විකාශය සිදු කැරෙන අතර මෙවර සද්ධර්ම වර්ෂා සජීව වැඩ සටහන් පෝදා පෙරවරු 5.45 ට ආගමික වැඩසටහනෙන් ආරම්භ කෙරේ. මෙවර ශ්‍රී පාදස්ථානයේ සිට සර්වරාත්‍රික පිරිත් දේශනාව පෝදා රාත්‍රී සිට පසුදා පහන්වනතුරු විකාශය කෙරේ.ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ 34 වන සංවත්සරය නිමිත්තෙන් ආගමික වැඩසටහන් රැසක් පැවැත්වෙන අතර සර්වඥ ධාතූන් වහන්සේ සහිත රුවන් කරඬුවක් ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ සිට මෙම 19 වන සෙනසුරාදා රිය පෙරහරකින් ශ්‍රී පාදස්ථානය වෙත වැඩම කරවනු ලැබේ.

ඉතිරිය»

අරලියගහ මන්දිරයේදී පැවති දානමය පින්කමෙන්

යහපත් දේශයක් සහ රටට යහපත් අනාගතයක් ප්‍රාර්ථනා කරමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ දායකත්වයෙන් දහසක් මහ සඟරුවන විෂයෙහි මහා දානමය පින්කමක් අරලියගහ මන්දිරයේදී ඉකුත්දා ( 08) පැවැත්විණි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්වූ එම පින්කම සඳහා සියලුම දිස්ත්‍රික්ක නියෝජනය වන පරිදි මහා සංඝ රත්නය වැඩම කර තිබිණි. අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වරකාගොඩ ඤාණරතන අනුනාහිමියන් පිරිස පංචශීලයෙහි පිහිටුවූහ.මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි අනු නා හිමි, කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමගී‍්‍ර ධර්ම මහා සංඝසභාවේ මහානායක ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහා නාහිමි, අමරපුර මහා නිකායේ අනුනායක අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස අනුනාහිමි, එහිදී අනුශාසනා පැවැත්වූහ.

ඉතිරිය»

සංඝාවාසය විවෘත කිරීම 17 දා

මිනුවන්ගොඩ රජමහා විහාරස්ථානයේ අභිනව සංඝාවාස ගොඩනැගිල්ල සඟසතුකර පූජා කිරීම මෙම (17) දා පෙරවරුවේ දී සිදුකෙරේ. කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති වැලමිටියාවේ කුසල ධම්ම නා හිමියන් ප්‍රධාන මහා සංඝරත්නය ඇතුළු ගිහි පැවිදි පින්වතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් එම පින්කම සිදු කිරීමට නියමිතය. මෙදින දවල් මහා සංඝරත්නය උදෙසා දානමය පින්කමකි.

ඉතිරිය»

ධර්ම දේශනාව:

ආධ්‍යාත්මික සුවය ගෙන දෙන කුසල් සිතිවිලි

යමෙක් යම් අකුසල් සිතිවිල්ලක් ඔස්සේ සිත මෙහෙයවන විට කාරණා තුනක් මුල් වේ. එනම්, ආශාව, තරහව, මුලාව. මෙම ප්‍රබල අකුසල මූලයක් සිතිවිල්ල සමඟ වැඩේ. මෙම සිතිවිලි දහරාවන් නිරතුරු සිතේ වැඩෙන විට සිත අපිරිසුදු වේ. ආර්ය ශ්‍රාවකයා මේ බව හඳුනා ගනී. ඔහු තමන් මෙහෙයවන සිතිවිලි කුසල සිතිවිල්ලක් දෙසට වහා මෙහෙයවයි. එවිට ලෝභ, ද්වේශ, මෝහ අකුසල් සිතිවිලි සිතින් දුරස් වේ. සිත් කුසුම විකසිත කරනු වස් එය සදහම් පැණින් දෝවනය කළ යුතු ය. ඒ වූ කලී ආධ්‍යාත්මික සුසුවඳ සඳහා ප්‍රධානය තවද ගුණ ධර්ම මකරන්දයෙන් සමාජය ප්‍රබෝධවත් කිරීමටද ආධ්‍යාත්මික සුවය හේතු වන බව නොකිව මනාය. එවන් පිළිවෙත් පරිපූර්ණ කිරීමට මං කියා දෙන සූත්‍ර ධම්ම රාශියකි. ඒ අතරින් අප අද දින අවධානය යොමු කරනුයේ මජ්ක්‍ධිම නිකායේ විතක්ක ඝණ්ඨාන සූත්‍ර දේශනාව වෙතය. සූත්‍ර නාමය මඳක් විග්‍රහ කර බලමු.

ඉතිරිය»

ගලගම ධම්මසිද්ධි ශ්‍රී ධම්මානන්ද අත්ථදස්සි මහා නාහිමි

මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක ධුරන්දරව වැඩ විසූ ගලගම ධම්මසිද්ධි ශ්‍රී ධම්මානන්ද අත්ථදස්සි මහානායක මාහිමිපාණන් වහන්සේ ඉකුත් දා (09) පස්වරුවේ අපවත් වී වදාළහ. උන්වහන්සේගේ අපවත්වීම සසුනඹරට සිදුවූ බලවත් පාඩුවකි. සුපේශල ශික්ෂාකාමී උදාර සංඝශෝභන ගුණයන්ගෙන් සපිරි ධර්ම විනයධර මහ තෙරනමක් ලෙස ගිහි පැවිදි දෙපාර්ශ්වයේම මහත් ගෞරවයට පාත්‍රව වැඩ සිටි මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ආදර්ශවත් සංඝ පීතෘන් වහන්සේ නමකි.  උන්වහන්සේගේ ශ්‍රී නාමය අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ ඉතිහාසයට එක්වන්නේ එම පාර්ශ්වයේ විසි එක්වන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වශයෙනි.

ඉතිරිය»

රත්නපුර හිදැල්ලන ශ්‍රී මහා විහාරයේ සම්බුදු මැදුරේ බුද්ධ ප්‍රතිමා වහන්සේ

 

 මැදින් පුර අටවක පෝය

මැදින්පුර අටවක පෝය මාර්තු 15 වන දා අඟහරුවාදා පූර්ව භාග 11.12 ට ලබයි. 16 වන දා බදාදා පූර්ව භාග 10.03 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 15 වනදා අඟහරුවාදාය..

මීළඟ පෝය මාර්තු 22 වන දා අඟහරුවාදාය


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 15

Full Moonපසෙලාස්වක

මාර්තු 22

Second Quarterඅව අටවක

මාර්තු 31

Full Moonඅමාවක

අප්‍රේල් 07


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]