[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

උඩුගම ශ්‍රී මහා බෝධිරාජ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි මහ පෙරහර:
ගාල්ල, උඩුගම ශ්‍රී මහා බෝධිරාජ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි මහ පෙරහර පසුගිය 11 වැනි දා රාත්‍රී වීදි සංචාරය කෙරිණි. සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ හිනිදුම් පත්තුවේ ප්‍රධාන සංඝනායක, පංචමහා විහාරාධිපති උඩුගම සමිත හිමිපාණන් එහි මුලසුන හෙබවීය. එහි අවස්ථා කිහිපයක්.

දහම් පාසල් දින ජාතික උත්සවය අගෝස්තු 02 දා කැබිතිගොල්ලෑවේදී

බෞද්ධ දහම් පාසල් 131 වැනි දින ජාතික උත්සවය අගෝස්තු මස 02 වැනි දින අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැබිතිගොල්ලෑවේ දී පැවැත්වීමට කටයුතු කර ඇතැයි බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ගාමිණී සේනාරත්න මහතා පවසයි. මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙලෙස ද කීවේය. “කැබිතිගොල්ලෑව වැනි ප්‍රදේශයක මේ ජාතික වැඩසටහන පැවැත්වීමට බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව සහ සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය එක්ව තීරණයක් ගත්තා. ඉහළ මට්ටමේ දස්කම් දක්වන සිසු සිසුවියන් රැසක් මෙම ප්‍රදේශයේ සිටිනවා. දහම් පාසල් දින ජාතික උත්සවය මෙම දූ දරුවන්ට ජාතික මට්ටමේ අත්දැකීම් අත්කරගෙන ඉදිරි කටයුතු සිදු කිරීමට මහත් රුකුලක්. මෙයින් නව අපේක්ෂා සහ බලාපොරොත්තු ඇතිව ඉදිරි දියුණුව සලසා ගන්නට හැකි වෙනවා. දහම් පාසල් දින වෙනුවෙන් රජයෙන් ලබා දෙන මූල්‍ය ප්‍රතිපාදනවලට අමතරව අනුග්‍රාහක භවතුන් රැසක් මේ සඳහා එක්ව කටයුතු කරනවා.”


ඇසළ පුර පසළොස්වක

ජූලි 28 අඟහරුවාදා අ.භා. 06.19න් පුර පසළොස්වක ලබා 29 බදාදා අ.භා. 08.05න් ගෙවේ.
29 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

‍ජූලි 29

Second Quarterඅව අටවක

‍‍‍අගෝස්තු 06

Full Moonඅමාවක

අගෝස්තු 12

First Quarterපුර අටවක

අගෝස්තු 20 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]