UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

50 වසරක් සපිරෙන රඹුක්කන දියසුන්නත ශ්‍රී සුමංගල දහම් පාසල

50 වසරක් සපිරෙන රඹුක්කන දියසුන්නත ශ්‍රී සුමංගල දහම් පාසල

කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන මැතිවරණ කොට්ඨාසයේ ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයට අයත්, රඹුක්කන දියසුන්නත කීර්ති ශී‍්‍ර රාජසිංහ පිරිවෙන් රජමහ විහාරස්ථානය මුල්කරගෙන 1966 වර්ෂයේ මාර්තු මස 17 වන දින එවකට විහාරාධිපතිව වැඩ විසූ රඹුක්කන කොස්සින්න ශ්‍රී නාගවනාරාමය, ගඟේ කුඹුර බෝධිරුක්ඛාරාම ආදි විහාරස්ථානයන්හි අධිපති හා කීර්ති ශ්‍රී රාජසිංහ පරිවෙණාධ්‍යක්ෂ පින්නවල සිරි පියරතන නා හිමියන්ගේ මූලිකත්වයෙන් සිසුන් 165 කින් හා ගුරුවරුන් 08 දෙනෙකුගෙන් ආරම්භ වූ දහම්පාසල, වර්තමානයේ ගුරුවරුන් 19 දෙනකු සහ සිසුන් 400 ක් දක්වා වැඩි වී ඇත.


සතර කෝරල මහ දිසාවේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක කොටගම සිරි චන්දරතන හිමි

කෑගල්ල දිස්ත්‍රික්කයේ එවකට කිණිගොඩ කෝරළේ ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ වැඩිම ශිෂ්‍ය පිරිසකට ධර්මඥානය ලබා දෙන බෞද්ධ අධ්‍යාපන මධ්‍යස්ථානයක් ලෙස දියසුන්නත ශ්‍රී සුමංගල දහම් පාසල සුළු කාලයක් තුළදී විශාල දියුණුවක් ලබා ඇති දහම් පාසලක් බවට පත්විය. දිය සුන්නත කීර්ති ශ්‍රී රාජසිංහ රජ මහ විහාරස්ථානය සතර පේරුවේ දායක දායිකා පින්වතුන්ගේ ඉල්ලීම පරිදි මෙම දහම් පාසල ආරම්භ වූ අතර, දියසුන්නත කීර්ති ශ්‍රී රාජසිංහ රජමහ විහාරය. කොස්සින්න ශ්‍රී නාගරුක්ඛාරාමය, නාගමුව පුරාණ විහාරය. මීදුම පුරාණ විහාරය, උඩුගම සුනේත්‍රාරාම යන විහාරයන්හි අධිපතිව වැඩ සිට මෙම විහාරස්ථානවල අභිවෘද්ධියට විශාල ශාසනික මෙහෙවරක් සිදුකළ අපවත් වී වදාළ දුනුපිටියේ (මඩවල) ශ්‍රී සුමංගල නා හිමියන්ට ගරු කිරීමක් වශයෙන් ශ්‍රී සුමංගල දහම් පාසල යනුවෙන් පින්නවල පියරතන නා හිමියන් විසින් නම් කරන ලදී.

එලෙස ආරම්භ වූ ශ්‍රී සුමංගල දහම්පාසල රඹුක්කන ශාසනාරක්ෂක බල මණ්ඩලයේ දහම් පාසල් තරගවලින් ප්‍රථම ස්ථානයන් හිමිකරගෙන දිස්ත්‍රික් තරගවලින්ද ජයග්‍රහණය ලබා සමස්ත ලංකා තරගවලින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත්විය.

සෑම වසරකම වැඩි සිසුන් පිරිසක් දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය, බෞද්ධ ධර්මාචාර්ය විභාගයන්ට සිසුන් ඉදිරිපත්ව උසස් අන්දමින් සමත්ව ඇත. බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලබන ශ්‍රේණි විභාග සිසු නිපුණතා තරගවලින්ද සිසුන් සමත්වන දහම් පාසල් අතරේ පෙරමුණින් සිටින දහම් පාසලක් බවට ප්‍රචලිතය. එසේම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ දක්ෂතාවයන් .කුසලතාවයන් දියුණු කිරීමේ අරමුණින් සීල, සමාධි, ප්‍රඥා යනුවෙන් නිවාස තුනකට බෙදා සිසුන් අතර තරග පවත්වා ත්‍යාග සහතික පත්‍ර ප්‍රදානය කිරීම, ශිෂ්‍ය නායක නායිකාවන් පන්ති නායක, නායිකාවන්, පත්කර නායකත්ව පුහුණුව ලබාදීම, තෛ‍්‍ර මාසිකව පසළොස්වක පොහො දිනට පෙර ඉරිදා දින සීල භාවනා වැඩ සටහන් පැවැත්වීම, සෑම ඉරිදා දිනයකම ඉගෙනුම ලබන සිසුන් වෙත කොළ කැඳ ලබාදීමට සිසුන්ගේ දෙමාපියන් ඉදිරිපත්වී ක්‍රියාවට නැගීම අගේ කළ යුත්තකි. මාසිකව ගුරු දෙගුරු රැස්වීම පැවැත්වීම, මාසිකව ශිෂ්‍ය සමිතිය පැවැත්වීම ඒ අතර ප්‍රධානය.

මේ සියලුම කටයුතු සඳහා මුලිකත්වය ලබා දෙමින් සිසු දරු දැරියන් බෝසත් දරුවන් පිරිසක් ලෙස සමාජයට දායාද කිරීමට අවවාද අනුශාසනා සිදු කරනු ලබන්නේ වර්තමාන විදුහල්පතිධුරය හොබවන සතර කෝරළ මහ දිසාවේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක කොටගම සිරි චන්දරතන නා හිමියන්ගේ කැපවීම මෙහිදී සිහිපත් කළ යුතුය.

වසර පනහක් දක්වා පැමිණි ඒ ගමන් මඟ තුළ දියසුන්නත ශ්‍රී සුමංගල දහම් පාසල් මාතාව තුළින් පෝෂණය වෙමින් සමාජයට බිහිකර ඇති ආදි සිසුන් අතර, වෛද්‍යවරුන්, නීතිඥයන්, ගුරුවරුන් ,උසස් පොලිස් නිලධාරින් හා විවිධ අංශයන් ආවරණය කරමින් දසත විසිරී පැතිරී සිටීම අපිට මහත් වූ ආඩම්බරයකි.


ප්‍රධානාචාර්ය හිමියන් ඇතුළු ආචාර්ය මණ්ඩලය


ප්‍රධානාචාර්ය හිමියන් ඇතුළු ශ්‍රී සුමංගල දහම් පාසල් ශිෂ්‍ය නායක සහ පන්ති නායක කණ්ඩායම


ප්‍රධානාචාර්ය හිමියන් ඇතුළු හත්වන ශ්‍රේණියේ සිසුන්


ප්‍රාථමික අංශයේ දූ දරුවන්

 

 මැදින් පුර අටවක පෝය

මැදින්පුර අටවක පෝය මාර්තු 15 වන දා අඟහරුවාදා පූර්ව භාග 11.12 ට ලබයි. 16 වන දා බදාදා පූර්ව භාග 10.03 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 15 වනදා අඟහරුවාදාය..

මීළඟ පෝය මාර්තු 22 වන දා අඟහරුවාදාය


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 15

Full Moonපසෙලාස්වක

මාර්තු 22

Second Quarterඅව අටවක

මාර්තු 31

Full Moonඅමාවක

අප්‍රේල් 07


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]