UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

වත්මන් රජය ධර්ම විනයධර භික්ෂූන් වහන්සේලාගේ අභිමතය පරිදි

ථෙරවාද භික්ෂු කතිකාවක් ලියාපදිංචි කිරීමේ පනතක් ගෙන ඒම පැසසිය යුතු ක්‍රියාවකි

මහා සංඝරත්නයේ අභිලාෂය ඉටු කරමින් වත්මන් රජය ධර්මවිනයධර භික්ෂූන් වහන්සේලාගේ අභිමතය පරිදි ථෙරවාද කතිකාවක් ලියාපදිංචි කිරීමේ පනතක් ගෙන ඒම පැසසිය යුතු ක්‍රියාවක් යැයි ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ගමහා පණ්ඩිත දවුල්දෙණ ඤාණිස්සර මහා නාහිමිපාණන් වහන්සේ විසින් යෝජිත ථෙරවාද භික්ෂු කතිකාවක් ලියාපදිංචි කිරීමේ පනත පිළිබඳ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ප්‍රකාශය නිකුත් කරමින් පවසති.

ඉතිරිය»

භික්ෂු කතිකාවත් පනත ශාසනයේ ඉදිරි ගමනට මහත් පිටු බලයක්

ථෙරවාදී භික්ෂු කතිකාවත් පනත් කෙටුම්පත කලක පටන් තෛ‍්‍රනිකායික මහනාහිමිවරු ප්‍රමුඛ කාරක සංඝසහික හිමිවරු රජයෙන් කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් බවත්, එය යම් යම් සංශෝධන සහිතව සම්මත කැර ගැනීම ශාසනයේ ඉදිරිගමනට මහත් පිටුබලයක් වන බවත් ශ්‍රී ලංකාරාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය නාපාන පේමසිරි මහා නාහිමියෝ පවසති.

ඉතිරිය»

මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ

කෝට්ටේ ශ්‍රී නාගවිහාරාධිපතිව වැඩ විසූ මාදුළුවාවේ සෝභිත හිමිපාණන්ගේ විශිෂ්ට චරිතාපදානය පාසල් විෂය මාලාවට පවා ඇතුළත් කිරීමට මේ වන විටත් තීරණය කර තිබේ. උන්වහන්සේගේ මතුපිට චරිතයට වඩා බොහෝ දෙනා නොදන්නා දේ සැඟව තිබේ. ඒ සැඟවුණු කරුණු ඇතුළත්ව උන්වහන්සේ ගේ චරිතාපදානය අද පටන් බුදුසරණ පුවත්පතින් මෙසේ ගෙන හැර දක්වමු. ඒ චරිතාපදානය ගෙන එන්නේ කෝට්ටේ ශී‍්‍ර කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහානායක ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහා නාහිමිපාණන් වහන්සේ විසිනි.

ඉතිරිය»

තරුණ හිමිවරුන්ගේ ප්‍රශ්නවලට විසඳුම් දෙන්න කමිටුවක්
- අගමැති රනිල් වික්‍රමසිංහ

ශාසනයේ මතු අභිවෘද්ධිය සඳහා තරුණ භික්ෂූන් සහ භික්ෂූණින් වහන්සේලාගේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදෙන වැඩපිළිවෙළක් සකස් කිරීම සඳහා මහානායක හිමිවරුන්ගේ උපදේශකත්වය යටතේ කමිටුවක් පත්කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. බුද්ධ ශාසන, අධ්‍යාපන, නිවාස ඇමැතිවරුන් සහ තරුණ භික්ෂු සහ තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලිඅංග මහත්වරුන්ගෙන් මෙම කමිටුව සමන්විත වේ.

ඉතිරිය»

ධර්ම දේශනාව:

ජීවිතයෙන් ගත යුතු හරය කුමක්ද?


බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අංගුත්තර නිකායේ තික නිපාතයේ පැහැදිලි කිරීමක්. මේ තාවකාලික නවාතැන් පොළක නවාතැන් ගත් මහා පොළවට පස් වී යන අපේ මේ සිරුරින් ගත යුතු හරය, ඵලය තේරුම් අරගෙන ක්‍රියා කළ යුතු බව දේශනා කළහ. පළමු කාරණය ,දස්සනානුත්තරිය,ඇසෙන දැකිය යුතු දර්ශනයන් බුද්ධිමත්ව දකින්න. ඇති ව තිබෙන රාගයන් ඇති නොවෙන ආකාරයට නැති රාගයන් ඇති නොවන ආකාරයට දෑස පිනවන්න. දඹදිව රජකම් කළ චණ්ඩාශෝක මහරජතුමා කාලිංග යුද්ධයෙන් පසුව ඇවිද රජතුමා වීදිය දෙස බලන විට හිස මුඩු කරගත් සිවුරක් පොරවාගෙන පිටේ පාත්‍රයක් එල්ලා ගෙන සන්සුන් ඉඳුරන් ඇති සත්හැවිරිදි නිග්‍රෝධ පුංචි හාමුදුරුවෝ මහ මඟ වඩින දර්ශනය තුළින් රජතුමාගේ ගත සිත නිවුණා. රාජ මන්දිරයට වැඩම වූ නිග්‍රෝධ පුංචි හාමුදුරුවෝ රජතුමාට පුංචි අනුශාසනාවක් කළා. 'අප්පමාදෝ අමතපදං' යන ගාථාවෙන් කරුණු පහදා දුන්හ. මහරජතුමා ධර්මාශෝක නමින් ප්‍රසිද්ධියට පත් වුනා.

ඉතිරිය»

භාග්‍යවතුන් වහන්සේ මහා සඟරුවන සමඟ කිඹුල්වත්පුර පිඬු සිඟා වැඩීම

 

 දුරුතු අමාවක පෝය

   දුරුතු අමාවක පෝය පෙබරවාරි මස 07 වැනිදා ඉරිදා අපරභාග 10.20 ට ලබයි. 08 වැනි දා සඳුදා අපරභාග 08.08 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි මස 08 වැනිදා සඳුදා ය. මීළඟ පෝය පෙබරවාරි 15 වැනිදා සඳුදා ය.

 මීළඟ පෝය පෙබරවාරි 15 වැනිදා සඳුදා ය. 
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

පෙබරවාරි 08

First Quarterපුර අටවක

පෙබරවාරි 15

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 22

Second Quarterඅව අටවක

මාර්තු 01


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

 

 

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]