UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

භික්ෂු කතිකාවත් පනත ශාසනයේ ඉදිරි ගමනට මහත් පිටු බලයක්

භික්ෂු කතිකාවත් පනත ශාසනයේ ඉදිරි ගමනට මහත් පිටු බලයක්

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ
මහානායක
නාපාන පේමසිරි මහා නා හිමි

ථෙරවාදී භික්ෂු කතිකාවත් පනත් කෙටුම්පත කලක පටන් තෛ‍්‍රනිකායික මහනාහිමිවරු ප්‍රමුඛ කාරක සංඝසහික හිමිවරු රජයෙන් කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් බවත්, එය යම් යම් සංශෝධන සහිතව සම්මත කැර ගැනීම ශාසනයේ ඉදිරිගමනට මහත් පිටුබලයක් වන බවත් ශ්‍රී ලංකාරාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය නාපාන පේමසිරි මහා නාහිමියෝ පවසති.

මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මේ වන විට ගිහි පැවිදි දෙපාර්ශවය තුළ පක්ෂ විපක්ෂ මත ගොඩනැගී තිබෙන බවත් මෙය පුළුල් සංවාදයකට ලක්වීම යහපත් බවත් උන්වහන්සේ පවසති. සංවාදය තුළින් වඩා හොඳ කුමක් ද? යන්න තෝරා බේරාගෙන පොදු එකඟතාවකට පැමිණ මෙම පනත් කෙටුම්පත සම්මත කැරගැනීම කාලීන අවශ්‍යතාවක් බවද මහා නා හිමියෝ පෙන්වා දෙති.

මෙම පනත් කෙටුම්පත සම්මත කැර ගැනීම රජය විසින් භික්ෂූන් වහන්සේ පාලනය කිරීමට ගන් වෑයමයක් ලෙස හුවා දැක්වීමට ඇතැම් පිරිස් ගන්නා උත්සාහය නිවැරදි නොවන බවත්, රජය කළේ මහා සංඝරත්නයේ ඉල්ලීමට කන්දී සඟ සසුනේ ආරක්ෂාව සඳහා ගත යුතු ක්‍රියාමාර්ගවලට නෛනික බලයක් ලබාදීම පමණක් බවත් උන්වහන්සේ කීහ.

වර්තමානයේ භික්ෂු විනයට පටහැනිව කටයුතු කැරන ස්වාමීන් වහන්සේලා සම්බන්ධව තීන්දු තීරණ ගැනීමට මහානාහිමිවරුන්ට හැකියාව ඇතත්, එම තීන්දු ක්‍රියාත්මක කිරීමට යාමේ දී බර පතළ ගැටලු මතුවන බවත් පවසන මහා නාහිමියෝ පනත් කෙටුම් පත සම්මත කැරගෙන ඒ අනුව එක් එක් නිකායන් මඟින් සංඝ කතිකාවත් සකස් කැර නීතිය ක්‍රියාත්මක කිරීම කාලෝචිත අවශ්‍යතාවක් බවද අවධාරණය කළහ.

දැන් සිදුවන්නේ පනත් කෙටුම්පත සැකසීම මිස කතිකාවත් ලියාපදිංචි කිරීම නොවන බවත් ඇතැම් අය මෙය වැරදියට වටහාගෙන නැති ප්‍රශ්න මතු කැරන බවත් උන්වහන්සේ කීහ.

මෙම පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත කිරීම අනිවාර්යයෙන් සිදුකළ යුතු බවට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ විශේෂ අධිකාරී මණ්ඩලය මරදාන ශ්‍රී ලංකා විද්‍යාල මහා විහාරයට පසුගිය 22 දින රැස්ව සාකච්ඡා කැර තීරණය කළ බවද මහා නාහිමියෝ පැවසූහ.

 

 දුරුතු අමාවක පෝය

   දුරුතු අමාවක පෝය පෙබරවාරි මස 07 වැනිදා ඉරිදා අපරභාග 10.20 ට ලබයි. 08 වැනි දා සඳුදා අපරභාග 08.08 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි මස 08 වැනිදා සඳුදා ය. මීළඟ පෝය පෙබරවාරි 15 වැනිදා සඳුදා ය.

 මීළඟ පෝය පෙබරවාරි 15 වැනිදා සඳුදා ය. 
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

පෙබරවාරි 08

First Quarterපුර අටවක

පෙබරවාරි 15

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 22

Second Quarterඅව අටවක

මාර්තු 01


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]