[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

පින් පුරන පින් වැඩෙන වස්සානයේ ඇරඹුමයි

බුද්ධ ශ්‍රාවක යන උත්තම පිරිස කොටස් හතරකට එක්ව භාවිත කරන පොදු ව්‍යවහාරයක්. භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන මේ සිවුවනක් පිරිසට ම බුදුරජාණන් වහන්සේ වරින් වර නොයෙක් පැනවීම් කර තිබෙනවා. බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයෙන් පළමු වස්කාල 20 තුළ උන්වහන්සේ එවැනි කිසි ම නියමයක්, පැනවීමක් කර නැහැ. බුදුරජාණන් වහන්සේ මේ කාලය තුළ සංචාරක වශයෙන් භික්ෂූන් වහන්සේ පිරිවරා ගෙන ඒ ඒ ප්‍රදේශවලට වැඩම කරමින් ජනපද චාරිකාවේ යෙදෙමින් ධර්ම ප්‍රචාරයෙහි යෙදුණා. වැහි කාලය එළැඹෙන කොට උන්වහන්සේ පමණක් වස් සමාදන් වුණා. සෙසු භික්ෂූන් වහන්සේට එවැනි පැනවීමක් සිදු කළේ නැහැ. බුදුරජාණන් වහන්සේ ඉතිරි වස් 25 කාලය සැවැත්නුවර මුල් කර ගෙන ජේතවනාරාමයෙහිත්, පුර්වාරාමයෙහිත් තමන් වහන්සේ ඇසුරු කරමින් සිටින භික්ෂූන් වහන්සේ සමඟ වස් සමාදන් වී කාලය ගත කළා. සෙසු භික්ෂූන් වහන්සේ හා භික්ෂුණීන් වහන්සේ ඒ ඒ ප්‍රදේශවල වස් වසා එය ආරක්ෂා කර ගෙන ක්‍රියා කළා. ඉතින් වස් විසීම කියන මේ වස් සමාදානය අවුරුද්ද තුළ ඕනෑම කාලයක සිදු කරන්නට පුළුවන්කමක් නැහැ. වස් කාලය යනුවෙන් කියැවන්නේ වැසි කාලය යි. ඉතින් ශාසනික ව්‍යවහාරය අනුව සෘතු තුනක් වෙනවා. හේමන්ත (අධික හිම පතනය), ගිම්හාන හෙවත් ග්‍රීෂ්ම හා වස්සාන හෙවත් වර්ෂා කාලය කියලා. බුදුරජාණන් වහන්සේ ප්‍රථම බෝධි සමය හෙවත් බුද්ධත්වයෙන් මුල් වර්ෂ විස්ස තුළ බුද්ධ ශ්‍රාවක පිරිස බහුල නො වූ නිසා බුදුරජාණන් වහන්සේගේ අවවාදයෙන්, අනුශාසනයෙන් ඒ පිරිස හික්මවීමත් පහසු වුණා. ඒ කාලයට අදාළ කර ගත්තේ ඕවාද ප්‍රාතිමෝක්ෂය පමණයි. එය සරල වශනේ මූලික හික්මවීම් ක්‍රමයක් පමණයි. එහෙම වුණත් පසු කාලය වන විට ශ්‍රාවක පිරිස ඉමහත් වන්නට වූ නිසා තමා විනය නීති නියම කළේ. මුල් අවස්ථාවෙහි බුදුරජාණන් වහන්සේ හා උන්වහන්සේ වටා එක් වු භික්ෂූන් වහන්සේ සංචාරක ජීවිතයක් ගෙවමින් ජනපද චාරිකාවේ යෙදෙමින් ධර්ම ප්‍රචාරය කළා.


ඇසළ පුර පසළොස්වක

ජූලි 28 අඟහරුවාදා අ.භා. 06.19න් පුර පසළොස්වක ලබා 29 බදාදා අ.භා. 08.05න් ගෙවේ.
29 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

‍ජූලි 29

Second Quarterඅව අටවක

‍‍‍අගෝස්තු 06

Full Moonඅමාවක

අගෝස්තු 12

First Quarterපුර අටවක

අගෝස්තු 20 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]