UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මුනි සිරිපා වන්දනා මැදින් පෝදා ශ්‍රී පාදස්ථානයේදී

මුනි සිරිපා වන්දනා මැදින් පෝදා ශ්‍රී පාදස්ථානයේදී

සිරිපා වන්දනා වාරයේ දී ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මැදින් පුර පසළොස්වක පෝදා සිරිපා කරුණා කෙරේ.

මුනි සිරිපා වන්දනා 2016 සධාතුක රුවන් කරඬුව නිත්‍ය වන්දනාව සඳහා ශ්‍රී පාදස්ථානයේ තැන්පත් කිරීමද මෙවර සිදු කැරේ.

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සෑම වසරකම මැදින් පෝදා ශ්‍රී පාදස්ථානයේ සිට පොහෝ දා සජීව විකාශය සිදු කැරෙන අතර මෙවර සද්ධර්ම වර්ෂා සජීව වැඩ සටහන් පෝදා පෙරවරු 5.45 ට ආගමික වැඩසටහනෙන් ආරම්භ කෙරේ. මෙවර ශ්‍රී පාදස්ථානයේ සිට සර්වරාත්‍රික පිරිත් දේශනාව පෝදා රාත්‍රී සිට පසුදා පහන්වනතුරු විකාශය කෙරේ.

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ 34 වන සංවත්සරය නිමිත්තෙන් ආගමික වැඩසටහන් රැසක් පැවැත්වෙන අතර සර්වඥ ධාතූන් වහන්සේ සහිත රුවන් කරඬුවක් ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ සිට මෙම 19 වන සෙනසුරාදා රිය පෙරහරකින් ශ්‍රී පාදස්ථානය වෙත වැඩම කරවනු ලැබේ. එම රිය පෙරහර දෙල්කඳ මහරගම කොට්ටාව හෝමාගම, ගොඩගම, මීපේ, අවිස්සාවේල්ල, තල්දූව, යටියන්තොට, කිතුල්ගල, ලක්ෂපාන, නල්ලතන්නිය දක්වා ගමන් කෙරේ. මාවුස්සාකැලේ සමන් දේවාලයේ දී සර්වඥධාතු කරඬුව වෙත විශේෂ ගිලන්පස පූජාවක් 19 වන දා පස්වරු 07.30 ට පැවැත්වේ.

ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියන්ගේ, ආශීර්වාදයෙන් සිරිපා මළුවේ සමන් දේවාලයේ නිලමේ සුනිල් ශාන්ත වීරසේකර මහතාගේ සහායෙන් එම පින්කම් පැවැත්වේ.

වන්දනාව සඳහා එම රුවන් කරඬුව 20 වන දා දවස පුරා නල්ලතන්නිය බෞද්ධ මධ්‍යස්ථානයේ තැන්පත් කෙරේ. අනතුරුව සියක් නමක් මහසඟරුවනද සමඟ සිරිපා කරුණා කිරීම 21 වන දා සිදු කෙරෙන අතර එම ධාතු කරඬුව තැන්පත් කිරීමෙන් අනතුරුව 21 වන දා රාත්‍රී උඩමළුවේ දී ගිලන්පස පූජාව පැවැත්වේ. 22 වන දා ශ්‍රී පාදස්ථානයේ දී සිදු කැරෙන රෝස මල් පූජාව සඳහා සැදැහැවතුන්ට රෝසමල් පිරිනැමිය හැකිවේ.

මැදින් පුර පෝදා ආගමික වතාවත් සඳහා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ කටයුතු සහ ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සහ පාර්ලිමේන්තු කටයුතු හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා ද සහභාගිවීමට නියමිතය.

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ සභාපති නීතිඥ රවී ජයවර්ධන මහතා සහ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සුනිල් ශාන්ත මහතාගේ ද උපදෙස් හා මඟ පෙන්වීමෙන් ආගමික අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සුරම්‍ය මාපිටිය මහත්මියගේ ද මෙහෙයවීමෙන් එම වැඩසටහන් සිදු කැරේ.

 

 මැදින් පුර අටවක පෝය

මැදින්පුර අටවක පෝය මාර්තු 15 වන දා අඟහරුවාදා පූර්ව භාග 11.12 ට ලබයි. 16 වන දා බදාදා පූර්ව භාග 10.03 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 15 වනදා අඟහරුවාදාය..

මීළඟ පෝය මාර්තු 22 වන දා අඟහරුවාදාය


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 15

Full Moonපසෙලාස්වක

මාර්තු 22

Second Quarterඅව අටවක

මාර්තු 31

Full Moonඅමාවක

අප්‍රේල් 07


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]