UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම් ප්‍රාදේශීය වැඩ සටහන 13 දා

දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම් ප්‍රාදේශීය වැඩ සටහන 13 දා

2015 දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම් ප්‍රාදේශීය වැඩසටහන මෙම මස 13 වන ඉරිදා රට පුරා පිහිටා ඇති ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩල ලේඛකාධිකාරි හිමිවරුන්ගේ සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංවිධානයෙන් පැවැත්වේ.

විසි එක් ලක්ෂයකට අධික ශිෂ්‍ය පිරිසක් මෙරට දහම් පාසල් 9857 ක අධ්‍යාපනය ලබන අතර පසුගිය වසරට වඩා මෙම වසර තුළ ලක්ෂයකට අධික සිසු පිරිසක් අලුතෙන් දහම්පාසල් වලට ඇතුළත්වී ඇතැයි සමස්ත ලංකා ශාසනා රක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරි ගෝනදූවේ ගුණානන්ද හිමියෝ “බුදුසරණ”ට පැවැසූහ.

2015 දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම් ප්‍රාදේශීය වැඩසටහනෙන් පළමු ස්ථානය ජයගන්නා දහම් පාසල් සිසු දරුවන් ඔක්තෝබර් 25 වනදා දහම් පාසල් සිසු නිපුණතා ඇගයීමේ දිස්ත්‍රික් වැඩසටහනට සුදුසුකම් ලබන බවද උන්වහන්සේ පැවසූහ.

දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම් ප්‍රායෝගික දැනුම 1-2 ශ්‍රේණි සඳහාද 3 ශ්‍රේණියේ සිට දහම් පාසල් අවසාන ශ්‍රේණිය දක්වා දහම් දැනුම, 1-6 ශ්‍රේණිය දක්වා පද්‍ය ගායනා, 7 සිට දහම් පාසල් අවසාන ශ්‍රේණිය දක්වා ගද්‍ය රචනා, කථික පාලි ගාථා, ගායනා, චිත්‍ර ප්‍රාථමික, කනිෂ්ඨ ,ජ්‍යෙෂ්ඨ සහ මව්පිය ගුණ ගී ගායනා 8 ශ්‍රේණියේ සිට දහම් පාසල් අවසාන ශ්‍රේණිය දක්වා වශයෙන් තරග ඉසව් 36 කින් එම සිසු නිපුණතා ඇගයීම් පැවැත්වෙන බවද ගෝනදුවේ ගුණානන්ද හිමියෝ පැවැසූහ.

 

     ‍ නිකිණි අමාවක පෝය 

නිකිණි අමාවක පෝය සැප්තැම්බර් මස 12 වැනිදා සෙනසුරාදා පූර්වභාග 09.43 ට ලබයි. 13 වැනිදා ඉරිදා දිවා 12.11 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 12 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය සැප්තැම්බර් 21 වැනිදා සඳුදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

සැප්තැම්බර් 12

First Quarterපුර අටවක

සැප්තැම්බර් 21

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 27

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 04


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]