UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දැනුම හා අවබෝධය ඇති කරමු

දැනුම හා අවබෝධය ඇති කරමු

මෙම ලිපියෙහි පළමු කොටස නවම් අමාවක පෝදා පත්‍රයේ පළ විය.

දුව හෝ පුතා දෙමාපියන් විසින් තමන්ගේ ජීවිතයේ බරක් කර නොගත යුතුය. දරුවන්ට අවුරුදු 18ක් 19ක් වන විට දරුවන් විවාහ කරදිය යුතු බවට ඇතැම් දෙමාපියන් විශාල බරක් ලෙස සීතීමට පෙළඹෙයි. මගේ ඇස් දෙක පියවෙන්න කලින් දරුවන්ගේ කටයුතු කළයුතුයි. දරුවන් ගෙදර සිටියදී මට මැරෙන්නවත් නිදහසක් තියෙනවද? ඇතැමි දෙමාපියන් ප්‍රකාශ කරන අවස්ථා නැතුවා නොවේ. ඔබලා මරණය පැමිණෙන විට මැරෙන්න. දරුවන් අවශ්‍ය කාලය වන විට විවාහ වෙයි. ඔබලා මැරුණා කියල සිතමින් දරුවන් විවාහ නොවී සිටින්නේ නැත. බොරු කාරණා මනස තුළට ඇතුළු කර නොගෙන සැනසිල්ලේ තමන්ගේ වැඩ කරගෙන ජීවත් වෙමින් සැනසිල්ලේ මැරෙන්න උත්සාහ කරන්න.

ආගමික සාහිත්‍ය තුළින් පමණක් වර්තමාන සමාජය ජීවත් කළ නෙැහැකියි. එය යථාර්ථයක් ආකාරයට තේරුම් ගත යුතුය. බුද්ධ ධර්මය කියා දීම තුළින් පමණක් තාක්ෂණ ලෝකය තුළ ජීවත්විය නොහැකි බවත් එම තාක්ෂණ මෙවලම් පිළිබඳව ඉගෙන ගත යුතු බවද වටහා ගත යුතුය. වරදට දඬුවම් දෙන ප්‍රමාණය තීරණය කරනු ලබන්නේ බුද්ධ ධර්මය තුළින් පමණක් නොවේ.

ඒ සඳහා පිහිටුවා තිබෙන ආයතන පිළිබඳව අප දැනුවත් විය යුතුය. අපගේ දරුවන්ට උගන්වා අවබෝධ කර ගත යුතුය. ඒ නිසා යහපත් සාර්ථක ජීව්තයක් උදෙසා ඉතාම නිවැරැදි දැනුමක් , ඉතාම නිවැරැදි අවබෝධයක් හෙවත් බහුශ්‍රැත බවක් ගොඩනඟා ගැනීමට ඔබත් ඔබේ දරුවනුත් උත්සාහ කළ යුතුයි. අවම වශයෙන් දවසේ ප්‍රවෘත්තිවත් අසා බලා දැනුවත් විය යුතුය. අඩුම වශයෙන් සතියකට වතාවක් ශාස්ත්‍රීය ලිපි සහිත පත්තරයක් රැගෙන කියවිය යුතුය. හොඳ පොත පත කියවිය යුතුය ගිහියන් වන ඔබ ආදාර්ශමත් චිත්‍රපට නැරඹිය යුතුය. නච්ච, ගීත, වාදිත, විසූක දස්සන ගන්ධ විලේපන ගිහියන්ට තහනම් නැත. අඩුම වශයෙන් පසළොස්වක පොහොය දවසට පමණක් මේ තුළින් වැළකී සිටියාට ප්‍රශ්නයක් නොවන අතරම එසේ කටයුතු නොකළ හොත් ගිහි ජීවිතය ගත කිරීමට ගෙදර සිට අබ්‍රහ්ම චර්යා රැකීමට නොගොස් පංචශීලය රැකිය යුතුය. ගෙදර සිට දසසිල් අම්මා කෙනකු වෙන්න ගියහොත් විවාහ ජීවිතය කඩා වැෙටි.

