[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

පින්බර ඇසළ පුන් පෝ දිනෙක...

ලෝකවාසී පොදු ජනතාව ආගමික වතාවත්වල නිරත වන දිනයක් පමණක් නොව, සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය උදෙසා ඉවහල් වූ ඓතිහාසික සිදුවීම් සමුදායක් සිහිපත් කරන අති උත්තරීතර දිනයකි, ඇසළ පුර පසළොස්වක පොහෝ දිනය. පස් මහ බැලුම් බලා මහාමායා දේවියගේ කුසෙහි සිදුහත් බෝසතාණන් වහන්සේ පිළිසිඳ ගත්තේ ඇසළ පුර පසළොස්වක පොහොය දිනක ය. තව්තිසා දෙව්ලොව සන්තුසිත නම් දිව්‍යරාජයා ව ඉපදී සිටිය දී මනුස්ස ලෝකයට වැඩම කරන ලෙස දිව්‍ය බ්‍රාහ්මණයන් විසින් කරන ලද ආරාධනය පිළිගෙන වැඩම කොට වදාළේ අද වැනි දිනක ය. ලෝක සත්ත්වයා දුකින් මුදා ගැනීමේ පරම අභිලාෂයෙන්, රාජ්‍ය සැපත සහ සසර බැදීම් සියල්ල අතහැර උන්වහන්සේ ගිහිගෙයින් නික්ම ගියේ ද ඇසළ පෝ දා ක ය. එය මහා පරිත්‍යාගයකි. සතර පෙර නිමිති දැක ජීවිතය පිළිබඳ සත්‍ය සෙවීමේ අභිලාෂය ඇති ව සියලු රජ සැප හැර දා ගිය ගමන මහාභිනිෂ්ක්‍රමණය ලෙස හැඳීන් වේ. යශෝධරා දේවියට දරුවකු ලැබුණු බව රාජ පුරුෂයකු පවසන්නේ සිදුහත් කුමරු උයන් කෙළියට ගොස් සිටිය දී ය. මෙම පණිවිඩය ඇසූ විගස ම සිදුහත් කුමරුගේ මුවින් පිට වූයේ “රාහුලෝ ජාතෝ බන්ධනං ජාතං’’ යනුවෙනි. රාහුලයෙක් ඉපදුණා බැම්මක් ඇතිවුණා යනුවෙන් ඒ කළ ප්‍රකාශය නිසා අලුත උපන් කුමරාට රාහුල යන නම තැබීය. “නිබ්බුතා නූන සා මාතා - නිබ්බුතා නූන සෝ පිතා, නිබ්බුතා නූන සා නාරී යස්සායං ඊදිසො පතී” යනුවෙන් කිසාගෝතමිය විසින් නිබ්බුත පද කීවේ ද අද වැනි දිනක ය. බරණැස ඉසිපතනාරාමයේ දී පස්වග මහණුන් උදෙසා ‘ධම්මචක්කප්පවත්තන සූත්‍රය’ දේශනා කිරීමෙන් බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ලොවට හෙළි කළහ. මෙම සිදුවීමත් සමඟ අවිද්‍යාවෙන් අන්ධ ව සිටි සත්ත්වයාට නිර්වාණ මාර්ගය විවර වූ අතර, සම්බුද්ධ ශාසනය ලොව පහළ විය.


ඇසළ පුර පසළොස්වක

ජූලි 28 අඟහරුවාදා අ.භා. 06.19න් පුර පසළොස්වක ලබා 29 බදාදා අ.භා. 08.05න් ගෙවේ.
29 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

‍ජූලි 29

Second Quarterඅව අටවක

‍‍‍අගෝස්තු 06

Full Moonඅමාවක

අගෝස්තු 12

First Quarterපුර අටවක

අගෝස්තු 20 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]