‘මිහින්තලා ජන පවුර’ 
			සමාජ සත්කාරය 20 වැනිදා 
			
			මාසිකව පවත්වනු ලබන ‘මිහින්තලා ජන පවුර’ මහා සමාජ සත්කාරක පුණ්‍යකර්මය 
			මේ මස 20 වැනි ඉරිදා පස්වරු 2 ට මිහින්තලේ රජ මහා විහාරාධිපති හා 
			භාරකාර වළවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි මිහින්තලේ 
			රජරට විශ්ව විද්‍යාලය ඉදිරිපිට සාංචි විහාර පරිශ්‍රයේදී සිදු කෙරේ.  
			එහිදී අඩු ආදායම්ලාභී පුද්ගලයන් රැසකට කිහිලිකරු, රෝද පුටු, 
			වෛද්‍යාධාර, වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා මුදල් ආධාර සහ අනෙකුත් 
			ආධාර මෙන්ම පාසල් සිසු සිසුවියන් සඳහා පොත්පත් ලබාදීමට කටයුතු 
			සූදානම්කර ඇති බව විහාරාධිපති වළවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියෝ පැවසුහ.
			  |