UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ළමා ලොවයි සදහම් සුවයයි

ළමා ලොවයි සදහම් සුවයයි

පියෙකුගෙන් ආදරණීය දුවකට...

තෙරුවන් සරණයි!

ආදරණීය පොඩි දුවේ,

ඔබලාගේ තොරතුරු කෙසේද? දැනගනු කැමැත්තෙමි. වසරක් ගෙවී නව වසරක් උදා වුණා නේද? සාමාන්‍යයෙන් මම හැම නව වසරක් ආරම්භයේ දී, එනම් ජනවාරි පළමුදා යම් අධිෂ්ඨානයක් කර ගන්නවා. මම මෙවර කරගත් අදිටන නම් නිතර නිතර ඔබට ලියන්නටයි. මන්ද? ලෝකය පිළිබඳව විශාල අවබෝධයකින් සිටින මා ඔබට කල්‍යාණ මිත්‍රයකු ලෙස මගේ දැනුම, අවබෝධය තුළින් යහපත් උපදෙස් රැසක් දීමට අපේක්ෂා කරන බැවිනි. එසේ නොකළොත් මා වැරැදිය.

දියණියනි, ලෝකය උඩු යටිකුරු වී ඇති සැටි පුවත්පත්වලිනුත්, රූපවාහිනී වැනි ජනමාධ්‍ය තුළිනුත් ඔබට පෙනෙනවා ඇති. ඒවා පිළිබඳව ලබන අවබෝධය වැදගත් වන්නේ අපට හරිමඟ අවබෝධ කර ගැනීමටයි. ඒ හරිපාරේ ගමන් කිරීමටයි. අපට කැලයේ තිබෙන කටු ගස් කපා කැලය ශුද්ධ කළ නොහැකියි. කැලයේ ගමන් කිරීමට සිදු වී ඇති නිසා කටු නොඇනෙන පාවහන් යුගලක් පැළඳීමට සිතා ගන්න.

ඔබට දරු දෙදෙනෙකු සිටින නිසා ඔවුන්ගේ අධ්‍යාපනය ගැන ඔබ බරපතල ලෙස සිතන බව මම දනිමි. අනිවාර්යයෙන්ම ඔබද දරු දෙදෙනගේ ආධ්‍යාත්මීය සංවර්ධනය ගැන එතරම් නොසලකන බවත්, ඔවුන් ඉහළ තානාන්තරවලට දක්කා අනාගතයේ දී ධනයෙන් ආඪ්‍යය කරන්නට සිහින මවන බවත් මම දනිමි. එය සමාජයේ පවතින රැල්ලයි. ප්‍රවණතාවයයි. ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම බුද්ධිමතා වූ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනුශාසනා හැමවිටම සලකා ඒ අනුව කටයුතු කරනමෙන් මම ඔබගෙන් ආදරයෙන් ඉල්ලා සිටිමි. දරුවන්ගේ අධ්‍යාපනය ගැන උන්වහන්සේ දෙන උපදේශය නම් ‘සියල්ලට පෙර දරුවන් පාපයෙන් මුදවා, යහපතෙහි යොදවන්න’ (පාපං නිවාරෙන්ති – කල්‍යාණෙ නිවාසෙන්ති) යන්නයි. මෙහිදී දරුවන්, බාලයන් නැතහොත් පටු කල්පනාකාරී අඥානයන් ආශ්‍රයෙන් වළක්වා ගත යුතු යි. දරුවන් වැඩෙත්ම ඔවුන් ආශ්‍රයට වැටෙන්නේ කුමන ළමයින් සමඟ ද? ඔවුනගේ සමාජ පසුබිම කුමක්දැයි බරපතල ලෙස සොයා බලා ඔවුන් අමනාප කර නොගෙන ඔවුන්ගෙන් දරුවන් ගලවා ගැනීමට උපායශීලීව කටයුතු කරන්න. ඔබගේ දරුවන් ගුණධර්ම ගරු කරන රත්තරන් දරුවන් බවට පත් කරන්න. ඔබ සැමට වාසනාවන්ත යහපත් නව වසරක් පතමි.


පුද්ගල ඇසුර

නභජෙ පාපකෙ මිත්තෙ
නභජෙ පුරිසාධමෙ
භජෙථ මිත්තෙ කල්‍යාණෙ
භජෙථ පුරිසුත්තමෙ

මෙම ගාථාව සඳහන් වන්නේ ධම්මපදයේ පණ්ඩිත වග්ගයේය. බුදුරජාණන් වහන්සේ මෙය දේශනා කර තිබෙන්නේ ඡන්න තෙරුන් අරභයාය.

මෙම ගාථාවෙහි තේරුම නම්, පාප මිත්‍රයන් හා අධම පුරුෂයන් ඇසුරු නොකළ යුතුය. කල්‍යාණ මිත්‍රයන් හා උත්තම පුරුෂයන් ඇසුරු කිරීම සිදු කළ යුතුය යන්නයි.