බුදුපියාණන් වහන්සේ මේ ලෝකය සර්වඥතා ඤාණයෙන් අවබෝධ කරගත් උත්තමයකු නිසා ගිහි ගෙදරක කළ හැකි සීමාවන් මොනවාද? යන්න පිළිබඳව අවබෝධයක් තිබෙන නිසා ගිහියන්ට පන්සිල් පමණක් ආරක්ෂා කිරීමට දේශනා කර ඇත. ස්වාමීන්වහන්සේලාට දේශනා කරනු ලැබූ දසසිල්වත් , සතර පාරාජිකාවත් සංඝාදී ශේෂවත් ගිහි පිරිිස අතරතුර කළ යුතු බවට දේශනා කර නැත. අප තුළ සම්පූර්ණ දැනුම බණ සාහිත්‍ය තුළින් පමණක් ලැබුණ නිසා අප තුළට ගිහි ජ.ිවිත පිළිබඳව සාහිත්‍යයක් නිර්මාණය වූයේ නැත. ඉතාම පහත් ලෙස හැසිරෙන නාට්‍ය කලාවක් පමණක් බිහි වී ඇත. ජීව්තය තේරුම් ගැනීමට සමත් වන ආකාරයේ නාට්‍ය කලාවක් පැමිණුනේ නැත. කලාව නැතිව ක්‍රීඩාව නැතිව විහිළු තහලුවක් නැතිව ගිහියන් ජීවත් වන්නේ කෙසේද? ලෝ වැඩ සඟරාව සදහන් වන කරුණු පැවිද්දන්ට යෝග්‍ය වුවද ගිහියන් වන ඔබට යෝග්‍ය වන්නේ කෙසේද?

කෙළි ක්‍රීඩා නැතිව ගියහොත් ගිහියන් රෝගීන් වනවා මිස නිරෝගී සාර්ථක මිනිසකු වන්නේ නැත. ගිහියකු වූ විට ගිහිකමට අදාළ වන හොද දැනුමක් තිබිය යුතුය.

සයිප්‍රස් රටේ සියලුම පිරිමි දරුවන් පාසල් අධ්‍යාපනය අවසන් වූ විට යුද හමුදාවට බැඳී වසර දෙකක පුහුණුවක් ලැබිය යුතුයි. එම රටේ සියලුම පිරිමින්ට ආයුධ හැසිරවීම පිළිබඳව හොද දැනුමක් පවතියි. සියලුම පිරිමින්ට දුවන්න, පනින්න, නටන්න, ගයන්න හොඳ හැකියාවක් හමුදාව තුළින් ලබාගනියි. එහි කෙතරම් තුවක්කු තිබුණද වෙඩි තබාගන්නේ නැත. මගේ හැකියාව, මගේ ශක්තිය අනෙකාටත් තිබෙන බව ඔවුන් දන්නා කරුණක් නිසා මම කිරීමට උත්සාහ කරන දෙයම ඔහුත්, මට කළහොත් යනුවෙන් සිතා එය වළකී. අපගේ රෙටි ගම්වල තත්වය එයට ව ඩා බොහෝ සේ වෙනස් වේ. හොඳින් ක්‍රීඩා කරමින් ඇඟ පත පෙනුමට වැඩී ඇති පුද්ගලයකු ගම තුළ ජීවත් වුවහොත් ඔහුට මුළු ගමම බයෙන් ජීවත් වෙයි. ඔහු ගමේ චණ්ඩියා වන අතර අනෙක් සියලු දෙනා නිවටයන් වෙයි. එම රටවල කෙරුම් කාරයන් හා නිවටයන් යනුවෙන් දෙපිරිසක් දක්නට ලැබෙන්නේ නැත. සියලු දෙනාම හැකියාවන්ගෙන් යුක්ත වන නිසා තමාගේ ගෙදර වගේම අනෙකාගේ ගෙදර තුළ තුවක්කු තිබුණද වෙඩි තබා ගන්නේ නැත. එහි උපරිම බලය ලෙස එල්ල කරනු ලබන්නේ වචනයෙන් පමණි. මිනීමැරුම් වන්නේ නැත.

