UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

තරුණ හිමිවරුන්ගේ ප්‍රශ්නවලට විසඳුම් දෙන්න කමිටුවක් - අගමැති රනිල් වික්‍රමසිංහ

තරුණ හිමිවරුන්ගේ ප්‍රශ්නවලට විසඳුම් දෙන්න කමිටුවක් - අගමැති රනිල් වික්‍රමසිංහ

ශාසනයේ මතු අභිවෘද්ධිය සඳහා තරුණ භික්ෂූන් සහ භික්ෂූණින් වහන්සේලාගේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදෙන වැඩපිළිවෙළක් සකස් කිරීම සඳහා මහානායක හිමිවරුන්ගේ උපදේශකත්වය යටතේ කමිටුවක් පත්කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. බුද්ධ ශාසන, අධ්‍යාපන, නිවාස ඇමැතිවරුන් සහ තරුණ භික්ෂු සහ තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලිඅංග මහත්වරුන්ගෙන් මෙම කමිටුව සමන්විත වේ.

අගමැති වික්‍රමසිංහ මහතා මේ අදහස් පළ කළේ තරුණ භික්ෂූන් සහ භික්ෂූණින් වහන්සේලා පිරිසක් අරලියගහ මන්දිරයේදී පසුගිය 02 වැනිදා හමු වී සාකච්ඡා කළ අවස්ථාවේ දීය. සියලුම නිකායන්ට අයත් සංඝයා වහන්සේලා එම අවස්ථාවට සහභාගි වූහ.

මහානායක ස්වාමින් වහන්සේලා විසඳිය යුතු ගැටලු සහ රජය විසින් විසඳිය යුතු ගැටලු වශයෙන් තරුණ භික්ෂූන්ගේ ගැටලු දෙවර්ගක් බවද අගමැතිවරයා කීය. බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමට සහ එහි සංවර්ධනය සඳහා රජයට වගකීමක් පවතින බවද, කී අගමැතිවරයා ශාසනයේ ධර්ම විනය දෙකට මැදිහත්වීමට රජයට නොහැකි බවත්, මහානායක හිමිවරුන්ගේ ඉල්ලීමක් නොමැතිව පාර්ලිමේන්තුවට ඒ සඳහා මැදිහත්වීමට නොහැකි බවත් අගමැතිවරයා කීය. මහානායක හිමිවරුන් විසින් ඉදිරිපත් කළ ථෙරවාදී කතිකාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බවද අගමැතිවරයා කීය.

ධර්ම ප්‍රචාර කටයුතු සඳහා සංඝයා වහන්සේලාගේ භාෂා සහ පරිගණක දැනුම දියුණු කිරීමට පියවර ගන්නා බව කී අගමැතිවරයා විශ්ව විද්‍යාලයට තේරීපත් වන සංඝයා වහන්සේලාට ලැප්ටොප් ලබාදීමට හැකියාව සොයා බලන බවත් පැවසීය.

ශාසන සහ සමාජ අභිවෘද්ධිය සඳහා රජයේ දායකත්වය ලබා ගැනීම සඳහා කරුණු දහයකින් සමන්විත යෝජනා වලියක් අගමැති වික්‍රමසිංහ මහතාට ඉදිරිපත් වූ අතර ඒ කරුණු සම්බන්ධයෙන් අගමැතිවරයාගෙන් ලැබුණේ යහපත් ප්‍රතිචාරයක් බව එම අවස්ථාවට සහභාගි වූ පනාමුරේ චන්ද්‍රානන්ද හිමියෝ පැවසූහ.

භික්ෂූන් සහ භික්ෂුනීන් වහන්සේලාගේ උසස් අධ්‍යාපනය නගා සිටුවීම සඳහා විශ්ව විද්‍යාලවලට බඳවා ගැනීමේ ප්‍රතිශතය ඉහළ දැමීම, විදේශීය ශිෂ්‍යත්ව ලබාදීම, විශ්ව විද්‍යාලයට තේරිපත්වන හිමිවරුන්ට ලැප්ටොප් ලබාදීම නව දැනුම ඉලක්ක කර ගත් පිරිවෙන් අධ්‍යාපනයක් සැකසීම, රජයේ නිවාස ප්‍රතිපත්තිය යටත් නිවාස ඉදිකිරීමේදී සහ ස්වයං රැකියා ණය ලබාදීමේදී භික්ෂූන් සහ භික්ෂුණින් වහන්සේලාගේ පවුල් සඳහා ප්‍රමුඛතාවය ලබාදීම, ධර්ම ප්‍රචාරක කටයුතු සහා විදේශ ගතවීමට අවශ්‍ය රාජ්‍යතාන්ත්‍රික මැදිහත් වීම ලබාදීම, විදේශිය බෞද්ධ විහාරස්ථාන සහ දේශීය විහාරස්ථාන අතර සබඳතා ගොඩ නැගීමට රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම මත භික්ෂූන් වහන්සේලාගෙන් සැදුම් ලත් කමිටුවක් පත්කිරීම, දහම් පාසල් සංවර්ධනය සඳහා වාර්ෂික ප්‍රතිපාදන ඉහළ දැමීම, ගුරු පත්වීම් ලබාදීමේදී බුද්ධ ධර්මය භාෂාව සහ ඉතිහාසය විෂයන් සඳහා භික්ෂූන් සහ භික්ෂූණින් වහන්සේලාට ප්‍රමුඛතාවය ලබාදීම, දුෂ්කර විහාරස්ථාන සඳහා පහසු මිලට ති‍්‍රරෝද රථයක් ලබාදීම සහ එවැනි විහාරවල නඩත්තුව සඳහා මුදල් ප්‍රතිපාදන ලබාදීම, බෞද්ධ පුරාවිද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය සඳහා නිශ්චිත වැඩපිළිවෙළක් සැකසීම, ජාතික සමගිය ඇති කිරීම සඳහා භික්ෂුන් සහ භික්ෂූණින් වහන්සේලා සහභාගි කර ගැනීම, එම යෝජනා වේ.

එම අවස්ථාවට මොණරාගල දිසාවේ ප්‍රධාන සංඝනායක පරදණ්ඩේ ඉන්ද්‍රජෝති හිමි ඇතුළු මහා සංඝරත්නය සහභාගි වූහ.

 

 දුරුතු අමාවක පෝය

   දුරුතු අමාවක පෝය පෙබරවාරි මස 07 වැනිදා ඉරිදා අපරභාග 10.20 ට ලබයි. 08 වැනි දා සඳුදා අපරභාග 08.08 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි මස 08 වැනිදා සඳුදා ය. මීළඟ පෝය පෙබරවාරි 15 වැනිදා සඳුදා ය.

 මීළඟ පෝය පෙබරවාරි 15 වැනිදා සඳුදා ය. 
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

පෙබරවාරි 08

First Quarterපුර අටවක

පෙබරවාරි 15

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 22

Second Quarterඅව අටවක

මාර්තු 01


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]