UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මැදිරිගිරිය තලාකොළවැව ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේදී ඉකුත්දා (3) ජනපති ජන්ම දිනය නිමිත්තෙන් වකුගඩු රෝගීන් සඳහා වන දිනකට වතුර ලීටර් 24000 ක් පෙරණ යන්ත්‍රයක් ජනතා අයිතියට පැවරිණි. මහා සංඝරත්නය විසින් පවත්වන ලද පිරිත් සජ්ඣායනා මධ්‍යයේ එම ජල පවිත්‍ර ඒකකය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන් අතින් විවෘත කෙරුණ අතර පිරිපහදු කළ පැන් මහා සංඝරත්නයට පූජා කිරීමද එහිදී සිදු කෙරිණි.
එම අවස්ථාවට සමගාමීව සිවිල් ආරක්ෂක බළකාය විසින් පිරිනමන ලද රෝද පුටු මැදිරිගිරිය ප්‍රදේශයේ ආබාධිත පුද්ගලයන්ට ප්‍රදානය කිරීමද ජනපති අතින් සිදුවිය. කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ, මෙඩේරිපිටියේ සුමංගල ස්වාමින් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නය සහ ජනතා නියෝජිතයින් රැසක්ද එම අවස්ථාවට සහභාගි වූහ.
(ඡායාරූප – ජනාධිපති මාධ්‍ය අංශය)
 

බුද්ධගයාව බෞද්ධ ආධ්‍යාත්මික නගරයක් කරනවා - ඉන්දීය අගමැති

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝධි මහතා බුද්ධගයාව බෞද්ධාගමික ආධ්‍යාත්මික නගරයක් බවට පත් කරන බව පවසයි. ඒ මහතා ඒ බව පැවසුවේ පසුගියදා (6) බුද්ධගයාවේ පැවති ශ්‍රී ක්‍රිෂ්ණ දෙවියන්ගේ ජයන්ති උත්සවය සමරමිනි.

 

ඉතිරිය»

 

     ‍ නිකිණි අමාවක පෝය 

නිකිණි අමාවක පෝය සැප්තැම්බර් මස 12 වැනිදා සෙනසුරාදා පූර්වභාග 09.43 ට ලබයි. 13 වැනිදා ඉරිදා දිවා 12.11 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 12 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය සැප්තැම්බර් 21 වැනිදා සඳුදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

සැප්තැම්බර් 12

First Quarterපුර අටවක

සැප්තැම්බර් 21

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 27

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 04


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]