අපේ රට තුළ වරින්වර මිනීමැරුම් වාර්තා වෙමින් පවතින පරිසරයක් දක්නට ලැබුණත් එවැනි රටවල පරිසරය මෙයට වඩා වෙනස් ස්වරූපයක් ගනී. මිනිසුන් තුළ හොඳ දැනුමක් තිබෙනවා නම්, ඔහු අනෙකාට ගරු කරනු ලබයි. අනෙකාගේ අයිතියට ගරු කිරීමේ ක්‍රමයක් අප රට තුළ එතරම්ම දක්නට නැත. බිරිඳගේ අයිතියට ගරු කරනු ලබන්නේ බිිරිඳ පිළිබඳව දන්නා ස්වාමිපුරුෂයකු පමණයි. සැමියාට ගරු කරනු ලබන්නේ සැමියා පිළිබඳව නිවැරැදිව දන්නා බිරිඳක පමණයි. අවාසනාවකට අප රට තුළ ඇතැම් බිරින්ඳෑවරු සහ ස්වාමිපුරුෂයන් බවට පත්වන්නේත් , අම්මා තාත්තා බවට පත් වී ඇත්තේත් ඒ සදහා මූලික දැනුමවත් නොමැති අය වීම කනගාටුදායක කාරණාවක් වෙයි. අවුරුදු 18 ක ළමයකු විවාහ වී තවත් ළමයකු හදාගැනීම සදහා අම්මා කෙනකුගේ දැනුම ලබාගන්නේ කෙසේද? බොහෝ රටවල විවාහ වීමට අඩුම වශයෙන් අවුරුදු 30 ක් වත් පසු කරයි. දරුවන් හැදිය යුත්තේ වැඩිහිටියන් පමණි. ළමයි හැදිය යුත්තේ ළමයින් නොවන අතර ළමයින් හැදිය යුත්තේ වැඩිහිටියන් වේ. අවුරුදු 18 වන විට විවාහයක් කරගත්ත තැනැත්තියක් දරුවකු ලැබීමට අවුරුදු 30 වන තෙක් ප්‍රමාද කළහොත් ඒ පිළිබඳව ප්‍රශ්න කිරීමට පවා ඇතැමුන් පෙළඹෙයි. වෙටිම සිටින පිරිසගේ ප්‍රශ්නවලට පිළිතුරු දීමට පවා ඇයට සිදුවනු ඇත. තවම දරුවකු නැත්තේ ඇයි? දොස්තර මහත්තයා මුණ ගැසුනේ නැද්ද? එවැනි ප්‍රාථමික පරිසරයක් තුළ ක්‍රියා කළයුත්තේ කෙසේද? ඇය දරුවකු හැදීමට වැඩිහිටිියකු වෙනතෙක් සිටීම නරකද? අවුරුදු 30ක්වත් නොවුන තැනැත්තකු හෝ තැනැත්තියක දරුවකුට මඟ පෙන්වනු ලබන්නේ කෙසේද? අවුරුදු 18ක තරුණ ගැහැණු ළමයකුට හොඳ අම්මා කෙනෙකු විය හැකිද? ඇය අම්මා කෙනකු වීම පිළිබඳව දැනුවත් වී ඇත්තේ මොනවාද? ඒ නිසා ඔබ කල්පනා කළ යුතුයි. දැනුම බහුශ්‍රැතබව, ඇතිකර ගන්න. එම දැනුම අවබෝධය තුළ එක දරුවකු හැදුවත් එම දරුවා රටක් වටිනා දරුවකු වෙයි. නූගත් මෝඩ මිනිසුන් දරුවන් පහක් හයක් හැදුවා යනු ඒ ජාතියේම තවත් පණ ටිකක් ඉපදුනාය කියන එකයි. මෙලොව කාරණාවක් නොතේරෙන ගෙදරක ළමයින් පහක් හැදුවහොත් සිංහල ජාතියේ ඔළු ගෙඩි ගණන වැඩි වුණ බව සිතමින් සතුටු විය හැකි වුවද, ඒ පිරිසම සිංහල ජාතිය විනාශ කිරීමට පෙළඹිය හැකියි. දැනුම, අවබෝධය තිබෙන පිරිස හොඳ දරුවන් දෙතුන් දෙනකු රටට දායාද කිරීම ප්‍රමාණවත් වෙයි. ඔළු ගෙඩි ගණනින් පමණක් සිංහල ජාතිය ෙබිරාගත නොහැකියි. ළමයි වැඩි වූ පමණින් සිංහල ජාතියේ ප්‍රශ්න විසෙඳන්නේ නැත. බුද්ධිමත් දෙමාපියන් බුද්ධිමත්ව දරුවන් හැදිය වැඩිය යුතුයි. ජීවිතයේ ඉගෙන ගත යුතු කාලය, ජීවිතයේ වටහාගත යුතු කාරණා, විවාහ වන වයස පැමිණෙන තෙක් සිටිය යුතු බව, ඒ සදහා අවබෝධයක් තිබිය යුතු බවත් දරුවන්ට වටහා දිය යුතුය.

