පුරපෑලවිය සඳ - 31 කොටස

සාමණේරයන් වහන්සේ නමකගේ ජීවිතය අලලා ලියැවුණු නවකතාව

පුරපෑලවිය සඳ - 31 කොටස

ඒක ටිකෙන් ටික පුහුණු වෙන්න ඕන දෙයක්. භාවනා කරද්දි ඒ ශක්තිය හොඳීන් ම වැඩෙනවා... “

නන්ද තෙරුන්ගේ සමහර වචන සාමණේරයන්ට බර වැඩි ය. නමුත් පවසන දේ යම් තරමකින් හෝ නම් තේරුම් ගත හැකි ය. 

බෝ මළුවේ පැත්තක සක්මන් කරන්නට හොඳීන් ඉඩකඩ තිබේ.

ප්‍රථමයෙන් ම දෙකකුල් එක තැන තබාගෙන අත් දෙක එකට බැඳ ගත යුතු ය. දෑත් එසේ බැඳගන්නේ අත් එහෙ මෙහෙ සෙළවෙන විට සිත ද ඒ හා නො සන්සුන් වන නිසා ය. 

මුලින් ම දකුණු පය එසවිය යුතු ය. ඔසවද්දී ‘ඔසවනවා... ඔසවනවා..’ යනුවෙන් සිහි කළ යුතු ය. එම ඉරියව්ව හොඳට හිතින්  විඳගත යුතු ය.

එසවූ පාදය ඉදිරියට ගෙන යද්දී ‘ගෙන යනවා... ගෙන යනවා...’ වශයෙන් මෙනෙහි කළ යුතු ය. මනසින් ද හොඳ අවධානයෙන් එය චිත්ත රූප ලෙස ගත යුතු ය.

පියවර බිම තබද්දී ‘තබනවා.... තබනවා...’ යනුවෙන් සිහි කළ යුතු ය. පොළොවේ හැපෙමින් වැලි මත පා ගැටී එබී ගොස් පොළොවේ පිහිටන අයුරු දක්වා ම ඉරියව්ව මෙනෙහි කළ යුතු ය. 

එයින් පසුව අනෙක් කකුල ‘ඔසවනවා ... ඔසවනවා...’  යැයි මෙනෙහි කරමින් ම එසවිය යුතු ය.

එය ද පෙර කී ආකාරය ම ය. එසේ සෙමින් ඇවිදිමින් සිත වෙනතක නො යවා මළුව කෙළවරට ගොස් නතර වී මනසින් මෙනෙහි කරමින් ම ආපසු හැරිය යුතු ය.

එතැන් සිට පටන් ගත් තැන තෙක් නැවත භාවනා කළ යුතු ය. නැවත නැවත ද සිත වෙනතකට යන්නට ඉඩ නොදී සක්මන් ඉරියව්වේ ම සිත තබාගත යුතු ය.

මෙහි දී සිදුකරන්නේ සිත වර්තමානයේ ම පවත්වා ගැනීම යි. මෙය සක්මන් භාවනාව කළ හැකි එක ක්‍රමයකි. අවධානය සහ මතකය පුහුණු කිරීමට මේ ක්‍රමය හොඳම ප්‍රායෝගික අභ්‍යාසයකි. 

සියලු උපදෙස් දුන් තෙරුන් වහන්සේ ආවාසයට වැඩම කළ සේක.

සාමණේරයන් ඒ උපදෙස් අනුව ම සක්මන ආරම්භ කළේ ය. 

බොහෝම පහසු දෙයක් යැයි මුල දී හැඟුණත් දමිතගේ සිත පා ඉරියව්වන්හි පිහිටා සිටින්නේ ම නැති ගාන ය.   සිතට තියෙන්නේ අමුතුම කුලප්පුවකි.   

සමහර විටෙක  ‘ඔසවනවා... ඔසවනවා...’  යැයි සිතද්දී තබා අනෙක ඔසවාත් අවසන් වෙයි. 

තියෙන දැඟලිල්ලට ඉක්මනින් ඉක්මනින් සක්මන් කෙරෙයි. 

තැන්පත් ව සක්මන් කොට සිත එකඟ කරන්නට සිතද්දී වරෙක පිරිවෙනේ වැඩ කටයුත්තක් හෝ හිතට එයි.

විනාඩි විස්සක් පමණ බොහෝම අමාරුවෙන් භාවනා කරන්නට වෙරදැරූ සාමණේරයෝ සක්මන අවසන් කොට ආවාසයට යන්නට පිටත් විය. 

අරමුණේ මනාව නොපිහිටියත් තැන්පත් ව සක්මන් කළ නිසාදෝ සිත ද බොහෝ සෙයින් සන්සුන් ව තිබේ.

නන්ද හාමුදුරුවන්ගෙන් මීට වඩා පහසු භාවනාවක් නැති දැයි අසාගත යුතු ය. සක්මන් භාවනාවත් ඒ තරම් නරක ම නැත. වරද තිබෙන්නෙ දුවපැන හුරු ගතට සන්සුන් ව සක්මන් කරන්නට නුහුරුකම ය.

දහවල් දාන වේලාවත් ආසන්න බැවින් බුද්ධ පූජා භාජන සූදානම් කොට තැබිය යුතු ය. එනිසා දාන ශාලාව පැත්තෙන් යා යුතු ය.

සාමණේරයන් දාන ශාලාවට පිවිසෙද්දී ලොකු ස්වාමින් වහන්සේත්, ධම්මාලංකාර හාමුදුරුවොත් එහි ය. මේසය මත ද, බිම ද ඉඳුල් බත් සී සීකඩය. කුණු දමන බඳුන ද  බිම ඉහිරවා තිබේ. සුදු බබා බොහෝ ම තැන්පත් ව කොස්සක් ගෙන බිම්බලාගෙන ම අතුගායි.

ඇසළ පුර පසළොස්වක

ජූලි 28 අඟහරුවාදා අ.භා. 06.19න් පුර පසළොස්වක ලබා 29 බදාදා අ.භා. 08.05න් ගෙවේ.
29 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

‍ජූලි 29

Second Quarterඅව අටවක

‍‍‍අගෝස්තු 06

Full Moonඅමාවක

අගෝස්තු 12

First Quarterපුර අටවක

අගෝස්තු 20 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]