UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 
බුදුසරණ අන්තර්ජාල කලාපය

ශ්‍රී සම්බුද්ධරාජ සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේට මුල්ගල තැබීම මැයි මස 13 වනදා

බුද්ධ ප්‍රතිමාව ඉදි කිරීම වසර ගණනක සිට තිබූ අදහසක්බුද්ධ ප්‍රතිමාව ඉදි කිරීම වසර ගණනක සිට තිබූ අදහසක් - පිලපිටියේ පඤ්ඤාතිස්ස හිමි

2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ ඉදිවන ලොව විශාලතම සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ වන “ශ්‍රී සම්බුද්ධරාජ සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ” වෙත මුල්ගල තැබීම මැයි මස 13 වනදා සිදු කැරේ.

ජාත්‍යන්තර මිත්‍රත්ව අධ්‍යාපනික, සංස්කෘතික හා සමාජසේවා සංගමයේ විධායක ප්‍රධාන ලේකම් පිලපිටියේ පඤ්ඤාතිස්ස හිමියන්ගේ (රත්වත්තේ පොඩි හාමුදුරුවන්) අනුශාසනා පරිදි එම බුද්ධ ප්‍රතිමාවහන්සේ ඉදි කැරේ.

මාතලේ රත්වත්ත පුරාණ රාජ මහා විහාරාධිපති ජාත්‍යන්තර මිත්‍රත්ව අධ්‍යාපනික, සංස්කෘතික හා සමාජ සේවා සංගමයේ විධායක ප්‍රධාන ලේකම් පිලපිටියේ පඤ්ඤාතිස්ස හිමියන් එම බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදිකිරීම පිළිබඳ දැක්වූ අදහස් මෙසේය.

එම ප්‍රතිමා වහන්සේ ඉදිවන ස්ථානය පැහැදිලි කරනවා නම්...

වව්නියාව ‘මහකචිචිකොඩේ’ නන්දිමිත්‍ර සෙනෙවියා උපන් ගමයි. ‘නන්දිමිත්‍ර’ ගුහාව නම් වූ අතීතයේ මහ රහතන් වහන්සේලා වැඩ සිටි ස්ථානයක් පවතී. එය පිහිටා තිබෙන්නේ මහ කළුගල් තලාවකය. වව්නියාවේ සිට කි. මී. 12 ක් පමණ නුදුරින් පිහිටා ඇති නන්දිමිත්‍ර ගුහාව ආශ්‍රිත ප්‍රදේශයේ එම බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදි කිරීමට යෝජිතය. එම ස්ථානය මානුෂික මෙහෙයුමෙන් පසු හඳුනාගෙන තිබෙන අතර වන්නි හමුදා මූලස්ථානයේ බ්‍රිගේඩියර් සුදන්ත රණසිංහ මහතා එම ස්ථානය අප වෙත පෙන්වීමට කටයුතු කළා. ඒ අතීතයේ රහතන් වහන්සේලා වැඩ සිටි පූජනීය ස්ථානයකි.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතාගේ නිරීක්ෂණය යටතේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සරත් මල්දෙණිය මහතාගේ සැලසුමෙන් එය ඉදි කිරීමට කටයුතු යොදා ගෙන යනවා.

එම බුද්ධ ප්‍රතිමා වහන්සේ පමණක් ඉදි කිරීමේ දළ ඇස්තමේන්තුව රුපියල් මිලියන දහසක් පමණ වෙනවා.

බැතිමතුන්ගේ නවාතැන් ආදී පහසුකම් සඳහා විශ්‍රාම ශාලාවක් ද තැනීමටත් අපේක්ෂා කරනවා.

ලෝකයේ උසම සහ විශාලතම එම සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ උසින් අඩි 522 ක් පමණ වෙනවා. (රියන් 348 ක්).

යුද්ධය පැවැති සමයේ දී තමන් වහන්සේ දිනක් දුටු යම් කරුණක් නිසා අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනා කර එම බෝධීන් වහන්සේ වෙත යම් භාරයක් වුනා. එදා සිට මෙසේ බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදකිරීමේ අදහස වසර කීපයක සිට හිතේ තදින් බලපැවැත්වුනා.

ඉතින් මේ වසරේදී එය ආරම්භ කිරීමට හැකිවීම වාසනාවක් ලෙස සලකනවා. බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදිකිරීමට වසර දෙක හමාරක පමණ කාලයක් ගතවන බව අදහස් කරනවා.

ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ සහභාගිත්වයෙන් එම බුද්ධ ප්‍රතිමා වහන්සේට මුල්ගල තැබීම මැයි මස 13 වනදා සිදු කිරීමට නියමිතය.

රට පුරා සිටින බොදු බැතිමතුන් ගේ අනුග්‍රහය ඊට නොඅඩුව ලැබෙන බව විශ්වාසයේ පවතින බවද පිලපිටියේ පඤ්ඤාතිස්ස හිමියෝ පැවසූහ.

ඉදිකිරීමට යෝජිත බුද්ධ ප්‍රතිමා වහන්සේ පිළිබඳ විස්තර අවශ්‍ය වෙතොත් පිලපිටියේ පඤ්ඤාතිස්ස හිමි තැ. පෙ. 2275 කොළඹ යන ලිපිනයට ලිවීමෙන් දැනගත හැකි බවද උන්වහ්නසේ පැවසූහ.

එමෙන්ම පහත සඳහන් වෙබ් සහ ඊමේල් වෙතින් ද අදාළ විස්තර දැන ගතහැකි බවද උන්වහ්නසේ පැවසූහ.

Web : www. ifecsa.lk.
E – mail : ifecsa @ifecsa.lk ifecsacolombo

 

මැදින් පුර පසළොස්වක පෝය

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 19 වන දා සෙනසුරාදා පූර්ව භාග 03.37 ට ලබයි.
එදිනම අපරභාග 11.41 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම
මාර්තු 19 වන දා සෙනසුරාදාය.

මීළඟ පෝය
මාර්තු 26 වන දා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 19

Second Quarterඅව අටවක

මාර්තු 26

New Moonඅමාවක

අප්‍රේල් 02

First Quarterපුර අටවක

අප්‍රේල් 11

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]