තමන්ට සැනසිල්ලේ මිය යාමට අවශ්‍ය නම්, සැනසිල්ලේ මිය යන්න . අවුරුදු 18ක් යන තෙක් දරුවා හදා වඩා ඇත්නම්, බඩගින්නට කෑම කන ආකාරය, තිබහට වතුර බොන ආකාරය ගින්දර සමීපයට ගිය විට පිළිස්සෙන්නේ නැතිව සිටින ආකාරය ඔවුන් දන්නා නිසාත්, දැනගෙන සිටින නිසාත් ඉතිරි කොටස දරුවන් කරගෙන යයි. තමන්ගේ මුළු ජීවිතය පුරාම අනෙකුත් අයගේ ප්‍රශ්න මනස තුළට ඇතුළු කරගනු ලබයි. අපගේ ධර්ම දැනුම වැඩි කර ගැනීම හෝ ලෝක විෂය පිළිබඳව දැනුම වැඩිකර ගැනීමට හෝ අපට අවශ්‍ය වන්නේ නැත. අපට අවශ්‍ය වන්නේ දරුවන්ගේ ප්‍රශ්න විසඳ විසඳා සිටීම පමණයි. ඔබ බෞද්ධයකු වන්න. ඔබ බෞද්ධයකු නම් එතරම් බැඳීම් ඔබ තුළ නොතිබිය යුතුයි. බෞද්ධයන් වන ඔබ එතරම් විශාල බරක් මනස තුළ තබාගෙන අනුන් පිළිබඳ සිත සිතා සිටීම බෞද්ධයකු ගේ ක්‍රමය හෝ බෞද්ධකම නොවේ.

බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව තමාගේ විඤ්ඤාණය පිරිපහදු කිරීම උදෙසා හෙවත් අවබෝධය කරා ගෙන යාම උදෙසා එම ආත්ම අර්ථය සලසා ගැනීම උදෙසා උපරිම කැප විය යුතුබව බුදුරජාණන් වහන්සේ වදාරා ඇත. එම කැප කිරීම කිරීමට නම් අප තුළ දැනුම තිබිය යුතුයි. ඒ නිසා ඒ පිළිබඳව සිතිය යුතුයි.

දැනුම අවබෝධය පමණක් ඔබ තුළ තිබුිණාට ප්‍රමාණවත් නොවන අතර සිප්පංච හෙවත් ශිල්ප ශාස්ත්‍ර අවශ්‍ය කරන පරිසරය ගොඩ නඟා ගත යුතුයි. ගිහියන් වන ඔබ යමිකිසි ශිල්ප ශාස්ත්‍රයක නියැලීම සඳහා කායික හැකියාවන් , මානසික හැකියාවන් වර්ධනය කරගැනීමට කුසලතා වර්ධනය කරගැනීමට ඇප කැප විය යුතුයි. කුසලතාවක් නැති, දැනුම පමණක් තිබෙන අයෙකු බවට ස්වාමීන් වහන්සේ නමක් පත්වූවාට ගැටළුවක් වන්නේ නැත. වහළය සෙවිලිකිරීමට නොදැන සිටීම, වතුර කරාමය කැඩුන විට එය පිළිසකර කරගැනීමට හෝ තීන්ත ගෑමට නොදැන සිටීම හාමුදුරුවන්ට ගැටළුවක් වන්නේ නැත. හාමුදුරුවන්ගේ පැවැත්ම වෙනුවෙන් එම කාරණා ඉටුකර දීමට ගිහියන් ඇප කැප වී සිටින නිසා ස්වාමීන් වහන්සේලාට ඒ පිළිබඳව අවබෝධයක් නැතිවාට ගිහියන්වන වන ඔබට එවැනි කාරණා පිළිබඳව කුසලතාවයක් තිබිය යුතුයි.

ඉතිරි කොටස මැදින් පසළොස්වක පෝදා(22) පත්‍රයේ පළ වේ.

 

 මැදින් පුර අටවක පෝය

මැදින්පුර අටවක පෝය මාර්තු 15 වන දා අඟහරුවාදා පූර්ව භාග 11.12 ට ලබයි. 16 වන දා බදාදා පූර්ව භාග 10.03 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 15 වනදා අඟහරුවාදාය..

මීළඟ පෝය මාර්තු 22 වන දා අඟහරුවාදාය


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 15

Full Moonපසෙලාස්වක

මාර්තු 22

Second Quarterඅව අටවක

මාර්තු 31

Full Moonඅමාවක

අප්‍රේල් 07


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]