UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

මැදින් පුර අටවක 2016.03.15

අපවත්වී වදාළ අස්ගිරි මහා නාහිමි

මහාවිහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක ධුරන්දරව වැඩ විසූ ගලගම ධම්මසිද්ධි ශ්‍රී ධම්මානන්ද අත්ථදස්සි මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපවත් වී වදාළ බව ‘බුදුසරණ’ දැනුම් දෙන්නේ සාතිශය සංවේගයෙනි.

ගලගම අත්ථදස්සි මහානායක මාහිමියන් වහන්සේ අපවත්වන විට 96 වැනි වියේ පසුවූහ.

1922 ජනවාරි 11 වනදා මාතලේ දිසාවේ ගලගම විසූ කුලතුංග මුදියන්සේලාගේ ඩිංගිරිබණ්ඩා නිලමෙතුමා සහ තෙන්නකෝන් මුදියන්සේලාගේ පිංචි අම්මා කුමාරිහාමි දම්පතීන්ගේ දයාබර පුණ්‍යවන්ත පුත් රුවනක් ලෙස මෙලොව උපත ලැබූහ. කුලතුංග මුදියන්සේලාගේ කිරිබණ්ඩා නම් එම කුමරුවා ගිහි කල මූලික පාසල් අධ්‍යාපනය ලබා 1936 දී පැවිදි බිමට පත්විය. උඩුරාවන ශ්‍රී ධම්මානන්ද නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් ගලගම අත්ථදස්සි නමින් පැවිදි බිමට පත්ව මාතලේ ශ්‍රී ධර්මරාජ පිරිවෙනින් අධ්‍යාපනය ලබා කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනින් ත්‍රිපිටක ධර්ම පරීක්ෂණයෙන් සද්ධර්මාචාර්ය උපාධියද ලබා ගත්හ.

1942 දී අස්ගිරි මහා විහාර මංගල උපෝසථාගාරයේ දී අධිසිල් ලැබූ උන්වහන්සේ ධර්ම ශාස්ත්‍රීය මෙහෙවරේ යෙදෙමින් පරිවෙණාචාර්යවරයෙකු මෙන්ම පරිවෙණාධිපතීන් වහන්සේ නමක් ලෙසද මහඟු සේවාවක් ඉටු කළේ ය.

අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ කාරක සංඝ සභාවට 1982 දී පත්වූ උන්වහන්සේ එතැන් සිට එම මහා සංඝ සභාවේ විවිධ තනතුරුවලින් පිදුම් ලබා 1999 දෙසැම්බර් 13 වන දා අනුනායක ධූරයෙන් පිදුම් ලදහ.

විවිධ ගෞරවනාමයන්ගෙන් පිදුම්ලද උන්වහන්සේ ඉන්දියාව, සිංගප්පූරුව, තායිලන්තය, බුරුමය ආදී රටවලටද වැඩමවා ආගමික අවශ්‍යතාවයන් සපුරන ලදී.

ගලගම අත්ථදස්සි මහානායක මාහිමිපාණන් වහන්සේ රටේ ජාතික, ආගමික ප්‍රශ්නවලදී අනුශාසනා පවත්වමින් දෙස් විදෙස් ගිහි පැවිදි උභය සමාජයේ මහත් ගෞරවාදරයට ලක්ව වැඩ සිටියහ.

ගලගම ශ්‍රී අත්ථදස්සි මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අපවත්වීම සසුනඹරට දැරිය නොහැකි බලවත් පාඩුවකි. උන්වහන්සේගේ සරල දිවි පෙවෙත ආදර්ශවත්ය. කවර කරුණකදී වුවද ස්වකීය අදහස නිදහසේ පළකළ අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේ සිල්වත්, ගුණවත්, ආදර්ශවත් යතීන්ද්‍රයන් වහන්සේ නමක් වූහ.

මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක ධුරන්දරව වැඩ විසූ අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහානායක මාහිමිපාණන් වහන්සේගේ අපවත්වීමෙන් පුරප්පාඩු වූ මහානායක ධූරය සඳහා ගලගම ශ්‍රී අත්ථදස්සි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ එම කාරක මහා සංඝ සභාව මගින් පත් කර ගන්නා ලදී. එම පදවිය පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදානය කිරීමේ රාජ්‍ය උත්සවය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ඓතිහාසික මඟුල් මඩුවේදී 2015 ජූලි මස 06 වන දා පැවැත්විණි.

මහාවිහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක ධුරන්ධරව වැඩ විසූ ගලගම ශ්‍රී අත්ථදස්සි මහානායක ස්වාමීන්ද්‍රන් වහන්සේගේ ශ්‍රී නාමය එම මහා නිකායේ 21 වන මහානායක මාහිමියන් වහන්සේ ලෙස ශාසන ඉතිහාසයේ සනිටුහන් වේ.

අපවත්වී වදාළ ගලගම ධම්මසිද්ධි ශ්‍රී ධම්මානන්ද අත්ථදස්සි මහානායක මාහිමිපාණන් වහන්සේට අමාමහ නිවන්සුව පතමු.

 

 මැදින් පුර අටවක පෝය

මැදින්පුර අටවක පෝය මාර්තු 15 වන දා අඟහරුවාදා පූර්ව භාග 11.12 ට ලබයි. 16 වන දා බදාදා පූර්ව භාග 10.03 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 15 වනදා අඟහරුවාදාය..

මීළඟ පෝය මාර්තු 22 වන දා අඟහරුවාදාය


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 15

Full Moonපසෙලාස්වක

මාර්තු 22

Second Quarterඅව අටවක

මාර්තු 31

Full Moonඅමාවක

අප්‍රේල් 07


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]