මෙහි නිධාන කතාව නම්, ඡන්න තෙරුන් වහන්සේ දිනක් මෙසේ කල්පනා කළහ. බුදුරදුන් මහණ වෙන්නට ආ දවස් කැටිව ආවේය. තමාය. ඒ දවස්වල කිසි කෙනෙකුන් නොවීය.අද සැරියුත් මහ තෙරුන් නම් අපිය. මුගලන් මහ තෙරුන් නම් අපිය, කියා සමහරු ප්‍රසිද්ධව සිටිති. ඡන්න තෙරුන් අගසව් දෙනමට මෙසේ ගර්හා කළේය. බුදුරදුන්ට ඒ බව සැල වී ඡන්න තෙරුන් කැඳවා අවවාද කොට ඡන්නයෙනි! ඡන්නයෙනි අගසව් දෙනම නුඹට කල්‍යාණ මිත්‍රව සිටියි.අගසව් දෙනම නුඹට වඩා ගුණයෙන් උතුම්ය. එබදු කල්‍යාණ මිත්‍රයන්ම ඇසුරු කළ යුතු යැයි අවවාද කොට මෙම ගාථා ධර්මය දේශනා කළ සේක.

මෙහි එන ඉගැන්වීමට අනුව අපි මනා ගුණයහපත්කමින් යුතු හොඳ මිතුරන් ඇසුරු කිරීමට කුඩා කල පටන්ම පුරුදු වෙමු. එය අපගේ අනාගත ජීවිතය මැනවින් සපල වීමට බෙහෙවින්ම හේතු වන්නේය.

තෙරුවන් සරණයි


අම්මා

දස මසක්ම කුස තුළ අපව දැරුව අම්මා
කළ යුතු හොඳ හැම දේවල් කියල දුන්න අම්මා
කුරා කූඹියෙකුට වත් හිංසා නොකළ අම්මා
බුදුන් දෙසූ ගෙදර බුදුන් ඔබ පමණයි අම්මා

නා සෙවණක් සේ අපහට සුවය දුන්නු අම්මා
දුක් දුරු කර සැප සදන්න වෙහෙස දැරුව අම්මා
දුප්පත් කම තුරුළු කරන් අප හැදු වැඩු අම්මා
මෙතේ බුදුන් පාමුල දී නිවන් දකිමි අම්මා


මව් පිය ගුණ

දසමසක් කුස තුළ මා හැදූ අම්මේ
ලේ කිරි කර මාහට පෙවු අම්මේ
ඇති දැඩි කර මා හට ශක්තිය දුන් අම්මේ
මතු සසරෙත් ඔබ වේවායි මගේම බුදු අම්මේ

හදා වඩා කවා පොවා මා දැඩි කළ පියා
රෑ දාවල නොබලා මුදල් සෙව්ව පියා
නිබඳව අප ගැන වෙහෙසෙන මගේ පියා
මතු සසරෙත් ඔබ වේවා මගේ බුදු පියා


වඩිනු ලක් දෙරණ වෙත

මිනිසුන්, තිරිසනුන් සේ
වෙස් රැගෙන උමතු වී
කාම ගිනි දැල් වලින්
දවා ඇත ලක් දෙරණ

පසිඳුරන් පිනවන්න
උගස්වේ බුදු දහම
සියල්ල යටවේද?
ගැතිව රුපියල් වලට

දෑත් නළලෙහි තබා
සිරිපතුල් ළඟ වැටී
සිප සිප වඳින්නම්
මගේ බුදු පියාණෙනි

දුදන දන වෙත මෙතින්
දම් බිඳක් දෙසන්නට
වඩිනු ලක් දෙරණ වෙත
සම්බුද්ධ රජාණෙනි


සුදු කොක් රැළ කෝ?

පෙර පාසල් යන කාලේ
ගුණ නැණ දම් ගැනුමට
දම් අරණ වෙත පියමැන්නේ
එහිදී හොඳ නරක දැනගත්තේ

යාළු මාලු තෝරු ඇසුර ලැබුණේ
රිවිදින උදෑසන
මං මාවත් පිරෙයි
උදෑසන අටට

දම් අරුණ වෙත ඇදෙයි
සුදු කොක් රැළ කඩිමුඩිය
එනමුත් අද මට නං
ඇත මහ ආමෘතයක්

එක දෙක පන්තියේ
මා දැක් කොක් රැළ
නැත රිවිදින උදයේ
නමුත් එදා නොදැකපු

සමහර අය
ඇත මං මාවත් අයිනේ
රතු, කහ, කොළ කමිස
නිල්, කළු, තුන්කාල භාග ඇඳගත්ත

ආයෙ මග බලති
බස්රිය එනතුරු
යන්නට බණ්ඩියගේ කඩමණ්ඩියට
නැණ පහන උරගන්න
ගුණ පිරුණු ලොක්කෙක් වන්න


එන්.පී. කේ. තාරක නිලංජන පේමදාස
තෙප්පනාව – පහළගම , කුරුවිට

 

 දුරුතු අමාවක පෝය

   දුරුතු අමාවක පෝය පෙබරවාරි මස 07 වැනිදා ඉරිදා අපරභාග 10.20 ට ලබයි. 08 වැනි දා සඳුදා අපරභාග 08.08 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි මස 08 වැනිදා සඳුදා ය. මීළඟ පෝය පෙබරවාරි 15 වැනිදා සඳුදා ය.

 මීළඟ පෝය පෙබරවාරි 15 වැනිදා සඳුදා ය. 
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

පෙබරවාරි 08

First Quarterපුර අටවක

පෙබරවාරි 15

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 22

Second Quarterඅව අටවක

මාර්තු 01


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]