UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අරලියගහ මන්දිරයේදී පැවති දානමය පින්කමෙන්

අරලියගහ මන්දිරයේදී පැවති දානමය පින්කමෙන්

යහපත් දේශයක් සහ රටට යහපත් අනාගතයක් ප්‍රාර්ථනා කරමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ දායකත්වයෙන් දහසක් මහ සඟරුවන විෂයෙහි මහා දානමය පින්කමක් අරලියගහ මන්දිරයේදී ඉකුත්දා ( 08) පැවැත්විණි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්වූ එම පින්කම සඳහා සියලුම දිස්ත්‍රික්ක නියෝජනය වන පරිදි මහා සංඝ රත්නය වැඩම කර තිබිණි. අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වරකාගොඩ ඤාණරතන අනුනාහිමියන් පිරිස පංචශීලයෙහි පිහිටුවූහ.

මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි අනු නා හිමි, කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමගී‍්‍ර ධර්ම මහා සංඝසභාවේ මහානායක ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහා නාහිමි, අමරපුර මහා නිකායේ අනුනායක අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස අනුනාහිමි, එහිදී අනුශාසනා පැවැත්වූහ.

එම පින්කමට මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි අනුනාහිමි අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වරකාගොඩ ඤාණරතන අනු නාහිමි, කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහානායක ඉත්තෑපාන ධම්මාලංකාර මහා නාහිමි, අමරපුර මහා නිකායේ අනුනායක අග්ග මහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස අනුනාහිමි, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක මඩිතියවෙල මේධංකර අනු නාහිමි. බෝපිටියේ ධම්මිස්සර හිමි, තීනියාවල පාලිත හිමි, අඹන්පොල ඤාණාලෝක හිමිවරු ප්‍රමුඛ මහා සංඝ රත්නය දහස් නමක් වැඩමකර වූහ.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා අටපිරිකර පූජා කළ අවස්ථාව

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බුද්ධ පූජාව පිළිගැන්වූ අවස්ථාව. එක්සත් භික්ෂු පෙරමුණේ සභාපති බෝපිටියේ ධම්මිස්සර හිමියන් සහ අඹන්වල ඤාණාලෝක හිමියන්ද මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියද මෙහි වෙති.

කොළඹ හුණුපිටිය ගංගාරාමයේ සිට අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී අමාත්‍ය සාගල රත්නායක මහතා විසින් සධාතුක කරඬුව වැඩමකරවූ අවස්ථාව.

නියංගොඩ විජිතසිරි අනුනාහිමියන් ඇතුළු සඟරුවන වෙත දානය පිළිගන්වමින්...

ඉත්තෑපාන ධම්මාලංකාර මහානාහිමියන් වෙත අගමැතිතුමා විසින් අටපිරිකර පූජා කළ අවස්ථාව

පින්කමට සහභාගිවූ මැතිඇමැතිවරුන්ගෙන් කොටසක්...

 

 මැදින් පුර අටවක පෝය

මැදින්පුර අටවක පෝය මාර්තු 15 වන දා අඟහරුවාදා පූර්ව භාග 11.12 ට ලබයි. 16 වන දා බදාදා පූර්ව භාග 10.03 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 15 වනදා අඟහරුවාදාය..

මීළඟ පෝය මාර්තු 22 වන දා අඟහරුවාදාය


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 15

Full Moonපසෙලාස්වක

මාර්තු 22

Second Quarterඅව අටවක

මාර්තු 31

Full Moonඅමාවක

අප්‍රේල් 07


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]