UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුද්ධගයාව බෞද්ධ ආධ්‍යාත්මික නගරයක් කරනවා - ඉන්දීය අගමැති

බුද්ධගයාව බෞද්ධ ආධ්‍යාත්මික නගරයක් කරනවා - ඉන්දීය අගමැති


ඉන්දියාවේ බුද්ධගයාවට පැමිණි ඉන්දීය අගමැතිවරයා වෙත බුද්ධගයා භික්ෂූන් වහන්සේලා විසින් බුදු පිළිමයක් පිරිනමනු ලැබූ අයුරු.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝධි මහතා බුද්ධගයාව බෞද්ධාගමික ආධ්‍යාත්මික නගරයක් බවට පත් කරන බව පවසයි.

ඒ මහතා ඒ බව පැවසුවේ පසුගියදා (6) බුද්ධගයාවේ පැවති ශ්‍රී ක්‍රිෂ්ණ දෙවියන්ගේ ජයන්ති උත්සවය සමරමිනි.

බුද්ධගයාව වැඳ පුදා ගැනීමෙන් අනතුරුව බුද්ධගයාවේ පැවැති හින්දු බෞද්ධ සමුළුවට එක්වෙමින් ඉන්දීය අගමැතිවරයා මේ බව පැවසීය. බුද්ධගයාව සියලු බෞද්ධ-යන්ගේ පූජනීය අගනගරයක් බවට පිළිගන්නා බවත් තමන්ද එයට එකඟ වන බවත් ඉන්දීය අගමැතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

බුද්ධගයාව බෞද්ධ අධ්‍යාත්මික නගරයක් බවට පත්කිරීම තුළින් ලෝකයේ වෙසෙන සියලුම බෞද්ධ ජනතාව සමඟ සම්බන්ධවිය හැකි බවද අගමැතිවරයා අදහස් කර සිටී. ලෝකයේ සිටින සියලුම බෞද්ධ ජනතාවට බුද්ධගයා ආධ්‍යාත්මීය නගරය වැඳ පුදා ගැනීමට පැමිණෙන ලෙසත් ඒ සඳහා අවශ්‍ය සියලුම පහසුකම් සැලසීමට සූදානම් බවත් ඒ මහතා පවසයි. ඉන්දියාවේ සිටි ජවහල්ලාල් නේරු,වජ්පායි වැනි ජ්‍යෙෂ්ඨ නායකයින් අගමැතිධුර හෙබවූ බවත් ඔවුන් ගෙන් පසුව තමන්ටද බුද්ධගයාව වැඳ පුදා ගැනීමට ලැබීම පිළිබඳ තමා ඉමහත් සතුටට පත්වන බවද ඉන්දීය අගමැතිවරයා වැඩිදුරටත් පවසයි.

 

 

 

     ‍ නිකිණි අමාවක පෝය 

නිකිණි අමාවක පෝය සැප්තැම්බර් මස 12 වැනිදා සෙනසුරාදා පූර්වභාග 09.43 ට ලබයි. 13 වැනිදා ඉරිදා දිවා 12.11 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 12 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය සැප්තැම්බර් 21 වැනිදා සඳුදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

සැප්තැම්බර් 12

First Quarterපුර අටවක

සැප්තැම්බර් 21

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 27

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 04


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]