UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 

අපවත් වී වදාළ, කොටවිල ශ්‍රී දීපානන්ද මහ නාහිමියන්ගේ ගුණසමරුවත්, ආචාර්ය කොටවිල පේමාලෝක නාහිමියන් විසින් ඉංගී‍්‍රසි බසින් රචිත APPEARANCE OF THE TRUTH ග්‍රන්ථය දොරට වැඩීමත්, චීන ජාතික “ගුන් ටියන් ගී” “සිංගප්පූරුවේ රාහුල” යන නමින් පැවිදි කරවීමත්, නිමිති කරගෙන, දෙහිවල විද්‍යාභිවර්ධන පිරිවෙන් විහාරස්ථානයේ දී පසුගියදා උත්සවයක් පවත්වන ලදී. එම උත්සවයේදී, චීන ජාතික ගුන්ටියන් ගී ප්‍රවෘජ්‍යා භූමියට පත් වූ අවස්ථාව. (දකුණේ සිට) දෙහිවල විද්‍යාභිවර්ධන පිරිවෙන් විහාරාධිපති හා සිංගප්පූරුවේ ආලෝක බෞද්ධ මධ්‍යස්ථානාධිපති, ආචාර්ය කොටවිල පේමාලෝක සිංගප්පූරුවේ ප්‍රධාන සංඝනායක නාහිමි, විද්‍යාලංකාර පරිවේණාධිපති, කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, මහෝපාධ්‍යාය අතිපූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමි, සහ අත්තුඩාවේ පියරතන නාහිමියන් ද මෙහි වෙති. ශාස්ත්‍රපති පරපාමුල්ලේ පියතිස්ස හිමියන් විසින් මෙහිදී පිළිගැනීමේ දේශනය පවත්වන ලදී.

අම්බලන්ගොඩ ශ්‍රී සුමංගල මහ නා හිමියෝ අග්ගමහා පණ්ඩිත උපාධියෙන් පිදුම් ලබති

සම්බුදු දහමේ නිර්මලත්වය, චිරස්ථායිතාව හා ව්‍යාප්තිය වෙනුවෙන් සිදුකරනු ලබන මෙහෙය උදෙසා අම්බලන්ගොඩ ශ්‍රී සුමංගල මහා නා හිමියන් වෙත මියන්මාර රජයෙන් අග්ගමහා පණ්ඩිත යන ආගමික පදවි නාමය පිරිනමා තිබේ.

ඉතිරිය»

මැදින් පුර පසළොස්වක පෝය

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 19 වන දා සෙනසුරාදා පූර්ව භාග 03.37 ට ලබයි.
එදිනම අපරභාග 11.41 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම
මාර්තු 19 වන දා සෙනසුරාදාය.

මීළඟ පෝය
මාර්තු 26 වන දා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 19

Second Quarterඅව අටවක

මාර්තු 26

New Moonඅමාවක

අප්‍රේල් 02

First Quarterපුර අටවක

අප්‍රේල් 11

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]