UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බොදු පුවත් (ඡායාරූප)
 

සංරක්ෂණය කරන ලද තිස්සමහාරාම ඓතිහාසික සඳගිරි සෑය ජනතාවගේ වන්දනාමාන සඳහා යළි විවෘත කිරීමේ පුණ්‍යෙීත්සවය ඉකුත්දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුකැරිණි.
සංරක්ෂණය කරන ලද සඳගිරි සෑය ස්තූපයෙහි සමරු ඵලකය නිරාවරණය කළ ජනාධිපතිතුමා ඊට ප්‍රථම පුෂ්පෝපහාරය සිදු කළ අවස්ථාව. තිස්සමහාරාම සඳගිරි උභය රජමහා විහාරාධිපති මාතර ,හම්බන්තර දෙපළාතේ ප්‍රධාන සංඝනායක ආචාර්ය දේවාලේගම ධම්මසේන නාහිමියන් බැහැදුටු ජනාධිපතිතුමා උන්වහන්සේගේ සුව දුක් විමසා කෙටි පිළිසඳරක ද නිරත විය.
අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ, නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම්, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂක ජෙනරාල් මහාචාර්ය පි‍්‍රශාන්ත ගුණවර්ධන, හිටපු පුරාවිද්‍යා කොමසාරිස් ආචාර්ය රෝලන්ඩ් ද සිල්වා මහත්වරුන් ඇතුළු පිරිසක් හා ප්‍රදේශවාසී විශාල පිරිසක්ද එම අවස්ථාවට සහභාගි වූහ. සේයරූ සුදත් සිල්වා

තරුණ භික්ෂූන් වහන්සේලා හා භික්ෂුණීන් වහන්සේලා පිරිසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් දා (02)අරලියගහ මන්දිරයේදී හමු වී සාකච්ඡා කළ අවස්ථාව. එම අවස්ථාවට මොණරාගල දිසාවේ ප්‍රධාන සංඝනායක පාරදණ්ඩේ ඉන්දජෝති නාහිමියන් ඇතුළු මහා සංඝරත්නය සහභාගි වූහ.

කොළඹ ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් මහා පෙරහර මෙම මස 21 සහ 22 දිනවල පැවැත්වීමට කටයුතු යොදා ඇත. පසුගිය දිනක ඒ පිළිබඳව මූලික සාකච්ඡාවක් ගංගාරාම විහාරස්ථානයේ දී පැවැති අතර, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී අදහස් දැක්වූ අයුරු. ගල්බොඩ ඤාණිස්සර නාහිමියෝ ද ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන් ඇතුළු මහා සංඝරත්නය එම අවස්ථාවට එක් වූ අයුරු.

දකුණු පළාතේ ඉදිවන විශාලතම හිටි පිළිම වහන්සේ ඇල්පිටිය වතුරුවිල වනවාස සංඝමූලස්ථානයේ ඉදිවෙමින් පවතින අතර එම ඉදිකිරීම් පිළිබඳ සොයා බලන කමිටුවේ සභාපති පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා එම ඉදිකිරීම් කටයුතු සොයා බැලීම සඳහා වනවාස සංඝමූලස්ථානයට ගිය අවස්ථාවේදි ජනමාධ්‍ය අමාත්‍යවරයා වෙත මහ සඟරුවන අනුශාසනා සිදු කළ අයුරු. උපුල්විල සාසනසුමන, ශ්‍රී ඥානානන්ද පරිවේණාධිපති නුවරඑළියේ සුමේධ හිමියන් සහ මෙදේරිපිටියේ හිමියෝද එම අවස්ථාවට එක්වූහ.

 
 

 දුරුතු අමාවක පෝය

   දුරුතු අමාවක පෝය පෙබරවාරි මස 07 වැනිදා ඉරිදා අපරභාග 10.20 ට ලබයි. 08 වැනි දා සඳුදා අපරභාග 08.08 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි මස 08 වැනිදා සඳුදා ය. මීළඟ පෝය පෙබරවාරි 15 වැනිදා සඳුදා ය.

 මීළඟ පෝය පෙබරවාරි 15 වැනිදා සඳුදා ය. 
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

පෙබරවාරි 08

First Quarterපුර අටවක

පෙබරවාරි 15

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 22

Second Quarterඅව අටවක

මාර්තු 01


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]