ගිරිඋල්ල ශ්‍රී මේධංකරාරාමය 
			
			ගිරිඋල්ල උයන්වත්ත ශ්‍රී මේධංකරාරාම විහාරස්ථ භූමියේ දැනට පද්මාසනය 
			තෙක් වැඩ නිමවා ඇති අසූ අට රියන් සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නෙළීම මේ 
			මස 14 වැනිදා සිදු කෙරේ. කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක 
			මහෝපාධ්‍යය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පින්කම 
			සිදු කෙරෙන බව බුදුරුව සංවර්ධන සමිතිය දන්වා තිබේ. 14 වැනිදා සිට 17 
			වැනිදා දක්වා රාත්‍රී 7 ට ධර්මදේශනා පැවැත්වේ. 14 වැනිදා දොළොස්වල 
			උදිතධීර හිමි, 15 වැනිදා කන්දේගම දීපවංශාලංකාර හිමි, 16 වැනිදා ගන්තුනේ 
			අස්සජි මහා නාහිමි, 17 වැනිදා මොරාවත්තේ සුබෝධි හිමි, 18 වැනිදා 
			රදාවඩුනේ ඤානවිමල හිමියන් දම්දෙසුම් පවත්වනු ලබන අතර දිනපතා සවස 6 ට 
			බෝධි පූජාව පැවැත්වේ.  |