UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 
බුදුසරණ අන්තර්ජාල කලාපය

ශ්‍රී සද්ධානන්ද මහ පිරිවෙනේ දස වස් සැමරුම තෙදිනක්

හාරිස්පත්තුවේ කොණාකලගල ශ්‍රී විජිත මහා විහාරස්ථ ශ්‍රී සද්ධානන්ද මහ පිරිවෙන ආරම්භ කොට වසර 10 ක් සපිරීම නිමිති කරගෙන පුරා තෙදිනක් තුළ සැමරුම් උළෙලක් පැවැත්වීමට එහි කෘත්‍යාධිකාරි මණ්ඩලය කටයුතු යොදා ඇත.

මාදන්වල ශ්‍රී ධර්මෝදය පරිවේණාධ්‍යක්ෂ අපවත් වී වදාළ මහෝපාධ්‍යාය මාදන්වල ශ්‍රී සුමංගල සුමනසාර නාහිමියන්ගේ සුරතින් අත්පොත් තබා ආරම්භ කරන ලද ශ්‍රී සද්ධානන්ද මූලික පිරිවෙන මේ වන විට මහ පිරිවෙනක් බවට පත්ව තිබේ.

කොණාකලගල ශ්‍රී විජිත මහා විහාරාධිපතිව වැඩ විසූ අපවත් වී වදාළ දිවානවත්තේ ශ්‍රී සද්ධානන්ද නාහිමි අනුස්මරණය කරනු වස් මූලික පිරිවෙනක් වශයෙන් ආරම්භ කරන ලද එම පිරිවෙන මහ පිරිවෙනක් වී මධ්‍යම පළාතේ පිරිවෙන් අතරින් කීර්තිධර ප්‍රධාන පිරිවෙනක් බවට පත්ව ඇත. වත්මන් පරිවේණාධ්‍යක්ෂ, ශ්‍රී විජිත මහා විහාරාධිපති, අකුරණ ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි ශාස්ත්‍රවේදී කොණාකලගල උදිත හිමියන්ගේ පරිපාලනය යටතේ මෙම පිරිවෙන උගත් බුද්ධිමත් ගිහි පැවිදි සිසුන් රැසක් බිහි කිරීමෙන් විශාල ප්‍රගතියක් ලබා ඇති බව පෙනේ.

2010 වසරේ සිට ඉහළ සමර්ථතා හිමිකර ගන්නා සිසුන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන විශේෂිත වූ ත්‍යාග ක්‍රමයක්ද ස්ථාපිත කර ඇත. මූලික පිරිවෙන් අවසාන ශ්‍රේණියේ සංස්කෘත විෂය සඳහා පරිවේණාචාර්ය ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත අංකුඹුරේ චන්ද්‍රානන්ද හිමියන් විසින් පිහිට වූ අංකුඹුරේ ශ්‍රී හේමානන්ද නාහිමි අනුස්මරණ ත්‍යාගය, පරිවේණාචාර්ය රාජකීය පණ්ඩිත දඹුල්ලේ සුදේව හිමියන් විසින් පිහිට වූ හපුගොඩ ශ්‍රී සුමණතිස්ස නාහිමි අනුස්මරණ ත්‍යාගය හා පරිවේණාචාර්ය රාජකීය පණ්ඩිත ලිහිණියාගම ධම්මාලෝක හිමියන් විසින් පිහිට වූ උඩගල දෙබොක්කේ ශ්‍රී සීලානන්ද නාහිමි අනුස්මරණ ත්‍යාගය එම ත්‍යාග ක්‍රම වෙති.

මෙවන් සුවිශාල සේවාවක් සලසාලන කොණාකලගල ශ්‍රී විජිත මහා විහාරයට අනුබද්ධ “ ශ්‍රී සද්ධානන්ද මහ පිරිවෙන” දසවස් පූර්ණය මාර්තු මස 23,24,25 යන දිනයන්හිදී අනුස්මරණය කැරේ.

මේ නිමිත්තෙන් පරිවේණාචාර්ය ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත අංකුඹුරේ චන්ද්‍රානන්ද හිමියන් ඇතුළු ආචාර්ය මණ්ඩලය විසින් මෙම තෙදින පුරා මෙම ස්ථානයේදී පිරිවෙන් අධ්‍යාපන ප්‍රදර්ශනයක් හා වැඩසටහන් රැසක්, පවත්වා 25 වැනි දින පස්වරුවේ පිරිවෙනේ ආරම්භක සම්පත් දායකයින්ට මෙන්ම පුරා දවසක් කුසලතා පෙන්වූ ගිහි පැවිදි සිසුන් වෙනුවෙන් උපහාර දැක්වීමට පිරිවෙන් අධ්‍යාපන අධ්‍යක්ෂ ජනරාල් වලස්වැවේ ඥාණරතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් එම සමරු උළෙල සිදු කිරීමට කටයුතු යොදා ඇත.

මැදින් පුර පසළොස්වක පෝය

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 19 වන දා සෙනසුරාදා පූර්ව භාග 03.37 ට ලබයි.
එදිනම අපරභාග 11.41 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම
මාර්තු 19 වන දා සෙනසුරාදාය.

මීළඟ පෝය
මාර්තු 26 වන දා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 19

Second Quarterඅව අටවක

මාර්තු 26

New Moonඅමාවක

අප්‍රේල් 02

First Quarterපුර අටවක

අප්‍රේල් 11

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]